Tuesday, June 5, 2012

මට ඔයා ලග හැමදාම ඉන්න වෙන්නේ නැහැ කදුලු සමනලී......

අපි දෙන්නාගේ ආදරය සතුටින් ගලා ගෙන ගියා. කාලය ගෙවිලා යද්දි අනිත් හැමදේම ඔහේ තියෙද්දි අපි දෙන්නා ගොඩාක් සතුටින් හිටියා. ඒ දවස් වල අපිට lectures තිබුනත් නැතත් අපි ආයතනයට යන්න අමතක කලේ නැහැ. හැමදාම යන්න හේතුව වුනේ අපි දෙන්නාට හැමදාම මුණගැහෙන්න තිබුණ උවමනාව නිසයි.

අපි හැමදාමත් උදේ හවස එකට ආවා ගියා. ඒවගෙම සති දෙකකට සැරයක් park එකට ගිහින් ඔහේ කියව කියව ඉන්න අපි පුරුදු වුනා. ඔහොම ගිය හැමදාම සිහින සමනලයා කලේ කදුලු සමනලී හුළගේ ගහගෙන යයි වගේ ගොඩාක් තදින් ඇගට තුරුල් කරන් උන්නු එකයි. ඔහොම ඉන්දැද්දි කදුලු සමනලීගේ දෙතොල් සිප ගන්නත් අමතක කලේ නැහැ.

දෙදෙනාටම හොරෙන් කාලය ගෙවිලා යද්දි අපි දෙන්නාගේ ආදරයට මාස හයක් විතර වුනා. එ වෙද්දි අපි දෙන්නා අතර ගොඩාක් ලොකු බැදීමක් ඇති වෙලා තිබුනා. ඒත් නිසල්ගේ කලින් තිබුන සම්බන්ධය නවත්තන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඒකට හේතුව කියන්න මම දන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේදි එක දවසක් ඒ girl මට call කල. අන්තිමේදි නිසල්ට සිද්ද වුනා අපි දෙදෙනාගෙන් කෙනෙක් තොරගන්න.

එදා උදෙන්ම අපේ ගෙදරට ලැබුනේ අසුභ ආරන්චියක්. ඒ තමා අපේ අත්තම්මා නැති වුනා කියලා. අපේ අම්මලා උදෙන්ම යන්න ලැස්ති වුනත් මට අනිවාර්‍යයෙන්ම ආයතනයට යන්න ඔනේ වුනා. මට lectures යනවාට වඩා උවමනා වුනේ නිසල් මුණ ගැහිලා එයාගේ තීරණය මොකක්ද කියලා දැනගන්න.

කොහොම හරි එදා මම ගෙදරින් බැනුම් අහගෙනම station එකට අවා. මම එද්දි පරක්කු වුන නිසා නිසල් කලින් train එකෙක්න් බැහැලා මම එනකම් බලන් හිටියා. අපි දෙන්නත් එක්ක වෙන train එකක ගියා. ඒ යන අතරේදි නිසල් එයාගේ තීරණය කීවා. කාවින්දිට ඒ තීරණය දරාගන්න ගොඩාක් අමරු වුනත් එයාට කවදාහරි වෙන්නේ එ දේ තමා කියලා දැනගෙන හිටියා. නිසල් තීරණය කරලා තිබුනේ එයාගේ කලින් girl එක්ක අයෙම සම්බන්ධය තියාගන්නවා කාවින්දිට එයා කැමති වෙන කෙනෙක් ජීවිතේට ලැබෙයි කියලා.

නිසල් එයාගේ තීරණය කිවාම කාවින්දි ගොඩක් දුක් වුනා. එයා ඉන්නේ සෙනග ඉන්න තැනක කියන එකත් අමතක වෙලා ගිහින් ඇස් දෙකෙන් කදුලු වැල් බේරෙන්න ගත්තා. නිසල් ඇගේ ඉන වටේ අතදාලා එයාගේ ඇගට හේත්තු කරගෙන කදුලු සමනලීව සනසන්න හැදුවා.

“අනේ කවින්දි අඩන්න එපා මම ගොඩක් අසරණයි මට එයාව අතරින්න බැරි හේතුවක් තියෙනවා”

“මට දුකයි නිසල් ඒත් ඔයා එයාව අතරින්න එපා මම එහෙම කියන්නේ නැහැ”
“එහෙනම් හොද ළමයා වගේ දැන් අඩන්නේ නැතිව ඉන්න ඔයා අඩනවා බලන් ඉන්න බැහැ මට”
“මම අඩන්නේ නැහැ. ඒත් මට ගොඩාක් දුකයි නිසල් මම ඔයාට ගොඩාක් ආදරෙයි මට අමතක වුනා කවදාහරි ඔයාගෙන් වෙන් වෙන්න වෙනවා කියලා.”

“අනේ කදුලු සමනලී මමයි වැරැද්ද කලේ මට තිබුනා ඔයාට ලං වෙන්නේ නැතිව ඉන්න”
“නැහැ නිසල් ඔයා වැරදි නැහැ. මට හිත හදා ගන්න පුලුවන් කොහොම හරි. අද මම ගෙදර ගියාම අයෙමත් නැවිත් ඉන්නම්. එතකොට මේ හැමැදෙම විසදෙයි. අද දවස අපි දරාගමු. හෙටින් පස්සේ මම කොහොම හරි ජීවත් වෙන්නම්”
“කාවින්දි ඔය හිතනවද ඔයා ඔහොම දුකින් ඉද්දි මට සතුටින් ඉන්න පුලුවන් කියල. මට ඔයාව ඔනේ මගේ රත්තරන්. ඒත් මට කරන්න්න දෙයක් නැහැ”

නිසල් කාවින්දි තවත් තුරුල් කර ගනිමින් කිවා. කාවින්දි ගොඩාක් අමාරුවෙන් කදුලු නතර කරගත්තේ වට පිටේ මිනිස්සු අමුතුවට බලන්න පටන් ගත්ත නිසා. කොහොම හරි දෙන්නා කොටුව ස්ටටිඔන් එකටත් ඇවිත්. අපි දෙන්න එතනින් බැහැලා ආයතනයට යන්න බස් එකට නැග්ගා. බස් එකට නැගලා කෙලවරේ ශේට් එකක ඉදගත්ත කදුලු සමනලී බැග් එක උඩ හිස තියාන හොදටම අඩන්න ගත්තා. සිහින සමනලයාටත් කරන්න පුලුවන් වුන එකම දේ ඇගේ හිස අතගාන එක විතරයි. ඇය අඩනවා බලන් ඉන්න බැරි වුනත් අඩන්න එපා කියන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඇයට අඩලා හරි හිත සැහැල්ලු කරගන්න ඉඩ දීලා ඇගේ හිස අතගාමින් වුන්නා බහින තැන වෙනකම්ම.

එදා ආයතනයට ගිහින් වුනත් කාවින්දි වෙනදා වගේ හිනාවෙලා වුන්නේ නැහැ. නිසල් කාවින්දිට කන්න බල කලත් ඇය කැමත් ප්‍රතික්ශේප කලා. ඇගේ මිතුරියන්ද ඇයට කන්න බල කලත් ඇය කදුලු පුරවාගෙන බලන් හිටියා ඇර වෙන කිසිම වෙනසක් දැක්වුවේ නැහැ. නිසල්ට දරාගන්න බැරි තරම් දුකයි.

එදා කාවින්දි එයාගේ යාලුවන් එක්ක project එකට field study කරන්න යන්න දාගෙන තිබුන නිසා එයාල යන්න පිටත් වුනා. ඇය යන දිහා සිහින සමනලයා කදුලු පුරවාගෙන බලන් වුන්නා.

කදුලු සමනලීට යන ගමනේදි වුනත් මතක් වුනේම සිහින සමනලයාව. ඇය ඇගේ මිතුරියට වුන හැමදෙම කිවා. ඇය කාවින්දිව සනසන්න උත්සාහ කලත් ඇයටත් ඇගේ හිත හදන්න බැරි වුනා. කාවින්දි දක්ෂ වුනත් එදා ගිහින් ඇය හැසිරුනේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් ගානට. ඇගේ මිතුරියන්ටත් එය දරාගන්න බැරි දුකක් වුනා.

අවසානයේදි එදාට නියමිත meeting එක ඉවර වෙලා සියලුදෙනාම ආපසු යන්න ආවා. කදුලු සමනලී නුවර යන බස් නතර කරන තැන දැනගෙන හිටියේ නැහැ. සිහින සමනලයා මේ ගැන දැනගෙන වුන්නා. ඒ නිසා ඇගේ හොදම යෙහෙලියට ඇයව බස් එකට නග්ගන්න කියන්න නිසල් අමතක කලේ නැහැ.

එදා කදුලු සමනලී කදුලු පුරවාගෙන ගෙදර ගියා. කෙලින්ම යන්න වුනේ අත්තම්මාගේ ගෙදරට. ඇය එහි යද්දි අත්තම්මාගේ දේහය ගෙනවිත් තිබුනා. ඇයට ඒ ගැන එතරම් හැගීමක් තිබුනේ නැහැ. එයට හේතුව වුනේ මම අත්තම්මාව දැනගත්තේ මම පාසලේ 3 වසරටත් ආවාට පස්සේ නිසා. අන්තිමෙ එදා අම්මා එහේ නතර වුනා. අක්කලා එක්ක මම ගෙදර ආවා. මම ගෙදර ආවට පස්සේ නිසල් කතා කලා. එයා කතා කලේ ගොඩාක් දුකින්. එයා කතා කරන එක හිත රිදවනවා වුනත් කතා කරන්න එපා කියන්න පුලුවන් කමක් මට තිබුනේ නැහැ.

අපි අයෙමත් කොලඹ ආවේ අත්තම්මාගේ හත් දවසේ දානෙත් ඉවර වෙලා. ඒ හිටපු සතිය පුරාවටම නිසල් මට කතා කරන්න අමතක කලේ නැහැ. එයාට ආයෙමත් මාව ඔනේ වුනා. ඒත් මම මගේ හිතට සැලෙන්න දෙන්නේ නැතිව ඉන්න උත්සාහ කලා. කොහොම හරි අපි අයෙමත් ආවා. සුපුරුදු පරිදි මම ආයතනයට ගියා. නිසල්ව මග අරින්න උත්සාහ කලත් එයා ඒකට මට ඉඩ දුන්නේ නැහැ.

ආයෙමත් සිහින සමනලයා කදුලු සමනලීට ලන් වුනා. සිහින සමනලයා කදුලු සමනලීගෙන් ඇහුවා එයාව නැතිව ඉන්න පුලුවන්ද කියලා. කදුලු සමනලී ඇත්තම කිවා ඇය ඒ දේ කරන්න අමාරුයි කියලා. අන්තිමේදි අපි දෙන්නා වෙන දෙයක් වෙන්න කියලා ආයෙමත් ආදරෙන් වුන්නා. ඒත් කොයි තරම් කාලෙකටද කියල දෙන්නාම දැනගෙන උන්නේ නැහැ.