Monday, March 31, 2014

අසම්මත ප්‍රේමය .......

මා හද පිළිසිදගත් .......
ප්‍රේමයේ .... යුක්තානුව ......
නුඹ ...........
මුළු ලොවට මෙන්ම .....
ඔහුට ද ......
අසම්මතයකි ........
ඉදින් .... මා කුමක් කරම් ද .....
ප්‍රේමය .....
නුඹව ..... ගබ්සා කරනු මිස ......

නැත ......
තලා පෙලන්නේ  ......
මා නුඹව .....
රැකගනිමි ..... මා
මුළු ලොවට හොර රහසේ .......
මා හද තුල සඟවාලා ........
ප්‍රේමය ......
නුඹ ..... දෙපයින් නැගී සිටින තුරු ......

Friday, March 28, 2014

ජිවිතය ......

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් මේ පැත්තේ ආවේ ඇයි කියන්න මම දන්නෙත් නැහැ. ආයෙමත් දුක එපා කියලා මේ මොහොතේ ජීවත් වුනා හීන මවන්නෙ නැතිව. ඒත් අනේ මන්දා....

මගේ වටේ ඉන්න හැමදෙනාම හැම වෙලේම කියන්නෙ මොන දේ වුනත් කලින් ආත්මෙක කරපු දෙයකට තමා එහෙම වෙන්නේ කියලා. මටත් එහෙම වෙන්න ඇති හැමදේකින්ම දුකක් විතරක් ඉතිරි වෙන්නේ. පහුගිය ආත්මෙක මමත් කාටහරි කෙනෙක්ට ලොකු දුකක් දෙන්න ඇති ගණන් ගන්නේ නැතිව ඉදලා. ඒ නිසාම මේ ආත්මෙදි අනිත් අය මාව ගණන් ගන්නේ නැතිව ඇති.

මට තේරෙන්නේ නැහැ. කොයිතරම් හිතුවත් හීන මවන්නේ නැහැ කියලා. පුංචි වෙලාවක් නිදහසේ ඉන්නවා වුනත් හිත දගලන්නේ හීන මවන්න. අගක් මුලක් නැති හීන. ඒ හීන වලට මම ආසයි. ඒත් ඒවා හැබෑවෙන්නේ නැහැ කියලා දැනුනාම හිතට මහ ගොඩක් දුකයි.

වෙලාවකට හිතෙනවා ප්‍රාතිහාර්යයක්වත් වෙලා මගේ එකම එක හීනයක් හරි හැබෑ වෙනවා නම් කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියන එක මම හොඳටම දන්නවානේ. එහෙම වෙනවානම් මම ප්‍රාර්ථනා කල තරමට එයා මගේ වෙලා. ප්‍රාර්ථනා ගැන මට තවත් බලාපොරොත්තු නැහැ.

ජිවිතේ වල පල්ලටම වැටිලා හිටි මාව ගොඩට ගන්න අත දීපු මගේ හොඳම යාළුවා ඔයාත් වෙලාවකට මාව ඒ වලට ආයෙමත් තල්ලු කරනවා වගේ හැගීමක් දැනෙනවා. මන්දා මම වැරදි ඇති ඔයාගේ ඒ යාළුකම හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවාට. ඒත් පාළු වුන මගේ හිතට දැනෙන තනිකම මහ ගොඩයි.

ලෝකයට බයේ හිතට දෙනෙන තීරණය නොගෙන ඉන්න එක මහ මෝඩ කමක් විදිහට දැනෙනවා. ඊටත් වඩා එහෙම ඉන්න බැරි වේවි කියලා මගේ හිතම මට කියනවා. ගෙදර අයගේ තීරණයට හිස නමලා ජීවිතයම දුක් විදින්න හිත හදාගන්නේ කොහොමද මම. එයාගේ ගෙදර අයගේ තීරණය නිසා මගේ ජීවිතය සුළි සුළඟට හසු වුනා. මට තීරණයක් ගන්න බැහැ මම මොකද කරන්නේ කියන එක.

අද මානසික පීඩනය ගැන කියෙව්ව ලිපියෙන් මම තහවුරු කරගත්තා ඇත්තටම මේ ප්‍රශ්ණ නිසා මාත් මානසික පීඩනයකින් නේද ඉන්නේ කියන එක. ඒත් ඒකට විසඳුමක් කොහෙන් හොයන්නද? විසඳුමක් නැති නිසාම මම අකමැතිම දේ මගෙ හොඳම යාළුවා ඔයා එපා කියපුම දේ මම කලා. දුක මෙහෙම ලියන්න මම ආවා මගේ බ්ලොග් එක පැත්තේ.

වෙලාවකට හිතෙනවා දැන් ඇඬුවා ඇති කියලා. අවුරුදු තුනක් විතරම දැන් මම ඇඬුවා. තවත් බැහැ. මට හරි වෙහෙසයි. අද උදේ මගේ යාළුවෙක් අහනවා ඇයි මූණත් එක්ක අමුතු වෙලා කියලා. මම කියන්නෙ කොහොමද ඇයි කියලා. මට දෙන්න උත්තර නැහැ. නිදාගන්න ඇඳට යද්දි හිතෙනවා හෙට උදේට මට ඇහැරෙන්නේ නැතිනම් කියලා. හෙට දවසට මම ඒ තරමට බයයි....

හීන මගේ පුංචි හිතේ තියන කප්පරක් හීන වලින් එකම එකක් හරි හැබෑ වෙනවා නම්..... හිනැහෙන්නම් මුළු ජිවීතය පුරාවට හැම දුකක්ම හිත දරා ....