Tuesday, August 5, 2014

කඳුළු බර වැඩිද නුඹේ දෑසට .....

පහුගිය දවස්වල මම ගොඩක් දුකින් ඉද්දි මගේ ලගින් ඉදන් මට ගොඩක්ම උපදෙස් දුන්නු මගේ හොඳම යාළුවා අද ගොඩක් දුකින්. එයා ගැන කියන්න බැහැ මට කා එක්කවත්. ඒත් මට දුක මට හිත හදාගන්න ගොඩක් උදව් කල මගේ යාළුවත් මා වගේම ගොඩක් දුක් විදිනවා....

අද එයාගේ පරණ ප්‍රේමය එයාට SMS එකක් එවලා එයා මලත් කමක් නැහැ කියලා. මට හිතාගන්න බැහැ අපි මේ තරම් පණ දීලා පෙම් කරන අය අපිට මෙහෙම කියන්නේ ඇයි කියලා. එයාලා හිතනවා ඇති අපිට පිස්සු කියලා අපි එයාලා කරන හැම වැරැද්දටම සමාව දීලා පණටත් වඩා ආදරේ කරද්දි.

මම දැක්කා හොඳින්ම මම වගේම මගේ යාළුවත් මහ මෝඩ විදිහට පණ දීගෙන ආදරේ කරනවා. ඒත් එයාට ලැබුණ දේ තමා රැවටීමයි විරහවයි. අපි ආදරේ කරන අයට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනේ මන්දා.

අද මා වගේම මගේ යළුවත් පිරිමියෙක් නිසා හොඳටම අඬනවා. එයාගේ හිත හදන්න කියන්න ඕනේ මොනවාද කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නවා මගේ ආදරේ වගේම එයාගේ ආදරෙත් කිසි වටිනාකමක් ඒ පුද්ගලයාට නැහැ කියලා. ඒ ඇත්ත මම තේරුම් ගත්තා කාලයත් එක්ක. ඒත් මගේ යාළුවාට තවමත් ඒ ඇත්ත තේරුම් අරන් හිත හදාගන්න පුළුවන් තැනට ඇවිත් නැහැ. වෙලාවකට මට හිතෙනවා එයාත් එක්ක මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න. ඒත් එහෙම කරන්නේ කොහොමද? මට බැහැ මගේ හොඳම යාළුවාව ගැටළුවකට මැදි කරන්න.

මගේ හයියට හිටි ඒ ඇස් දෙක අඬද්දි මට හිතාගන්න බැහැ. ඒ තරමකටම මගේ හිත රිදෙනවා. මට නැගිටින්න දිගු කරපු ඒ අත තදින් අල්ලගෙන එයා එක්ක අඬනවා හැර එයාට තරම් මගේ හිත හයිය නැහැ.

මට තේරෙනවා එයාට දැනෙන දුක තමන් ගොඩක් ආදරේ කරන කෙනා මට ඔයාව එපා කියලා ප්‍රතික්ෂේප කරද්දි දැනෙන දුක වේදනාව. ඒක දරාගන්න මහ හුඟක් අමාරු හැගීමක්. මට ඒ දුක දැනෙද්දි මම හිතුවේ හතුරෙක්ටවත් මේ තරම් දුකක් දැනෙන්න එපා කියලා. ඒත් මගේ හොඳම යාළුවා එහෙම අඬද්දි මම කොහොමද හිත හදාගන්නේ එයාගේ හිත හදන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ.

මට කරන්න පුළුවන් දේ මම වචනයෙන් කරනවා. ඒත් මම දන්නවා හොඳටම ඒ දුක අඩු කරන්න මට ගොඩක් අමාරුයි. ඒත් හිත හයිය කරන් හිත හදාගන්න උදව් කරන්න මට පුළුවන්. මා කඳුළු හංගගත්තා වගේම එයාටත් කඳුළු හංගගන්න උදව් කරනවා.

එකම තත්වේ ඉන්න අපි දෙන්නා ගොඩක් අසරණ වෙලාවකදි මේ වගේ තවත් අසරණ කරන්න තරම් අපි ආදරේ කළ දෙන්නාම නපුරු වුනා කියලා හිතන්නත් මට බැහැ. එයාලාට කවදාවත් දුකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න මට වගේම මගේ යාළුවාටත් පුළුවන්. ඒ අපි එයාලාට මුළු හදින්ම අවංකව ආදරය කල නිසයි. එයාලාට නොදැනුනත් අපි ආදරේ කලා.

මට හිතෙන්නේ තවත්නම් මා වගේ කෙල්ලෙක්ට මේ වගේ දුකක් වෙන්න එපා කියලා. මට දරාගන්න බැරි වුන මේ දුක මගේ යාළුවත් මටත් නොකියා ගොඩක් දවස් දරාගෙන ඉදලා තියෙනවා. ඒත් දරාගන්න බැරි වුන තැන එයා මට කීවා. අපිට දරාගන්න බැරිව අපි අඬනවා වගේම තව කීදෙනෙක් මෙහෙම අඬනවා ඇතිද....

ඔයාලත් තමන්ගේ කෙල්ල දැනුවත්ව හෝ නොදැනුවත්ව රිදවනවා නම් අදින් පසුවත් එහෙම කරන්න එප. කෙල්ලන්ට ඒ තරම් දුක් කන්දරාවක් දරාගන්න බැහැ. ඒ හිත් හරි අහිංසකයි. පිස්සුවෙන් වගේ ඔයාලාට අවංකව ආදරේ කරන හිත් තලලා පොඩි කරලා දාන්න එපා... ඒක හරි පව්.......

Sunday, June 1, 2014

නුඹට .... සුභ උපන් දිනයක් වේවා .....






කඳුළු එක්ක පටන් ගත්ත මගේ බ්ලොග් එකට දන්නෙම නැතිව අවුරුදු දෙකක් වෙලා... අදට අවුරුදු දෙකයි දවස් දහයයි. දන්නෙම නැතිව මම අවුරුදු දෙකක්ම අඬලා..... දුක පිට කරගන්න විදිහක් නැතිව පටන් ගත්ත මේ බ්ලොග් එක නිසාම ගොඩක් දෙනෙක් අඳුරගත්තා. ඒ වගේම එයාලා මට හිතවත් විදිහට උපදෙස් දුන්නා. තවත් සමහර අය තැන තැන මාව විවේචනය කලා. ඒ හැම දේම මට ජීවිතේට අළුත් දෙයක් කියා දුන්නා.

ටික දවසකට විතරක් ලියලා නතර කරනවා කියලා හිතන් හිටි මගේ කඳුළු කතාව අවුරුදු දෙකක්ම ලිව්වා. ජීවිතේට දැන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් කඳුළු එක්ක තිබුන මගේ ආදරය නැතිම වෙලා ගියා. මගේ දුක බලන්න ටික දවසකට මගේ ලඟින් හිටි යාළුවාට ගොඩක් පින්. එයාට තවත් කරදර කරන්න බැහැ.

මට තවදුරටත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. පුළුවන් ඉක්මනට මැරෙන්න හේතු වෙන දේවල් එක්කම මේ ටික දවසත් කඳුළු එක්ක ජීවත් වෙනවා. හිත ආසයි හිනාවෙන්න. ඒත් හිනාවෙන්න හේතුවෙන කිසිම දෙයක් මගේ ජිවිතේට ලැබෙන්නේ නැහැ.

ජීවිතේ තිබුණ හීන හැම එකක්ම එයාගේ අම්මා නිසා නැතිවුනා. එයා යන්නම යන්න ගියා මගෙන්. ආයෙ කවදාවත් මගේ ජීවිතේට සතුට හීන අරන් කෙනෙක් එන්නේ නැහැ.

අවුරුදු දෙකක් මගේ කඳුළු දරන් හිටි මගේ බ්ලොග් එකට මමම සුභ උපන්දිනයක් කියාගන්නවා.
තව ටික දවසකින් හැමදේටම ආයුබෝවන් කියලා මම අයෙමත් නොඑන්නම යන ගමන යනවා. එතකම් පුළුවන් හැමදවසකම මගේ හීන ලියලා තියනවා කාටවත්ම කියන්න බැරිවුන.

ඔයාලත් කඳුළු සමනලීට සුභ උපන්දිනයක් කියන්න. දින දහයක් පරක්කු වුනාට කමක් නැහැ.

Saturday, May 17, 2014

හිත සහ මතකය ........

හිත : මතකය, ඇයි ඔයා හැමවෙලේම පරණ දේවල් මතක් කර කර මට දුක් දෙන්නේ ....

මතකය : හිත, එතකොට ඔයා මට කියන්නේ පරණ හැම දෙයක්ම අමතක කරන්න කියලාද?

හිත : අනේ ඔව්.... ඔය පරණ දේවල් මතක තියාගන්න එකෙන් ඔයාට වැඩක් නැහැනෙ. අනික ඔයා හැම වෙලේම ඒ දේවල් මතක් කර කර මාව රිදවන එකමනෙ කරන්නේ...

මතකය : මම කොහොමද එහෙම හැමදේම අමතක කරන්නෙ. එතකොට ඔයාටවත් මටවත් කිසි දෙයක් කරගන්න බැරි වේවි. අපිට අපි කවුද දන්නෙත් නැති වේවි....

හිත : මතකය, ඔයා හැමදේම අමතක නොකර මාව රිදවන මතකයන් විතරක්වත් අමතක කරන්න...

මතකය : හිත ඔයා ඔය අමතක කරන්න කියන්නේ එක්කෙනෙක් ගැන තියන මතකයන් නේ.... ඒත් ඒක කරන්නේ කොහොමද....

හිත : ඇයි මතකය ඔයා ඔය තරම් නපුරු.... ඇයි බැහැ කියන්නේ

මතකය : මම ඒ මතකයන් අමතක කලාම ජීවිතේ අවුරුදු ගානක්ම හිස් .... මොකද ඒ ගැන කියන්නේ ඔයා ....

හිත : මතකය, ඇයි ඔය තමට මාව රිදවන්නේ.... යන්න මගෙන් ඈතටම යන්න. එන්න එපා අයෙමත් මගේ ලඟකටවත් ඔයා හරිම නපුරුයි....

මතකය : හිත ඔයාට රිදුනත් මම කිවේ ඇත්ත... මට ඒ මතකයන් අමතක කරන්න බැහැ. ඔයාට රිදුනත් ඔයා ඉන්නෙත් ඒ මතකයන් නිසාමයි.... ඇත්ත තේරුම් ගන්න

හිත : මතකය මොකක්ද ඇත්ත.... ඔයා පරණ දේවල් මතක් කරන වෙලාවට මට මාව රිදවගන්න ඕනෙ කියන එකද

මතකය : හිත ඔයා තේරුම් ගන්න ඒ මතකයන් අමතක කරන්න මට බැහැ. ඒ දේවල් වලට ඔයා රිදෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න.


හිත : හැමදේටම වරදකාරි මමයි... මතකය ඔයා කියන්නෙත් රිදෙන එක මගේ වැරැද්ද කියලා.. ජීවිතය කියන්නෙත් එයාව අවුල් වුනේ මා නිසා කියලා ඇයි ඔයාලා මටම බනින්නේ .... මම යනවා යන්න කොහේ හරි ....

මතකය : හිත, ඔයා අඬන්න එපා. වැරැද්ද ඔයාගේ විතරක් නෙවේ. අපි හැමෝම එකතු වෙලායි කරන්නේ. යන්න එපා කොහෙවත් අපිව දාලා ........

Tuesday, May 6, 2014

පිස්සුද කියලත් හිතෙනවා .......

හිතට දුකයි දරාගන්න බැරි තරමට.. ඒත් මම තාමත් දුක දරන් ඉන්නවා කාටවත් නොපෙනෙන්න. අද කීප දෙනෙක්ම මට කීවා මම මේ දවස් වල හිනා වෙලාම ඉන්නවා කියලා මම ගොඩක් සතුටින් මේ දවස් වල ඉන්නවා කියලා. ඒත් ඒ කවුරුත් දන්නේ නැහැ මම ඒ තරම් හිනාවෙන්නේ මගේ දුක හංගගන්න කියලා. අඬන්න බරි කමට මම හිනා වෙනවා. හැමෝම ඉස්සරහා අඬලා අනිත් අයගෙ අනුකම්පාවට ලක්වෙන්න මම කැමති නැහැ. මම හිනා වෙලා ඉන්නවා කීවට ආයෙ කවදාවත්ම ඇත්තටම හදවතින්ම සතුටට හිනාවෙන්න ලැබෙන්නේ නැති වේවි. .

ගිය සති දෙකේ වැඩ ගොඩක් වැඩි නිසා මට නියපොතු කපන්න බැරි වුනා. මම අපේ ඔෆිස් එකේ දෙන්නෙක් එක්ක වීඩියෝ එකක් බලන්න ගියා. මමයි කොම්පියුටරේ වැඩ කලේ. ඒ වෙලාවේ එයාලා මගේ ගොඩක් වැවිලා තිබුණ නියපොතු දැකලා මගෙන් අහනවා වෙඩින් එක ලඟද කියලා. මට උඩ බිම බැලුනා. පණ වගේ හිටි කෙනා දාලා ගිය මම මගුලක් ගැන හිතන්නේ කා එක්කද කියලා. මම බය වෙලා මුණ දිහා බැලුවාම කියනවා නියපොතු වවලා තියෙන නිසා කියලා. ඔය වගේ දේවල් අහනවාට වඩා හොඳයි මගෙ ඔලුව පැලුවා නම්. ඒ හන්දාම මේ සතිය පටන් ගද්දිම නියපොතු ටික හොඳටම කපලා දැම්මා. ආයෙම නම් එක දවසක්වත් වැවෙන්නෙ තියන්නෙ නැහැ. ඉස්සර වගේ නියපොතු ටික කාලා හරි දානවා.

කෙනෙක් මට කීවා මම එයාට දෙයියො දීපු කෙනෙක් නෙවේලු. දෙයියන්ට අමතක වෙලා මාව මවලා තියෙන්නේ කවුරුවත් වෙනුවෙන් නෙවේලු. ඒ කියන්නේ මට කවදාවත් ජීවන සහකරුවෙක් ලැබෙන්නේ නැහැ. ඒකට මට දුක නැහැ. ඒත් මම දෙයියො එක්ක තරහයි. එයා මගේ සතුට ඉක්මනටම මගෙන් උදුරගෙන එයා ලගට ගත්තා. මම එයා ලගට එන්න ඕනේ කියද්දි මට එන්න දෙන්නෙත් නැහැ. ඒ හින්දා මම එයා එක්ක හොඳටම තරහයි තරහම තරහයි.

මට හම්බවුනා යාළුවෙක්. එයා මා එක්ක කතා කර කර ඉදලා එක පාරම කතාව නතර කලා. මට හිතාගන්න බැහැ ඇයි කියලා. මම මුලින් එයාගෙන් ඇහුවා එයාට ගෑණු ළමයෙක් ඉන්නවාද කියලා. හේතුව මම කැමති නැහැ එයා මා එක්ක කතා කරද්දි එයාගේ ගෑණු ළමයා එයාට කතා කලොත් කෝල් වේටින් දැකලා හිත රිදවගන්නවාට. මටත් එහෙම දෙයක් වෙලා මම අනන්තවත් ඇඬුවා. එයා කීවා එයාට කෙල්ලෙක් නැහැ කියලා. එයා මට කතා කරන එක අඩු වුනාට මම එයාට වෙනදා වගේම රින් කලා. කෝල් වේටින් පැයකට වඩා. මම පස්සේ දවසක ඇහුවා ඒ ගැන. දවස් කීපයකදි දීපු උත්තර එකිනෙකට වෙනස්. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ. ඇයි මට බොරු කිවේ කියලා.

කොහොම වුනත් හිතට හරි දුකයි හැමදේම නැති වෙන එක නිසා. මේ හැමදේම අතැරලා දාලා කොහේ හරි යන්න තියෙනවා නම් කියලා. සමහර දවස් වලට ගෙදරින් හොඳටම බැණුම් අහනවා කිසිම වැරැද්දක් කරන්නේ නැතිව. මම කරපු එකම වැරැද්ද එයාට ආදරේ කරපු එක. එයා මාව දාලා ගිය එක. ඒක තමා මම කරපු ලොකුම වැරැද්ද මට මේ තරම් දුක දැනෙන්න හැම මොහොතෙම.

මට කාලය දිගේ ආපස්ස්ට ගිහින් වෙනසක් කරලා එන්න අවස්ථාවක් දෙනවා නම් මම ඉස්සර හිතන් හිටියෙ දෙයියො මගෙන් උදුරගත්ත කෙනාව මගේ ලග තියාගන්න පුළුවන් විදිහට වෙනස් කරනවා කියලා. ඒත් දැන් මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කරන්නේ එයා මුණගැහුණ මුල්ම අවස්ථාව වෙනස් කරන එක. එතකොට මේ හැමදේම වෙනස් වෙනවනෙ. අද මට මේ තරම් දුකක් ඉතිරි වෙන්නේ නැහැනෙ එතකොට.

දැන් ඇති කියලා හිතෙනවා හිතේ දුකට පිස්සු විකාර ලීවා. සමහරවිට හෙට ඉදන් කට්ටිය මට මානසික වෛද්‍යවරු හොයලා දේවි මොලේ අමාරුවට බෙහෙත් ගන්න කියලා මේක කියවලා. මටත් වෙලාවකට එහෙම හිතෙනවා. එහෙමවත් දෙයක් වේවි නේ.

Tuesday, April 8, 2014

නුඹට ලියූ කවි ......

ලඟින් ඉන්න තරු කැටයක් ......
නොවුනට සඳේ  මං ...... නුඹ හට ........
නුඹේ එළියෙන් සැනහෙන ......
පුංචි බිම්මලක් ...... මං .....
ලං වෙන්න වරම් නැති .....
නුඹට .......


සුළං පොදේ ...... සුළං පොදේ ......
රැගෙන යන්න .......
වළා පෙළ ...... නුඹත් එක්ක .....
එපා කියන් ..... සඟවා ගන්නට .....
මගෙ සඳ .........


(මගේ හිතේ පාළු මැකු නුඹට )

Monday, March 31, 2014

අසම්මත ප්‍රේමය .......

මා හද පිළිසිදගත් .......
ප්‍රේමයේ .... යුක්තානුව ......
නුඹ ...........
මුළු ලොවට මෙන්ම .....
ඔහුට ද ......
අසම්මතයකි ........
ඉදින් .... මා කුමක් කරම් ද .....
ප්‍රේමය .....
නුඹව ..... ගබ්සා කරනු මිස ......

නැත ......
තලා පෙලන්නේ  ......
මා නුඹව .....
රැකගනිමි ..... මා
මුළු ලොවට හොර රහසේ .......
මා හද තුල සඟවාලා ........
ප්‍රේමය ......
නුඹ ..... දෙපයින් නැගී සිටින තුරු ......

Friday, March 28, 2014

ජිවිතය ......

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් මේ පැත්තේ ආවේ ඇයි කියන්න මම දන්නෙත් නැහැ. ආයෙමත් දුක එපා කියලා මේ මොහොතේ ජීවත් වුනා හීන මවන්නෙ නැතිව. ඒත් අනේ මන්දා....

මගේ වටේ ඉන්න හැමදෙනාම හැම වෙලේම කියන්නෙ මොන දේ වුනත් කලින් ආත්මෙක කරපු දෙයකට තමා එහෙම වෙන්නේ කියලා. මටත් එහෙම වෙන්න ඇති හැමදේකින්ම දුකක් විතරක් ඉතිරි වෙන්නේ. පහුගිය ආත්මෙක මමත් කාටහරි කෙනෙක්ට ලොකු දුකක් දෙන්න ඇති ගණන් ගන්නේ නැතිව ඉදලා. ඒ නිසාම මේ ආත්මෙදි අනිත් අය මාව ගණන් ගන්නේ නැතිව ඇති.

මට තේරෙන්නේ නැහැ. කොයිතරම් හිතුවත් හීන මවන්නේ නැහැ කියලා. පුංචි වෙලාවක් නිදහසේ ඉන්නවා වුනත් හිත දගලන්නේ හීන මවන්න. අගක් මුලක් නැති හීන. ඒ හීන වලට මම ආසයි. ඒත් ඒවා හැබෑවෙන්නේ නැහැ කියලා දැනුනාම හිතට මහ ගොඩක් දුකයි.

වෙලාවකට හිතෙනවා ප්‍රාතිහාර්යයක්වත් වෙලා මගේ එකම එක හීනයක් හරි හැබෑ වෙනවා නම් කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියන එක මම හොඳටම දන්නවානේ. එහෙම වෙනවානම් මම ප්‍රාර්ථනා කල තරමට එයා මගේ වෙලා. ප්‍රාර්ථනා ගැන මට තවත් බලාපොරොත්තු නැහැ.

ජිවිතේ වල පල්ලටම වැටිලා හිටි මාව ගොඩට ගන්න අත දීපු මගේ හොඳම යාළුවා ඔයාත් වෙලාවකට මාව ඒ වලට ආයෙමත් තල්ලු කරනවා වගේ හැගීමක් දැනෙනවා. මන්දා මම වැරදි ඇති ඔයාගේ ඒ යාළුකම හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවාට. ඒත් පාළු වුන මගේ හිතට දැනෙන තනිකම මහ ගොඩයි.

ලෝකයට බයේ හිතට දෙනෙන තීරණය නොගෙන ඉන්න එක මහ මෝඩ කමක් විදිහට දැනෙනවා. ඊටත් වඩා එහෙම ඉන්න බැරි වේවි කියලා මගේ හිතම මට කියනවා. ගෙදර අයගේ තීරණයට හිස නමලා ජීවිතයම දුක් විදින්න හිත හදාගන්නේ කොහොමද මම. එයාගේ ගෙදර අයගේ තීරණය නිසා මගේ ජීවිතය සුළි සුළඟට හසු වුනා. මට තීරණයක් ගන්න බැහැ මම මොකද කරන්නේ කියන එක.

අද මානසික පීඩනය ගැන කියෙව්ව ලිපියෙන් මම තහවුරු කරගත්තා ඇත්තටම මේ ප්‍රශ්ණ නිසා මාත් මානසික පීඩනයකින් නේද ඉන්නේ කියන එක. ඒත් ඒකට විසඳුමක් කොහෙන් හොයන්නද? විසඳුමක් නැති නිසාම මම අකමැතිම දේ මගෙ හොඳම යාළුවා ඔයා එපා කියපුම දේ මම කලා. දුක මෙහෙම ලියන්න මම ආවා මගේ බ්ලොග් එක පැත්තේ.

වෙලාවකට හිතෙනවා දැන් ඇඬුවා ඇති කියලා. අවුරුදු තුනක් විතරම දැන් මම ඇඬුවා. තවත් බැහැ. මට හරි වෙහෙසයි. අද උදේ මගේ යාළුවෙක් අහනවා ඇයි මූණත් එක්ක අමුතු වෙලා කියලා. මම කියන්නෙ කොහොමද ඇයි කියලා. මට දෙන්න උත්තර නැහැ. නිදාගන්න ඇඳට යද්දි හිතෙනවා හෙට උදේට මට ඇහැරෙන්නේ නැතිනම් කියලා. හෙට දවසට මම ඒ තරමට බයයි....

හීන මගේ පුංචි හිතේ තියන කප්පරක් හීන වලින් එකම එකක් හරි හැබෑ වෙනවා නම්..... හිනැහෙන්නම් මුළු ජිවීතය පුරාවට හැම දුකක්ම හිත දරා ....