Saturday, November 24, 2012

සිතිය හැකිනම් මොහොතක් මේ ගැනත්.....

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න හිතුවා. හිතේ තියෙන හැගීම් හිර කරන් දුක් විදින්න බැරිම නිසා. මට ඔයාට කියන්න තියෙන දේවල් කියාගන්න බැහැ. හිතේ තියෙන දුක කියගන්න කෙනෙක් නැති නිසා මෙහෙම හරි ලියලා හිතේ දුක අඩු කරගන්න කියලා හිතුනා.

මතකද ඔයාට දැන් ටික කාලෙකට කලින් ඔයාට australia ඉදන් girl කෙනෙක් call කලා. මහ රෑ පැය දෙක තුනක් එක දිගට. මම ගොඩක් දුක් වුනා ඔයා මගෙන් ඈත් වෙද්දි. ඒ දුක දරාගන්න බැරි කමට මම පැය ගනන් ඔහේ ඇඩුවා. දවසම ඔහේ පැත්තකට වෙලා හිටියා කාත් එක්කවත් කතා කරන්නේ නැතිව. අන්තිමට හිතුවා ජීවිතේ නැති කරගන්න. ඒත් මාත් එක්ක කතා කරපු හැමදෙනාම මගේ හිත හැදුවා. ටික දවසක් ඉවසලා ඉද්දි ඔයා ඒ girl එක්ක කතා කරන එක නතර කලා. අයේමත් මාත් එක්ක ගොඩක් සතුටින් හිටියා.

ඒත් අපි දෙන්නාගේ සතුටට ආයෙමත් මොකක් වුනාද කියලා මට හිතා ගන්න බැහැ. කිසිම දුකක් කරදරයක් නැතිව ආයෙමත් ඔයා එක්ක සතුටින් ඉන්න හිතන් ඉද්දි ඔයාගේ අම්මා අපිව ඈත් කරන්න කතා කලා. ඔයායි මායි ගැලපෙන්නේ නැහැ කියලා. අපි රණ්ඩු වෙනවා සතුටින් ඉන්නේ නැහැ කියලා. මම වැරදි ගොඩක් කලා කියලා ඔයාට මගෙත් එක්ක කතා කරන්න එපා කිවලු ඔයාව සතුටින් තියන්න මට බැහැ කියනවා. ඒත් අපි කොයිතරම් සතුටින් ඉන්නවාද.. අපි අතරේ පොඩි පොඩි හිත් රිදවීම් වුනත් අපි අයෙමත් සමගි වෙලා සතුටින් ඉන්නවා. අපි ගොඩක් රණ්ඩු වුන ඒ පරණ සිදුවීමක් මතක තියාගෙන ඇයි ඇය එහෙම කියන්නේ...

මතකද ඔයාට අපි අතරට බලෙන් කෙනෙක් එන්න හැදුවා ගිය අවුරුද්දේ.. එයා නිසානේද මේ හැමදේම වුනේ.. එයා ඔයාට වඩා අවුරුදු 9ක් වැඩිමහල් එයා ඔයාව අයිති කරගන්න හැදුවා. ඒක මට දරාගන්න බැරි වුනේ ඔයා විතරමයි මගේ ලොකේ.. මට ඔයාව නැති වුනොත් මට ජීවත් වෙන්නවත් බැරි වේවි.

එයා මුලින් මුලින් කතා කරද්දි මම ඔයා ලග හිටියා මම ගනන් ගත්තේ නැහැ. පස්සේ එයා ඔයාට හැමවෙලේම කතා කරන්න පටන් ගත්තා. මුලින් එයාට කවුරුත් නැනේ කියලා පවු කියලා නිහඩව හිටියාට පස්සේ මටත් දුක හිතුනා එයා ඔයාව අයිති කරගන්න තරම් අපේ අතරට ඇවිත් අපි දෙන්නාට කතා කරන්න වෙලාවක් නැති තරමට එයා ඔයාට කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙවේ ඔයාට මතකද එය මට කොයි තරම් බැන්නාද... හදිස්සියේවත් ඔයා රෑට මාත් එක්ක කතා කලොත් එයා හැමදාම මට බැනලා message කලා. මම ඒ හැමදේම පුලුවන් උපරිමේට දරා ගත්තා.

ඒත් මටත් ඒ දේවල් දරාගන්න බැරි තැනටම ආව නිසයි ඔයා එක්ක රණ්ඩු වුනේ එයා එක්ක කතා කරන එක නතර කරන්න කියලා. මම ඔයාලාගේ ගෙදර අය ගොඩක් විශ්වාස කලා. ඒ නිසා මම ඔයා එයා එක්ක කතා කරද්දි ගෙදරට call කලා ඔයාට දැනගන්න එපා කතා කරන්න කියලා. මම ඔයාලාගේ අම්මා මගේ අම්මා වගේම කියලා හිතුන නිසා එයාට හැමදේම කිවා ඔයාට තේරුම් කරලා දේවි කියලා. ඒත් අන්තිමට වුන දේ මට හිතා ගන්නවත් බැහැ. මම දවසක් ඔයාලගේ ගෙදර අවේ හැමදෙයක්ම විසදගන්න. මට ඔයාගේ ගෙදර අලුත් තැනක් නෙවේ නිසා.  මම පිළිගන්නවා මම කල ඒ දේවල් වැරදියි කියලා. මම එදා ඔයා එක්ක ගොඩක් රණ්ඩුවෙන්න හේතුව වුනේ ඔයාට ඒ අක්කා එවලා තිබුණ message එකක් කියවලා. මම ඔයාට ආදරේ කරන තරමට ඔයාගෙයි මගෙයි අතරේ තියෙන සම්බන්ධයේ තරමට එහෙම දෙයක් අහුවාම දුක හිතෙන්නේ තරහා යන්නේ නැති වුනොත් ඒ කෙනා මනුස්ස්යෙක් නෙවේ හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් නෙවේ. ඒ වෙලාවේ මම ඔයා එක්ක රණ්ඩු වුනාට මම ඔයාගෙන් අයින් වෙන්නම් කිවට ඔයාටවත් මටවත් බැහැ ඈත් වෙලා ඉන්න. අපි අයෙමත් ලංවුනා. පහුගිය වුන හැමදේම අමතක කරලා.

මම මගේ අතින් වුන වැරදි හැමදේම හදාගත්තා. ඔයා ඒ අක්කාගෙන් අයින් වුනා. අපි ආයේමත් සතුටින් හිටියා. ඒත් එක පාරටම කොහේදෝ ඉදන් අයෙමත් කෙනෙක් අපි අතරට එන්න හැදුවා. ඉස්සර වගේම ඔයා එයාට පවු කියලා එයා එක්ක කතා කලා. ඒත් දැන් අයෙමත් එයා එක්ක ඔයා කතා කරන්නේ නැහැ. ඒත් ඔයාලාගේ අම්මා මගේ අතින් වුන වැරදි පස්සේ තවමත් පන්නනවා. මම ඒ වැරදි හදාගෙන කියලා දැන දැනත් මට දැන් අකමැතියි කියනවා. මම දැන් ඒ වැරදි කරන්නේ නැහැ කියලා හොදටම දන්න ඔයාත් කියනවා අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා.

අපි මේ තරම් දුරක් ආවාට පස්සේ ඇයි ඔයාට හිතුනේ අපි ගැලපෙන්නේ නැහැ කියලා. අපි දෙන්නා මේතරම් ලංවෙන්න කලින් ඔයාටවත් හිතුනේ නැතිද. අපි ලංවෙලා හිටි විදිහට ඔයාට පුලුවන්ද හෘද සක්ෂියට එකගව මගෙන් අයින් වෙන්න.

ඔයාට මතකද ඔයා අර අක්කි එක්ක කතා කරද්දි මම ඔයා එක්ක් රණ්ඩුවෙද්දි ඔයා කියන කතාව. එයා එක්ක යළුවෙලා හිටිය කොල්ලා එයාව රවට්ටලා ගිහින්. ඊට පස්සේ එයා එක්ක යාළු වුන අයත් එයාව බැදලා නැහැ. එයා නොබැද ඉන්න හේතුව කොල්ලෝ එයාව රවට්ටපු නිසා. තනියෙන්ම කාත් කවූරුත් නැති නිසා ඔයා එයාට කතා කලේ. මටත් එයාට පවු හිතුනා. මම එයා මට කතා කරපු වෙලාවක කීවා අක්කේ ගෙදර අයට කියන්න ඔයාට කෙනෙක් හොයන්න කියලා ජොබ් එකත් තියෙනවා ඔයා ලස්සනයි එහෙම බදින්න කියලා. ඒත් එයා මාත් එක්ක රණ්ඩුවුනා ඔයා එයාගේ මට ඔයාගෙන් අයින් වෙන්න කියලා. මට ඔයාව එයාට දෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. මම රහත් වෙලා නැති නිසා.

දැන් මට හිතෙනවා එයා යාළුවෙලා හිටි කෙනා එයාව රැවැට්ටුවාම එයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද.. එදා ඒ අක්කි පවු කියලා මාත් එක්ක කිව ඔයාම දැන් කෙල්ලෙක්ව ඒ තත්වයට දාන්න හදන්නේ ඇයි. ඔයා හොදටම දන්නවා මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා. මට ඔයාව බදින්න බැරි වුනොත් වෙන කෙනෙක්ව බදින්නෙත් නැහැ මම ජීවත් වෙන්නෙත් නැහැ කියලා. ඒතරම් හොදින් මාව දන්න ඔයා ඇයි දැන් මාව අතාරින්න හදන්නේ... අර අක්කිට කෙනෙක් එහෙම කලා කියලා එයාට අනුකම්පා කල  ඔයා ඇයි දැන් ඒ තත්වයට වැටෙන්නේ....

ඔයා ගොඩක් හොද කෙනෙක්... මාව තේරුම් ගන්න පුලුවන් ඔයාට විතරමයි. වැරැද්දක් කරන්න එපා ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන විදිහේ. අපි අපිව ගොඩක් හොදට තේරුම් අරන් තියෙනවා. ඔයාට ගොඩක් වෙලාවට මගේ උදවු ඔනේ වෙනවා මට ඔයාගේ උදවු ඔනේ වෙනවා. අපි අපෙන් ඈත් වුනොත් සදහටම අපේ ජීවිත වල ලොකු අඩුවක්  තියෙවි... තේරුම්ගන්න හොදින් අපිට අපි නැතිව පැවැත්මක් නැහැ කියන එක......