Tuesday, August 5, 2014

කඳුළු බර වැඩිද නුඹේ දෑසට .....

පහුගිය දවස්වල මම ගොඩක් දුකින් ඉද්දි මගේ ලගින් ඉදන් මට ගොඩක්ම උපදෙස් දුන්නු මගේ හොඳම යාළුවා අද ගොඩක් දුකින්. එයා ගැන කියන්න බැහැ මට කා එක්කවත්. ඒත් මට දුක මට හිත හදාගන්න ගොඩක් උදව් කල මගේ යාළුවත් මා වගේම ගොඩක් දුක් විදිනවා....

අද එයාගේ පරණ ප්‍රේමය එයාට SMS එකක් එවලා එයා මලත් කමක් නැහැ කියලා. මට හිතාගන්න බැහැ අපි මේ තරම් පණ දීලා පෙම් කරන අය අපිට මෙහෙම කියන්නේ ඇයි කියලා. එයාලා හිතනවා ඇති අපිට පිස්සු කියලා අපි එයාලා කරන හැම වැරැද්දටම සමාව දීලා පණටත් වඩා ආදරේ කරද්දි.

මම දැක්කා හොඳින්ම මම වගේම මගේ යාළුවත් මහ මෝඩ විදිහට පණ දීගෙන ආදරේ කරනවා. ඒත් එයාට ලැබුණ දේ තමා රැවටීමයි විරහවයි. අපි ආදරේ කරන අයට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනේ මන්දා.

අද මා වගේම මගේ යළුවත් පිරිමියෙක් නිසා හොඳටම අඬනවා. එයාගේ හිත හදන්න කියන්න ඕනේ මොනවාද කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නවා මගේ ආදරේ වගේම එයාගේ ආදරෙත් කිසි වටිනාකමක් ඒ පුද්ගලයාට නැහැ කියලා. ඒ ඇත්ත මම තේරුම් ගත්තා කාලයත් එක්ක. ඒත් මගේ යාළුවාට තවමත් ඒ ඇත්ත තේරුම් අරන් හිත හදාගන්න පුළුවන් තැනට ඇවිත් නැහැ. වෙලාවකට මට හිතෙනවා එයාත් එක්ක මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න. ඒත් එහෙම කරන්නේ කොහොමද? මට බැහැ මගේ හොඳම යාළුවාව ගැටළුවකට මැදි කරන්න.

මගේ හයියට හිටි ඒ ඇස් දෙක අඬද්දි මට හිතාගන්න බැහැ. ඒ තරමකටම මගේ හිත රිදෙනවා. මට නැගිටින්න දිගු කරපු ඒ අත තදින් අල්ලගෙන එයා එක්ක අඬනවා හැර එයාට තරම් මගේ හිත හයිය නැහැ.

මට තේරෙනවා එයාට දැනෙන දුක තමන් ගොඩක් ආදරේ කරන කෙනා මට ඔයාව එපා කියලා ප්‍රතික්ෂේප කරද්දි දැනෙන දුක වේදනාව. ඒක දරාගන්න මහ හුඟක් අමාරු හැගීමක්. මට ඒ දුක දැනෙද්දි මම හිතුවේ හතුරෙක්ටවත් මේ තරම් දුකක් දැනෙන්න එපා කියලා. ඒත් මගේ හොඳම යාළුවා එහෙම අඬද්දි මම කොහොමද හිත හදාගන්නේ එයාගේ හිත හදන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ.

මට කරන්න පුළුවන් දේ මම වචනයෙන් කරනවා. ඒත් මම දන්නවා හොඳටම ඒ දුක අඩු කරන්න මට ගොඩක් අමාරුයි. ඒත් හිත හයිය කරන් හිත හදාගන්න උදව් කරන්න මට පුළුවන්. මා කඳුළු හංගගත්තා වගේම එයාටත් කඳුළු හංගගන්න උදව් කරනවා.

එකම තත්වේ ඉන්න අපි දෙන්නා ගොඩක් අසරණ වෙලාවකදි මේ වගේ තවත් අසරණ කරන්න තරම් අපි ආදරේ කළ දෙන්නාම නපුරු වුනා කියලා හිතන්නත් මට බැහැ. එයාලාට කවදාවත් දුකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න මට වගේම මගේ යාළුවාටත් පුළුවන්. ඒ අපි එයාලාට මුළු හදින්ම අවංකව ආදරය කල නිසයි. එයාලාට නොදැනුනත් අපි ආදරේ කලා.

මට හිතෙන්නේ තවත්නම් මා වගේ කෙල්ලෙක්ට මේ වගේ දුකක් වෙන්න එපා කියලා. මට දරාගන්න බැරි වුන මේ දුක මගේ යාළුවත් මටත් නොකියා ගොඩක් දවස් දරාගෙන ඉදලා තියෙනවා. ඒත් දරාගන්න බැරි වුන තැන එයා මට කීවා. අපිට දරාගන්න බැරිව අපි අඬනවා වගේම තව කීදෙනෙක් මෙහෙම අඬනවා ඇතිද....

ඔයාලත් තමන්ගේ කෙල්ල දැනුවත්ව හෝ නොදැනුවත්ව රිදවනවා නම් අදින් පසුවත් එහෙම කරන්න එප. කෙල්ලන්ට ඒ තරම් දුක් කන්දරාවක් දරාගන්න බැහැ. ඒ හිත් හරි අහිංසකයි. පිස්සුවෙන් වගේ ඔයාලාට අවංකව ආදරේ කරන හිත් තලලා පොඩි කරලා දාන්න එපා... ඒක හරි පව්.......

No comments:

Post a Comment