Tuesday, August 14, 2012

මට බයයි බදින්න මගේ කුමාර ජීවිතේ නැති වෙයි කියලා....

නිසල් පවුලේ වැඩිමලා. එයාට නංගි කෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා වුනත් එයා එකම පිරිමි දරුවා නිසා ගෙදරින් මාර සැලකිලි තියෙන්නේ එයාට. එයාලාගේ පුන්චි ඉන්නේ එයාලාගේ ගෙදර.
නිසල් පුන්චි කාලේ එයාව බලාගන්න තමා පුන්චි ඇවිත් තියෙන්නේ. හේතුව එයාලාගේ අම්මා වැඩට යනවානෙ. ඉතින් දැන් නිසල් ගොඩක් ලොකු කෙනෙක් වුනත් එයාගේ පුන්චිට එයා තවම පොඩි බබෙක්.
නිසල් උදේ නැගිට්ටාම එයාගේ පුන්චි එයාට තේ එකක් හදලා ලගටම ගෙනත් දෙනවා. ඉන් පස්සේ නිසල් උදේ එයාගේ වැඩ ටික කරනවා. එයා මුණ හොදලා උදේ ලෑස්තිවුනාම පුන්චි එයාට උදේ කෑම හදලා දෙනවා. එයා එකත් කාලා යනවා. කොහොම හරි නිසල් එයාගේ කිලිටි ඇදුම් කූඩේකට දාලා තියනවා. එයාගේ පුන්චි තමා එවා හොදන්නේ. පුන්චි නිසල්ගේ ඇදුම් හොදලා වෙලලා නවලා අල්මාරියටත් දානවා. නිසල්ට තියෙන්නේ කොහේ හරි යන්න ඔනේ වුනාම අල්මාරිය ඇරලා ඇදුමක් තොරගෙන ඒක ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.

නිසල් එයාගේ වැඩ වලට ගිහින් හවස තුන හතර විතර වෙද්දි ගෙදර එනවා. එයා දවල්ට කෑම අරගෙන යන්නේ නැහැ ඇවිත් තමා කන්නේ. නිසල් ගෙදර ඇවිත් පුන්චිට කියනවා
"පුන්චී බඩගිනියි කමුද" කියලා
එතකොට පුන්චිත් එයාට කැම බෙදලා දෙනවා. නිසල් ඇදුම් මාරු කරගෙන ඇවිත් කනවා. සමහර දවස් වලට නිසල්ට ගොඩක් මහන්සි දවස් වලට එයා පුන්චිට කියලා කවා ගන්නවා.

දවල්ට කෑවාට පස්සේ නිසල් mails බලාලා face book බලලා පත්තරේ එහෙම බලනවා. ඔහොම පැයක් විතර ඉදලා එයා හොදට හවසට නිදා ගන්නවා. හවස 5.30 විතර නිදා ගෙන රෑ 7.30ට විතර නැගිටිනවා. ඉන් පස්සේ මෙයා හිමින් පුන්චිට කිට්ටු කරලා තේ එකක් ඉල්ලනවා. පුන්චිත් එයාට තේ හදලා දෙනවා. නිසල් තේ එක බීලා එයාට miss වුන calls තියෙනවා නම් ඒවාට call back කරලා තියෙන වැඩ ටික කරනවා. ගොඩක් දවසට මෙයාට යාලුවො හම්බ වෙන්න තියෙනවා. ඉතින් අයෙමත් නිසල් ලෑස්ති වෙලා ඒ ගමන් ටික ගිහින් ගෙදර එද්දි රෑ 10 විතර වෙනවා.

ඔය අතරේ විශේෂ දෙයක් වෙනවා ඒ තමා නිසල් කොහේ හරි යනවා නම් ගෙදරින් එලියට බහිද්දි කදුලු සමනලීට call එකක් දෙන්න අමතක කරන්නේ නම් නැහැ. එයාට යන්න ඔනේ තැනට ගිහින් call එක cut කරනවා. ඒ වගේම තමා එයා ආපහු ගෙදර එද්දි තනියෙන් ඇවිදගෙන ආවොත් ගෙදරට එනකම් කදුලු සමනලී එක්ක කතා කරනවා. වෙන කෙනෙක් මුණ ගැහිලා එයා එක්ක කතා කර කර ආවොත් ගෙදරට ආව ගමන් call කරනවා.

ඉන්පස්සේ නිසල් රෑට කෑම කනවා කාලා ඉවර වෙලා අන්තර්ජාලයේ සැරි සරනවා. ගොඩක් වෙලාවට කරන්නේ gmail එකේ face book එකේ එහෙට මෙහෙට වෙවි ඉන්න එකයි බ්ලොග් කියවන එකයි. කොහොම හරි ඔය අතරෙම කාවින්දි එක්කත් කතා කරනවා. ඒ වගෙම තමා නිසල්ට හැමදාම රෑට තේ එකක් ඔනේ. ඒනිසා අම්මා එයාට තේ එකක් හදලා කාමරේටම ගෙනත් දෙනවා.

කොහොම කොහොම හරි 12 විතර වෙනකම් නිසල් කාවින්දි එක්ක කතා කර කර ඉන්නවා. ඉන් පස්සේ phone එක තියනවා. ඊට පස්සේ නිසල් වැරදි වැඩක් කරනවා. එයාගේ පරණ යෙහෙලියක් අයෙමත් face book එකෙන් මුණ ගැහිලා එයා හැමදාමත් පාන්දර 3 විතර වෙනකම් Australia වේ ඉදන් කතා කරනවා. මේ නිසා කාවින්දි නිදාගන්න ගියත් ආයෙමත් ඇහැරෙනවා නිසල්ගේ වැරදි වැඩේ නිසා. කොහොම හරි නිසල් නිදා ගනිද්දි පාන්දර 3 පහු වෙනවා.

 මේ ගැන නිසල්ගේ වචනයෙන් කියනවානම් එයාගේ කුමාර ජිවිතය.

කොහොම හරි අද නිසල් ගෙදර එද්දි එයාලාගේ අම්මා වැඩට ගිහින් තාත්තා ගමනක් ගිහින්. පුන්චි නංගිලාගේ ගෙදර ගිහින්. මට කියන්න අමතක වුනානේ නිසල්ගේ නංගි බැදලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. ඉතින් අද නිසල් ගෙදර එද්දි ගෙදර කවුරුත් ඉදලා නැහැ.

ඒ නිසා නිසල් ගෙදර ඇවිත් කෑම බෙදාගෙන කාලා පිගන් හැදි එහෙම හොදලා තනියෙන්ම. ඉන් පස්සේ එයා කොමඩු ගෙඩියකුත් කපාගෙන කාලා. කොහොම හරි නිසල් කොමඩු කන අතරේ කාවින්දි කතා කලා. ඒ වෙලාවේ නිසල් කිවා එයාට බයයිලු දැන්ම කාවින්දිව බදින්න. කාවින්දි ඇහුවා ඇයි කියලා එයාට බය හිතිලා එයාට එයා ගත කරන කුමාර ජීවිතේ අහිමි වෙයි කියලා. නිසල් බය වෙලා බැන්දාට පස්සේ එයාට බෙදාගෙන නෙවේ උයාගෙන කන්න වෙයි කියලා.

කාවින්දි ඒකට කිවේ ඔයා මාව බැන්දොත් ඔයාගේ කුමාර ජීවිතේ ටිකක් හරි ඉතිරි වෙවි. නැතිනම් ඔයාගේ නංගිට පැංචෙක් හම්බවුනාම ඔයාට ඔය තියන් ටික ඔක්කොම නැති වෙලා යාවි කියලා.
නිසල් ඔයා ඇත්තටම ඔහොම ඉස්සරහටත් කුමාරයා වගේ ඉන්න නම් ඔයාට බදින්න වෙනවා. ඔයා කාවින්දිව බැන්දොත් ඔයාට ඔය විදිහටම අතට පයට වැඩ කරලා දේවි. නැතිව ඔයාට මහ රෑ තිස්සේ කතා කරලා ඔයාගේ ජීවිතේට එන්න දගලන Australia වේ ඉන්න කෙනා බැන්දොත්නම් ඔයාට බය වෙන්නම වෙනවා ඔයාගේ කුමාර ජීවිතේ ගැන...




2 comments:

  1. මේකට ටයිටලේ දාන්න තිබ්බෙ නිසල්ගේ දින චරියාව මගේ ඇසින් කියල... :D :D

    ReplyDelete
    Replies
    1. ටයිටල් එක ටිකක් ගැලපෙන්නේ නැහැ තමා. ඒත් ඊයේ කිව ඒ කතාව නිසා තමා මේක ලියන්න හිතුනෙ...

      Delete