Tuesday, August 21, 2012

සොදුරු පැතුමන් 01...... ඔයාව අයිති මටයි පැටියො

ට්‍රීං ට්‍රීං ....... ට්‍රීං ට්‍රීං....
කාවින්දිගේ ගෙදර ටෙලිෆොනය නොනවත්වා නාද වෙනවා ඉරිදා උදෙන්ම. කාවින්දි කාමරයට වෙලා කාමරය අස් කරමින් සිටියා නිවාඩු දවස නිසා. කාවින්දිගේ අම්මා දුව ගොස් ටෙලිෆොනය answer කලා.

" හෙලො"
"හෙලො කාවින්දිගේ අම්මාද කතා කරන්නේ"
"ඔව් කවුද මේ කතා කරන්නේ"
"මම නිසල්ගේ අම්මා "

කාවින්දිගේ අම්මා පුදුමයට පත් වුනා. පසුගිය කාලේ කාවින්දිගේත් නිසල්ගේත් සම්බන්ධය විවාහයෙන් කෙලවර කිරීමට ඇයට කතා කලත් ඇය ඒ පිලිබද අකමැත්ත කෙලින්ම කියන්නේ නැතිව නිසල්ගේ හිත තමා කෙරෙහි බිදවූ අයුරුත් අද ඇයම කතා කරන්නේ කුමකටද කියාත්...

"ඔව් කියන්න ඇයි හදිස්සියේ කතා කලේ"

"හදිස්සියක්මත් නෙවේ මම කතා කලේ නිසල්ගෙයි කාවින්දිගෙයි සම්බන්ධය ගැන කතා කරන්න"
"හ්ම්ම් කියන්නකො දැන් ඔයාලාගේ තීරණය මොකක්ද කියලා. පහුගිය වතාවේ නිසල් එක්ක මම කතා කලම එයා බැහැ කියලා කිවා. ඒ වගේම එයා කාවින්දි එක්කත් ගොඩක් රණ්ඩු වෙලා තිබුනා ඒ ගැන. ඉතින් මම කාවින්දිට කෙනෙක් හොයන්න පටන් ගත්තා පත්තරේට දැන්වීමක් දාලා"
"අක්කේ මම හිතන්නේ එහෙම ඔනේ වෙන එකක් නැහැ. දෙන්නාගේ කැමැත්ත තියෙනවානේ අපි ඒ දෙන්නාගේ කැමැත්තට ඉඩ දෙමු"

"මම මුල ඉදන්ම තීරණය කලේ මොනදේ වුනත් දරුවාගේ සතුටට ඉඩ දෙන්න. දැන්වත් ඔයාලා ඒ දේ තේරුම් ගත්තානෙ නංගි. එහෙනම් ඔයාලා පහසු දවසක අපේ ගෙදර එන්න අපි නිදහසේ මේ ගැන කතා කරමු. එන දවස පස්සේ කියන්නකො ගෙදර අයත් එක්ක කතා කරගෙන"
"හරි එහෙනම් මම තියන්නම්. මම එන දවසක් කියන්නම්. බුදුසරණයි"
"හොදයි එහෙම කරමු. බුදුසරණයි"

කාවින්දිගේ අම්මා ටෙලිෆොනය තබා කාවින්දිගේ අක්කා හොයාගෙන ගියා. සිදුවූ කතා බහ ඇයට පවසන් අතරේ කාවින්දිත් ඔවුන් ලගට ආවා.

"ඔන්න එහෙනම් අන්තිමට ඔයා දින්නා"
කාවින්දිගේ අක්කා එහෙම කිවා. මුලින් වුන කතාව නොදන්න නිසා කාවින්දිට හිතා ගන්න බැහැ මොකක්ද කියලා. ඊටත් වඩා පහු වුන දවස් වල අම්මා හොයන මනමාලයො ගෙදර ආව ගිය නිසා නිසල් එක්ක වුන හිත් අමනාපකම් නිසා ගොඩක් හිත රිදිලා හිටි නිසාත් කාවින්දිට අක්කා කියන්නේ මොකක්ද කියලා එක පාරටම හිතා ගන්න බැරි වුනා.

"මොකක්ද අක්කා.. මොකෙන්ද දිනලා තියෙන්නේ... මම ලගකදි මොකක්වත් තරගෙකට ගියෙ නැහැ නේ..."
කාවින්දි එහෙම කියද්දි එයාගේ අම්මාටයි අක්කාටයි දෙන්නාට හොදටම හිනා. කාවින්දි අන්ද මන්දව ඔවුන් දෙස බලා ඉද්දි අක්කාගේ කුඩා දියණිය ඇවිත් ඇයට කරදර කරන්න පටන් ගත්තා.
"අනේ කියන්නකො අක්කා"
"අන්න ඔයාගේ කුමාරයයි එයාගේ ගෙදර අයයි ඔයාලාගේ කසදේ කරන්න කැමති වෙලා එයාලා ලගදිම එනවාලු මෙහෙ"
"කවුද මගේ කුමාරයා කිවේ නිසල්ටද අනේ අම්මා විහිලු කරන්නේ නැතිව "
"ඔව් පොඩි දුව නිසල්ගේ අම්මා කතා කලේ එයාලා දැන් කැමතියි ලු ඔයාලාගේ සම්බන්ධයට. කසාදේ ගැන කතා කරගන්න ලගදි දවසක මෙහෙ එන්නම් කීවා. "

කාවින්දිට සතුට දරාගන්න බැරි වුනා. පහුගිය දවස් වල දන්නේ නැති අය ඉස්සරහාට ලස්සනට ඇදගෙන ඇවිත් හිනාවෙලා කතා කරලා එපා වෙලාහිටියෙ. දැන්නම් ආයෙමත් එහෙම රගපාන්න ඔනේ නැහැ. කාවින්දි එයාගේ කාමරේට දුවගෙන ගිහින් මොබිලෙ එකත් අරන් ඇදේ පෙරලුනේ ඉක්මනටම නිසල්ට කතා කරලා මේ ඇත්තම ඇත්තද කියලා අහන්න.

"හෙලො"
අනෙක් පසින් නිසල්ගේ කට හඩ ඇසුනාම කාවින්දිට කතා කරගන්න බැරිව ගියා සතුට වැඩි කමට.
"හෙලො කාවින්දි ඇහෙන්නේ නැහැ ඔයාව"
"නිසල් මට ඇහෙනවා ඔයාව"
"අයි බබා කතා කරන්නේ නැත්තේ call එක අරගෙන"
"අනේ නිසල් sorry මගේ පන මට සතුට වැඩි කමට කතා කරගන්න බැරි වුනේ"
"ඒ පාර මොකක්ද ඔයාට හදිස්සියේ දැනුණු ලොකු සතුට"
"අනේ නිසල් ඔයානම් හරිම නරකයි මට කිසිම දෙයක් කියන්න දෙන්නේ නැහැනේ"
"හරි බබා දැන් කියන්නකො ඔයාගේ සතුට මොකක්ද කියලා"
"නිසල් ඔයාගේ අම්මා අපේ අම්මාට කතා කරලා මේ දැන්. එයා කැමතිවෙලා අපේ කසාදේ කරන්න. ඔයාලා ලගදි දවසක අපේ ගෙදර එනවා කිවාලු. ඒක ඇත්තද වස්තු. ඒක ඇත්තක්ද? "
"ඔව් පැටියො ඒක ඇත්ත. මට ගොඩක් දුක හිතුනා ඔයා නිකම් විකුණන්න තියෙන දෙයක් වගේ ලස්සනට සරසලා හැම සති අන්තයකම එක එක්කෙනාට පෙන්නද්දි. මට අයිති ඔයාවනේ මම මෙහෙම දුකට පත් කරන්නේ කියලා හිතුනා. මම අපේ අම්මා එක්ක කතා කලා කාවින්දි. අපි එනවා ඔයාලාගේ ගෙදර අපේ කසාදේ ගැන කතා කරගන්න. ඒක ඇත්ත.... ඇත්තටම ඇත්ත...."

"නිසල් මගේ වස්තු මට ගොඩාක් සතුටුයි... කියගන්න බැරි තරම් ගොඩාක්.. මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පන ගොඩක් ආදරෙයි...."

"මමත් ඔයාට ගොඩාක් ආදරෙයි බබා... හැමදාටම. මම දැන් ගමනක් යන්න ලෑස්ති වෙන්න ඔනේ මම ඔයාට පස්සේ කතා කරන්නම් පැටියො"
"හා නිසල්.. බුදුසරණයි මගේ පන..."
"බුදුසරණයි"

කාලෙකට පස්සේ නිසල් බුදුසරණයි කියලා දුරකතනය විසන්දි කලා.

කාවින්දිට ගොඩාක් සතුටුයි. නිසල් අම්මා එක්ක තරහා වෙලා සම්බන්ධය නතර කරමු මට කවදාවත් ඔයාව බදින්න බැහැ කිවාට පස්සේ මේ තරම් සතුටින් හිටි දවසක් මතක නැහැ. පහුගිය දවස් වල දිගටම ඇඩුවා. ඇස් රතු වෙනකම්ම හුස්ම ගන්න බැරි වෙනකම්ම ඇඩුවා නිසල් මගෙන් ඈත් වෙන්න හැදනවා අම්මා වෙන කසාදයක් කරලා දෙන්න හදනවා. ඒ එන කාටවත්ම මම කැමති නැහැ. මට ඔනේ වුනේ නිසල් මගේ නිසල් විතරමයි. හැමදාම හවස පන්සල් ගිහින් මල් පූජා කරලා ප්‍රාර්ථනා කලේ මගේ නිසල්වම මට ලැබෙන්න කියලා. ගොඩක් වෙලාවට අම්මා කිවා වෙන්නේ නැති දේවල් ප්‍රාර්ථනා කරන්න එපා. හොදක් වෙන්න කියලා කියන්න කියලා.

මම අම්මා කිවදේ ඇහුවේ නැති නරක ලමයෙක් තමා. ඒත් මට ඔනේ කලේ ලොකු ලොකු දේවල් නෙවේ නිසල් එක්ක සතුටි ගත කරන පුන්චි පවුලක්. කොහොම හරි හිතුවක්කාර විදිහට හරි ප්‍රාර්ථනා කරලා මම මගේ පන හැමදාටම මගේ කර ගත්තා. පහුගිය දවස් වල හිතේ තිබුණ දුක කොහේ ගියාද නැහැ. මම ඒ දවස් ටික හරිම සතුටින් ගතකලා. මගේ නිසලුත් මමත් ආයෙමත් ගොඩක් ලන් වුනා.
ඒ අතරෙම ඒ සතියේ බ්‍රහස්පතින්දා නිසල්ගේ අම්මා කතා කරලා කිවා සෙනසුරාදා අපේ ගෙදර එයාලා එනවා කියලා.....

No comments:

Post a Comment