Thursday, January 17, 2013

කතා පොතක්....

මේ මම පහුගිය දවසක කියවූ කතා පොතක්. ඒකේ නම "සඳ ඔබ මගේ" ධම්මිකා සුරංජි පතිරණ. මගේ හිතට ගොඩාක් දැණුනු කතාවක්. ඒ තරමටම මගේ කතාවට ටිකක් දුරට සමාන කමක් තිබුණා. මෙහෙම ඒ ගැන ලියන්න හිතුවේ ඇයි කියලා මට තේරෙන්නේත් නැහැ.

මේ කතාවේ කතා නායිකාව රන්දිමා. ඇය පත්‍ර කලාවේදිනියක්. ඇගේ කතාව මුල විතරයි මගේ කතාව වගේම. ඒත් මට බයක් දැනෙනවා අනාගතයේදී මටත් ඒ වගේ වේවිද කියලා.

කතාව ආරම්භ වෙන්නේ රන්දිමා මංගල උත්සවයකට සහභාගී වෙනවා. ඒ ඇය අවුරුදු පහක් ආදරය කල පෙම්වතාගේ. ඔහු ඇයව අතහැර වෙන කෙනෙක් හා විවාහ වෙනවා. ඇයට මංගල උත්සවයට ආරාධනා කරනවා. ඔහු පවසන්නේ ඇය මංගල උත්සවයට සහභාගී නොවුන හොත් ඇය ඔහුට වෛරකරනවා කියා සිතෙන බවයි.

මේ නිසා රන්දිමා සෙනාල්ගේ මංගල උත්සවයට සහභාගී වෙනවා. ඇය බොහොම හිත් වේදනාවෙන් කාලය ගතකරනවා. ඇගේ පත්තරේ මිතුරු කැල ඇයගේ සෙවනැල්ල මෙන් ඈ සමගම සිටිනවා. මෙලෙස කාලය ගෙවීයද්දී රන්දිමාට ආදරය රැකවරණය අවශ්‍ය වෙනවා. ඒ කාලයේදිම ඈ සමග ජීවත් වන මවගේ යෙහෙලියගේ සහෝදරයාගේ පුතා මිතුරෙක් සමග ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණෙනවා.

ඔහුගේ මිතුරා අජේ හමුවන ඇය ඔහු කෙරෙහි යම්තරමකින් පැහැදෙනවා. නමුත් ඔහු සමග වැඩි කාලයක් ඇයට ගත්කිරිමට අවස්ථාවක් නොලැබී යනවා. හේතුව  ඔහු නැවත ලංකාවෙන් පිටව යනවා ඔහු ඉන්දියන් ජාතිකයෙක් නිසා. මේ අතරම ඈගේ මවගේ මිතුරිය ඇගේ සහෝදරයාගේ පුතා හසන්ත පිළිබදව යෝජනාවක් ඇය වෙත ගෙන එනවා.

මේ අතරම ඇගේ පරණ පෙම්වතා සෙනාල් ඇයට නිතර නිතර කෝල් කරනවා. ඇය ඔහුව මග හැරිමට හැකි තරම් උත්සාහ ගන්නවා. ඒ අතර එක් දවසක් සෙනාල් ඇයට කෝල් කරනවා ඇගේ නිවස ඉදිරිපිට සිට ඇයව දකින්න අවශ්‍ය බව පවසමින්. කෙසේ හෝ ඇය ඔහුව දකින්නට යනවා. සෙනාල් පවසනවා ඇය සමග කතා කරන්න ඔනේ කියලා. නමුත් රන්දිමා පවසන්නේ ඇයට ඔහු සමග තවත් කතා කරන්න දෙයක් නැහැ කියලා. මේ වන විට ඔහු හොදටම මත්වී තිබුණි. ඇය එසේ පවසනවා සමගම සෙනාල් වේගයෙන් වෑන් රථය පදවාගෙන යනවා. ඔහුට වැඩි දුරක් යාමට ඉඩ ලැබෙන්නේ නැහැ.

ඔහුගේ වෑන් රථය අනතුරට ලක් වෙලා ඔහු රෝහල් ගත කරනවා. මේ ඇසූ රන්දිමාද කලාන්ත විම නිසා රෝහල් ගත කරනවා. ඉන්පසු ඇය රෝහලින් පැමිණි පසු ඇය සෙනාල් බැලීමට යනවා. එහි සිටින සෙනාල්ගෙ බිරිද රන්දිමාට බැන වදිනවා. ඉන් අනතුරුව නිවසට පැමිණෙන ඇය හසන්තව විවාහ වීමට කැමති වෙනවා. සෙනාල් බැලීමට නැවත නොයන ඇය දිගටම පත්තරේ වැඩට යනවා. මේ අතර සුභානි සෙනාල්ගේ බිරිද රන්දිමා හමුවට පැමිණ ඇයට සෙනාල්ගෙන් ඈත් වෙන ලෙස තර්ජනය කරනවා. මෙයින් රන්දිමා තව දුරටත් කල කිරෙනවා.

මේ අතර ඇය හසන්ත සමග විවාහ වීමට කැමැත්ත දෙනවා. මීට හේතුව වන්නේ හසන්ත බොහොම ආදරයෙන් ඇය කරදරයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී ඈ අසලම සිටි නිසාත් ඔහු බෙහෙවින් ඇයට අවශ්‍යව තිබු ආදරය, කරුණාව රැකවරණය ලබාදුන් නිසාත්ය. මෙලෙස ඔවුන් විවාහ උත්සවයට සුදානම් වන කාලයේදී නැවත වරක් සෙනාල් ඇයට කරදර කිරිමට පටන් ගන්නවා.

මෙලෙස රන්දිමා පසුපස පැමිණෙන සෙනාල් පවසන්නේ ඔහුට ඇය අමතක කල නොහැකි බවයි. ඔහු සුභානිගෙන් දික්කසාද වී ඇය සමග විවාහ වීම්ට කැමති බව පවසනවා. මෙයට අකමැතිවන රන්දිමා දැඩිසේ ඔහුව මග හරිනවා. මේ අතරම සෙනාල් සියදිවි නසා ගැනීමටද උත්සාහ දරනවා. ඉන්පසු රන්දිමා හසන්ත සමග ඔවුන්ගේ මංගල ඇදුම් බැලීමට නුවර යනවා. මෙලෙස ගොස් නැවත පැමිණෙන ගමන රෑවෙන අතරම වර්ෂාව පවතිනවා. වර්ෂාවේ ගමන් කිරිම රන්දිමාගේ හිතට් අනියත් බියක් දැනෙන නිසා ඇය ඔහුට පවසනවා එදින නවාතැන් ගෙන පසුදින කොළඹ බලා පිටත් වෙමු කියා.

මෙලෙස නතර වන ඔවුන්ගේ ජීවිතවල තීරණාත්මක සිදුවීමක්. ඉන් පසු දින කිහිපය සාමාන්‍ය ආකාරයට ගතවන අතර එක් දිනක් රන්දිමා රැකියාව හමාරවී නිවසට පැමිණෙන අතරදී ඇය හමුවට සෙනාල් පැමිණෙනවා. සෙනාල් ඇය සමග කතා කිරිමට වුවමනා බව පැවසුවත් ඇය ඔහුව ගණන් නොගෙන සිටිනවා. ඒ දුටු සෙනාල් රන්දිමාට තර්ජණය කරනවා ඇය වාහනයට ගොඩනොවුනහොත් වාහනය වෙනත් වාහනයකට හප්පා ජීවිතය නැතිකර ගන්නා බවට.

මේ ගැන බියවූ රන්දිමා ඔහුගේ වෑන් රථයට ගොඩවුනා. කතා බහකින් තොරවම මද දුරක් ගමන් කලා. ඒ අතර පාර මරුවෙන පිරිසකට සෙනාල් වාහන්ය නතර කරන අතර රන්දිමා වාහනයේ දොර හැරගෙන බැස්සා. නමුත් ඇයට බහින්න ලැබුනේ නැහැ සෙනාල් වාහනය ඇද්දුවා. ඇය රෝහල් ගතකලා. ඇගේ පාදයක් බිදී තිබුනා. ඒ අතරම ඇගේ විවාහ උත්සවයට යොදාගෙන තිබුණු දිනය පහුවී ගියා. හසන්තට නැවත හදිසියේම ඕස්ට්‍රේලියාවට යන්න සිදුවෙනවා.

මේ නිසා හසන්ත රන්දිමාට යෝජනා කරනවා විවාහය චාම් ලෙස රෙජිස්ටර් කිරිමට. ඇය එයට එකග වන අතර ඔවුන් විවාහ වී හසන්ත පසුදිනම රට හැර යනවා. ඉන්පසු ටික දිනක් ගතවන අතර රන්දිමාද ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට් හසන්ත කටයුතු කරනවා.

රන්දිමා ඕස්ට්‍රේලියාවට යනවා. ඈ එහි යනවිට හසන්ත සමග ලංකාවට පැමිණි අජේ ද නවාතැන්ගෙන සිටින්නේ ඔවුන්ගේ නවාතැනේමයි. ඇය පැමිණි දිනයේම අජේ පිටත්ව ගියේ ඔවුන් දෙදෙනාට නිදහස ලබා දිමටයි. ඉන්පසු මාස කිහිපයක් සාමාන්‍ය පරිදි ගෙවි යන අතර අජේ ද හසන්ත හා රන්දිමා සමග එකම නිවසේ වාසය කරති. මෙ අතර දිනක් හසන්ත ඔහුගේ සියලු මිතුරන්ට සාදයක් නිවසේ සැලසුම් කරන ලදී. එදින සාදය හොදින් පැවතුණි. සාදය අවසන්ව නින්දට ගිය රන්දිමාට මැදියම් රැයේ ඇහැරී බලන විට අසල හිදි හසන්ත දක්නට නොමැති නිසා ඇය සාලයේ සෝපාවට ගොස් වැතිර සිටියා. එවිටම වගේ හසන්ත අජේගේ කාමරයේ සිට පැමිණෙනවා රන්දිමා දුටුවා. එතැන් පටන් රන්දිමා හසන්ත සමග කතා නොකල අතරම අජේ ද ඔවුන්ගේ නිවසින් පිට විය.

මෙලෙස ටික දිනක් ගත විය. අවසානයේදි රන්දිමා තමාට නැවත ලංකාවට යාමට අවශ්‍ය බව පැවසිය. ඒ අනුව හසන්ත ඇයට එම කටයුතු සූදානම් කර දීමට නිවසින් පිට විය. මේ අතරදි රන්දිමා ඇගේ පත්තරේ මිතුරියක් අමතා තමාගේ සියලු විස්තර කියන ලදී. එවිට ඇය පැවසුයේ ඒවා අමතරක කර දමා හසන්ත සමග සමගි වන ලෙසයි. එලෙසම ඇය පැවසුයේ සෙනාල මිය ගිය බවත් ඇය සමග සිටි මවගේ මිතුරිය ආගිය අතක් නැති බවත්ය. මේ ගැන ඇසු රන්දිමාට සියල්ල එපා විය.

මේ ගැන ඇසූ ඇයට නැවත ලංකාවට යෑම එපා විය. ඇය හසන්තට ලිපියක් තබා ඇදුම් සියල්ලද රැගෙන පිටත් විය. ඇය ඕස්ට්‍රේලියාවේදි ඇයට ලැබුණු මිතුරියක වන අප්සරා සොයා ගියේ කිසිදු අරමුණක්න් තොරවය.

No comments:

Post a Comment