Saturday, May 17, 2014

හිත සහ මතකය ........

හිත : මතකය, ඇයි ඔයා හැමවෙලේම පරණ දේවල් මතක් කර කර මට දුක් දෙන්නේ ....

මතකය : හිත, එතකොට ඔයා මට කියන්නේ පරණ හැම දෙයක්ම අමතක කරන්න කියලාද?

හිත : අනේ ඔව්.... ඔය පරණ දේවල් මතක තියාගන්න එකෙන් ඔයාට වැඩක් නැහැනෙ. අනික ඔයා හැම වෙලේම ඒ දේවල් මතක් කර කර මාව රිදවන එකමනෙ කරන්නේ...

මතකය : මම කොහොමද එහෙම හැමදේම අමතක කරන්නෙ. එතකොට ඔයාටවත් මටවත් කිසි දෙයක් කරගන්න බැරි වේවි. අපිට අපි කවුද දන්නෙත් නැති වේවි....

හිත : මතකය, ඔයා හැමදේම අමතක නොකර මාව රිදවන මතකයන් විතරක්වත් අමතක කරන්න...

මතකය : හිත ඔයා ඔය අමතක කරන්න කියන්නේ එක්කෙනෙක් ගැන තියන මතකයන් නේ.... ඒත් ඒක කරන්නේ කොහොමද....

හිත : ඇයි මතකය ඔයා ඔය තරම් නපුරු.... ඇයි බැහැ කියන්නේ

මතකය : මම ඒ මතකයන් අමතක කලාම ජීවිතේ අවුරුදු ගානක්ම හිස් .... මොකද ඒ ගැන කියන්නේ ඔයා ....

හිත : මතකය, ඇයි ඔය තමට මාව රිදවන්නේ.... යන්න මගෙන් ඈතටම යන්න. එන්න එපා අයෙමත් මගේ ලඟකටවත් ඔයා හරිම නපුරුයි....

මතකය : හිත ඔයාට රිදුනත් මම කිවේ ඇත්ත... මට ඒ මතකයන් අමතක කරන්න බැහැ. ඔයාට රිදුනත් ඔයා ඉන්නෙත් ඒ මතකයන් නිසාමයි.... ඇත්ත තේරුම් ගන්න

හිත : මතකය මොකක්ද ඇත්ත.... ඔයා පරණ දේවල් මතක් කරන වෙලාවට මට මාව රිදවගන්න ඕනෙ කියන එකද

මතකය : හිත ඔයා තේරුම් ගන්න ඒ මතකයන් අමතක කරන්න මට බැහැ. ඒ දේවල් වලට ඔයා රිදෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න.


හිත : හැමදේටම වරදකාරි මමයි... මතකය ඔයා කියන්නෙත් රිදෙන එක මගේ වැරැද්ද කියලා.. ජීවිතය කියන්නෙත් එයාව අවුල් වුනේ මා නිසා කියලා ඇයි ඔයාලා මටම බනින්නේ .... මම යනවා යන්න කොහේ හරි ....

මතකය : හිත, ඔයා අඬන්න එපා. වැරැද්ද ඔයාගේ විතරක් නෙවේ. අපි හැමෝම එකතු වෙලායි කරන්නේ. යන්න එපා කොහෙවත් අපිව දාලා ........

No comments:

Post a Comment