නුඹේ සුරතේ වෙලී......
පියනගන්නට ........ ජීවන මගේ.......
සදාකාලයට ........ රැදී ඉන්නට නුඹේ උණුසුමේ .......
සැගව ගන්නට නුඹේ ....... පපුතුරේ ......
රැදී ඉන්නට ...... නුඹේ දෑස් මානයේ ........
ලබන්නට ..... නුඹෙ රැකවරණ ...... සදා කාලයට ....
හැකිවේ නම් ....
දැනේවි ..... ජීවත් වන වග .... මා ......
හිනා වෙලා සමනලියක් වගේ වෙන්න හිතන් ඉද්දි එක පාරටම කඩන් වැටුණු මහ වර්ෂාවකට තෙමිලා කදුලු සලන සමනලියෙකි මා......
Monday, February 24, 2014
Sunday, February 23, 2014
හිනා බිඳක් මට ගෙනෙන්න .....
මේ දිවි මං තලාවේ
මඟ එළි නොමැති විරාමේ ....
ආදරයෙන් අත අල්ලන්
ජීවිතයට එළිය බිඳක් ......
හිත ඇතුලේ හංඟාගෙන .....
තරු එළියක් වී දිලෙන්න .......
නෙතඟ කඳුළු අතැගිල්ලෙන්
හීන් සීරුවේ පිසදා ......
හිනා බිඳක් මට ගෙනෙන්න ......
මඟ එළි නොමැති විරාමේ ....
ආදරයෙන් අත අල්ලන්
ජීවිතයට එළිය බිඳක් ......
හිත ඇතුලේ හංඟාගෙන .....
තරු එළියක් වී දිලෙන්න .......
නෙතඟ කඳුළු අතැගිල්ලෙන්
හීන් සීරුවේ පිසදා ......
හිනා බිඳක් මට ගෙනෙන්න ......
Friday, January 18, 2013
කතා පොතක් 2.........
මා අද ලිව කතා පොතක් පෝස්ට් එක ලිවේ මා කියවූ පොත. ඒ ගැන ලියන්න හේතුව මා වෙනම පෝස්ට් එකකින් ලියන්න හිතුවා.
කතා පොතක් නොකියවූ අය කියවලාම එන්න.
මේ කතාවේ ප්රධාන චරිත දෙක කියවු විට මට දැනුනේ ඒ ඔබත් මමත් කියමයි. එයට හේතුව අපි දෙදෙනාගේ ජිවිත වල සිදුවන්න යන සිදුවීම එහි තිබුනා.
සෙනාල් රන්දිමාට හිතින් ආදරේ කරනවා. නමුත් අහම්බෙන් මුනගැහුණු සුභානි ජීවන සහකාරිය කරගන්නවා. රන්දිමාට ආදරේ නැති බවත් සිදුවිය යුතුදේ එය බවත් පවසමින්. ඔහුට ඔහුගේම අභ්යන්තර සිත තේරුම් ගැනීමටවත් නොහැක.
ඔබත් හරියටම සෙනාල් වගේමයි. ඔබේ සිතේ සෑබෑවටම තිබෙන ආදරය තේරුම් ගන්න නුඹට බැහැ. අහම්බෙන් මුණ ගැහුණු ඇය සමග අලුත් ජිවිතයක් ආරම්භ කිරිමට උත්සාහ දරන්නේ මාව ඔබෙන් ඈත්ම ඈත් කර දාලා. නමුත් ඔබේ සිතුවිලි වල ඉන්නේ මා බව ඔබ තේරුම් අරන් නැහැ.
මතකද මා දෙවතාවක්ම සතිය බැගින් රෝහල් ගතව සිටි කාලය. ඇත්තටම ඔබ ඒ වතාවන් දෙකේදිත් මා ඔබෙන් ඈත්කරන්න උත්සාහ දරමින් සිටියා. මා ඔබට ඒ අවස්ථා දෙකෙහිදිම කතා නොකර සිටින විට ඔබ මොනතරම් දුක් වුනාද..... ඔබට කොයි තරම් පාළුවක් දැනුනාද.....
මතකද ඔයාම මට කිවා ඔයා දුකින් හිටි වග පාළුව දැනුනු බව. මා නිවසට පැමිණ මුලින්ම ඔබට කතා කල දවසේ ඔබේ දෑසින් වැටුණු කදුළු...... ඒ පිළිබඳව සිහි කර බලන්න. ඔබ අදත් කරන්නේ හිතට එකග දේ නොවේ. මා ඔබ ලගින් හැමවිටම සිටින නිසා ඔබට මගේ අගයක් නැහැ. නමුත් දිනක නුඹට නැවත දිනක හැගේවි.... ඔබට මා නොමැති අඩුව දැනේවි....
නමුත් සෙනාල්ට මෙන් ඔබේ ජීවිතයෙනුත් වන්දි ගෙවන්න නම් සිද්ද වෙන්න එපා. අද ඔබට නොතේරේවි. නමුත් මතු දිනක ඒ ගැන වැටහේවි.
සෙනාල්ට තමන් රන්දිමාට ආදරය කරනවග ඇය නැතිව දැනෙන පාළුව වටහා ගත්තේ ඔහු රන්දිමාගෙන් වෙන්වී සුභානි සමග නීතියානුකූලව විවාහ වුනාටත් පසු. එයින් ඔහුගේ ජීවිතය විනාශය කරා ගියා. නමුත් ඔබ එවන් තීරණයක් ගනිද්දි තවදුරටත් හොදින් හිතා බලා කටයුතු කරන්න. ඔබේ ජීවිතය විනාශ වෙනවා මට දරාගන්න බැහැ.
රන්දිමාගේ චරිතය ගැන කියවූ විට හැගුනේ මා ගැන. ඇගේ චරිතයේ ඇතැම් දේවල් සමග මා වෙනස් වුවත් සමහර එක සමාන කම් තිබුණා. රන්දිමා ගොඩක් හිතන දුකක් දැනුනාම පැත්තකට වෙලා කල්පනා කරන චරිතයක්. ඇත්තෙන්ම මාත් ඒ හා සමානයි. හැමදෙයක් ගැනම ගොඩාක් හිතනවා. ඒ වගේම තමා දුකක් කරදරයක් දැනුනාම පැත්තකට වෙලා ඔහේ ඒ ගැන හිත හිත ඉන්න මා ගොඩක් කැමතියි.
රන්දිමාට ගොඩාක් යහලුවන් සිටියා ඇගේ දුකේදි ඔවුන් එක් වෙලා ඇගේ සිත වෙනස් කිරිමට වෙහෙසෙනවා. නමුත් මට ඒ තරම් මිතුරන් නැහැ කොටින්ම කිවොත් එක් කෙනෙක්වත් නැහැ. online මිතුරන් කිහිපදෙනෙක් සිටියත් ඔවුන් දුක අහලා අනික් පැත්තෙන් තවත් කෙනෙක් එක්ක විවේචනය කරන එකයි කරන්නෙ. ඒ අතින් නම් වෙනස්.
ඇය සෙනාල්ට බෙහෙවින් ආදරය කරනවා. සෙනාල් ඇයව හැරගිය පසුත්. මමත් ඔබට බෙහෙවින් ආදරෙයි. ඔයා තේරුම් නොගත්තා වුනත් මාව කෙතරම් මග අරින්න උත්සාහ කලත් මා තවමත් ඔබ අසලම දැවටෙන්නේ ඔබට තිබෙන ආදරය නිසාමයි. ඔයාට කෝල් කරන්නේ මට අල ගෙඩියක් හම්බ වෙනවාට නෙවේ මා ඔයාට ආදරේ නිසාත් මගේ එකම සතුට ඔය නිසාත්.
රන්දිමාට අජේ පිළිබදව ආදරයක් වැනි හැගිමක් ඇති වෙනවා. ඉන්පසු හසන්ත සමග විවාහ වෙන්න කැමති වෙනවා ඔහුගේන් ලැබෙන ආදරය නිසා. නමුත් මට කිසිවෙකු ගැන තවමත් ආදරයක් ඇතිවී නැහැ. එමෙන්ම කිසිවෙක් මා ආදරයෙන් අමතාවත් නැහැ. එවන් දෙයක් මට වුවමනා නැහැ. මට ඕනේ කරන්නේ ඔබේ ආදරය පමණයි ඔබේ ආදරණිය වදන් පමණි.
සෙනාල් ඔහු කල වරද තේරුම් ගත් පසු සුභානිගෙන් වෙන්වී රන්දිමා සමග විවාහ විමට කැමැත්තෙන් සිටියත් රන්දිමා එයට කැමැත්තක් දක්වන්නේ නැහැ. මාද එලෙසමයි ඔබ වෙන කෙනෙක් හා විවාහවී පසුව මගේ ආදරය වැටහී ඇය හැරදමා ම ලගට පැමිණෙන්න හැදුවාට මා එයට කැමති නැහැ. ඔයා තවමත් නීතියෙන් කෙනෙක් හා බැදිලා නැහැ. දැන්ම තේරුම් අරන් ඇගෙන් ඈත්වෙලා මා සමග පුරුදු ලෙස ආදරෙන් ජීවත් වෙන්නට පැමිණේ නම් මා ඔබව ආදරෙන් පිළිගන්නවා පෙරටත් වඩා.
මට නිවසින් ගෙනා මංගල් යෝජනා කිසිවකට මට කැමතිවන්නට නොසිතෙන්නේ මා ඔබට බෙහෙවින් ආදරය කරන නිසාමයි. නමුත් ඔබ මා සමග විවාහවිම ප්රතික්ෂේප කලවිට පැමිණෙන කෙනෙක් සමග විවාහවීමට තීරණය කලත් හැමදෙනාම දෑවැද්ද ගැන සොයන්න පටන් ගත්තා. කිසිවෙක් කැමති වුනේ නැහැ.
මා දැන් සියල්ල හිතින් බැහැර කර ඉවරයි. තවත් ටික දිනක් බලා සිටිනවා ඔබ දිනක් පොරොන්දු වුනා තීරණය වෙනස් වීමට ඉඩ ඇතැයි කියා. ඒ ටික දිනට පසු මා නැවත ඔබ මුණ නොගැසේවි. මගේ හීන බොදවෙලා යාවි. අපි ආයෙමත් ආත්මෙක මුණ ගැසුනොත් මෙවන් වෙන්වීමක් නොපතා ඉමු. කවදාවත් නොසිදෙන මගෙ ආදරේ අපි මැවූ හීන මගේ හිතේම ගුලි කරන් ඈත දුරකට යන්නම්.
රන්දිමා මෙන් තවකෙකුගේ ආදරයට ලොබ බැද අසරණ වන්නට හයියක් මගේ හිතට නැහැ.
ඔබේ සතුට ඇය නම් කැපකරන්නම් මගේ සතුට නුබ වෙනුවෙන්..... පුංචි පුංචි රණ්ඩු නිසා ජීවිතේම දුක් වෙන තීරණ නම් ගන්න එපා. ඔබ දුකට පත්වේවි....

Thursday, January 17, 2013
කතා පොතක්....
මේ මම පහුගිය දවසක කියවූ කතා පොතක්. ඒකේ නම "සඳ ඔබ මගේ" ධම්මිකා සුරංජි පතිරණ. මගේ හිතට ගොඩාක් දැණුනු කතාවක්. ඒ තරමටම මගේ කතාවට ටිකක් දුරට සමාන කමක් තිබුණා. මෙහෙම ඒ ගැන ලියන්න හිතුවේ ඇයි කියලා මට තේරෙන්නේත් නැහැ.
මේ කතාවේ කතා නායිකාව රන්දිමා. ඇය පත්ර කලාවේදිනියක්. ඇගේ කතාව මුල විතරයි මගේ කතාව වගේම. ඒත් මට බයක් දැනෙනවා අනාගතයේදී මටත් ඒ වගේ වේවිද කියලා.
කතාව ආරම්භ වෙන්නේ රන්දිමා මංගල උත්සවයකට සහභාගී වෙනවා. ඒ ඇය අවුරුදු පහක් ආදරය කල පෙම්වතාගේ. ඔහු ඇයව අතහැර වෙන කෙනෙක් හා විවාහ වෙනවා. ඇයට මංගල උත්සවයට ආරාධනා කරනවා. ඔහු පවසන්නේ ඇය මංගල උත්සවයට සහභාගී නොවුන හොත් ඇය ඔහුට වෛරකරනවා කියා සිතෙන බවයි.
මේ නිසා රන්දිමා සෙනාල්ගේ මංගල උත්සවයට සහභාගී වෙනවා. ඇය බොහොම හිත් වේදනාවෙන් කාලය ගතකරනවා. ඇගේ පත්තරේ මිතුරු කැල ඇයගේ සෙවනැල්ල මෙන් ඈ සමගම සිටිනවා. මෙලෙස කාලය ගෙවීයද්දී රන්දිමාට ආදරය රැකවරණය අවශ්ය වෙනවා. ඒ කාලයේදිම ඈ සමග ජීවත් වන මවගේ යෙහෙලියගේ සහෝදරයාගේ පුතා මිතුරෙක් සමග ඕස්ට්රේලියාවේ සිට මෙරටට පැමිණෙනවා.
ඔහුගේ මිතුරා අජේ හමුවන ඇය ඔහු කෙරෙහි යම්තරමකින් පැහැදෙනවා. නමුත් ඔහු සමග වැඩි කාලයක් ඇයට ගත්කිරිමට අවස්ථාවක් නොලැබී යනවා. හේතුව ඔහු නැවත ලංකාවෙන් පිටව යනවා ඔහු ඉන්දියන් ජාතිකයෙක් නිසා. මේ අතරම ඈගේ මවගේ මිතුරිය ඇගේ සහෝදරයාගේ පුතා හසන්ත පිළිබදව යෝජනාවක් ඇය වෙත ගෙන එනවා.
මේ අතරම ඇගේ පරණ පෙම්වතා සෙනාල් ඇයට නිතර නිතර කෝල් කරනවා. ඇය ඔහුව මග හැරිමට හැකි තරම් උත්සාහ ගන්නවා. ඒ අතර එක් දවසක් සෙනාල් ඇයට කෝල් කරනවා ඇගේ නිවස ඉදිරිපිට සිට ඇයව දකින්න අවශ්ය බව පවසමින්. කෙසේ හෝ ඇය ඔහුව දකින්නට යනවා. සෙනාල් පවසනවා ඇය සමග කතා කරන්න ඔනේ කියලා. නමුත් රන්දිමා පවසන්නේ ඇයට ඔහු සමග තවත් කතා කරන්න දෙයක් නැහැ කියලා. මේ වන විට ඔහු හොදටම මත්වී තිබුණි. ඇය එසේ පවසනවා සමගම සෙනාල් වේගයෙන් වෑන් රථය පදවාගෙන යනවා. ඔහුට වැඩි දුරක් යාමට ඉඩ ලැබෙන්නේ නැහැ.
ඔහුගේ වෑන් රථය අනතුරට ලක් වෙලා ඔහු රෝහල් ගත කරනවා. මේ ඇසූ රන්දිමාද කලාන්ත විම නිසා රෝහල් ගත කරනවා. ඉන්පසු ඇය රෝහලින් පැමිණි පසු ඇය සෙනාල් බැලීමට යනවා. එහි සිටින සෙනාල්ගෙ බිරිද රන්දිමාට බැන වදිනවා. ඉන් අනතුරුව නිවසට පැමිණෙන ඇය හසන්තව විවාහ වීමට කැමති වෙනවා. සෙනාල් බැලීමට නැවත නොයන ඇය දිගටම පත්තරේ වැඩට යනවා. මේ අතර සුභානි සෙනාල්ගේ බිරිද රන්දිමා හමුවට පැමිණ ඇයට සෙනාල්ගෙන් ඈත් වෙන ලෙස තර්ජනය කරනවා. මෙයින් රන්දිමා තව දුරටත් කල කිරෙනවා.
මේ අතර ඇය හසන්ත සමග විවාහ වීමට කැමැත්ත දෙනවා. මීට හේතුව වන්නේ හසන්ත බොහොම ආදරයෙන් ඇය කරදරයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී ඈ අසලම සිටි නිසාත් ඔහු බෙහෙවින් ඇයට අවශ්යව තිබු ආදරය, කරුණාව රැකවරණය ලබාදුන් නිසාත්ය. මෙලෙස ඔවුන් විවාහ උත්සවයට සුදානම් වන කාලයේදී නැවත වරක් සෙනාල් ඇයට කරදර කිරිමට පටන් ගන්නවා.
මෙලෙස රන්දිමා පසුපස පැමිණෙන සෙනාල් පවසන්නේ ඔහුට ඇය අමතක කල නොහැකි බවයි. ඔහු සුභානිගෙන් දික්කසාද වී ඇය සමග විවාහ වීම්ට කැමති බව පවසනවා. මෙයට අකමැතිවන රන්දිමා දැඩිසේ ඔහුව මග හරිනවා. මේ අතරම සෙනාල් සියදිවි නසා ගැනීමටද උත්සාහ දරනවා. ඉන්පසු රන්දිමා හසන්ත සමග ඔවුන්ගේ මංගල ඇදුම් බැලීමට නුවර යනවා. මෙලෙස ගොස් නැවත පැමිණෙන ගමන රෑවෙන අතරම වර්ෂාව පවතිනවා. වර්ෂාවේ ගමන් කිරිම රන්දිමාගේ හිතට් අනියත් බියක් දැනෙන නිසා ඇය ඔහුට පවසනවා එදින නවාතැන් ගෙන පසුදින කොළඹ බලා පිටත් වෙමු කියා.
මෙලෙස නතර වන ඔවුන්ගේ ජීවිතවල තීරණාත්මක සිදුවීමක්. ඉන් පසු දින කිහිපය සාමාන්ය ආකාරයට ගතවන අතර එක් දිනක් රන්දිමා රැකියාව හමාරවී නිවසට පැමිණෙන අතරදී ඇය හමුවට සෙනාල් පැමිණෙනවා. සෙනාල් ඇය සමග කතා කිරිමට වුවමනා බව පැවසුවත් ඇය ඔහුව ගණන් නොගෙන සිටිනවා. ඒ දුටු සෙනාල් රන්දිමාට තර්ජණය කරනවා ඇය වාහනයට ගොඩනොවුනහොත් වාහනය වෙනත් වාහනයකට හප්පා ජීවිතය නැතිකර ගන්නා බවට.
මේ ගැන බියවූ රන්දිමා ඔහුගේ වෑන් රථයට ගොඩවුනා. කතා බහකින් තොරවම මද දුරක් ගමන් කලා. ඒ අතර පාර මරුවෙන පිරිසකට සෙනාල් වාහන්ය නතර කරන අතර රන්දිමා වාහනයේ දොර හැරගෙන බැස්සා. නමුත් ඇයට බහින්න ලැබුනේ නැහැ සෙනාල් වාහනය ඇද්දුවා. ඇය රෝහල් ගතකලා. ඇගේ පාදයක් බිදී තිබුනා. ඒ අතරම ඇගේ විවාහ උත්සවයට යොදාගෙන තිබුණු දිනය පහුවී ගියා. හසන්තට නැවත හදිසියේම ඕස්ට්රේලියාවට යන්න සිදුවෙනවා.
මේ නිසා හසන්ත රන්දිමාට යෝජනා කරනවා විවාහය චාම් ලෙස රෙජිස්ටර් කිරිමට. ඇය එයට එකග වන අතර ඔවුන් විවාහ වී හසන්ත පසුදිනම රට හැර යනවා. ඉන්පසු ටික දිනක් ගතවන අතර රන්දිමාද ඕස්ට්රේලියාවට ගෙන්වා ගැනීමට් හසන්ත කටයුතු කරනවා.
රන්දිමා ඕස්ට්රේලියාවට යනවා. ඈ එහි යනවිට හසන්ත සමග ලංකාවට පැමිණි අජේ ද නවාතැන්ගෙන සිටින්නේ ඔවුන්ගේ නවාතැනේමයි. ඇය පැමිණි දිනයේම අජේ පිටත්ව ගියේ ඔවුන් දෙදෙනාට නිදහස ලබා දිමටයි. ඉන්පසු මාස කිහිපයක් සාමාන්ය පරිදි ගෙවි යන අතර අජේ ද හසන්ත හා රන්දිමා සමග එකම නිවසේ වාසය කරති. මෙ අතර දිනක් හසන්ත ඔහුගේ සියලු මිතුරන්ට සාදයක් නිවසේ සැලසුම් කරන ලදී. එදින සාදය හොදින් පැවතුණි. සාදය අවසන්ව නින්දට ගිය රන්දිමාට මැදියම් රැයේ ඇහැරී බලන විට අසල හිදි හසන්ත දක්නට නොමැති නිසා ඇය සාලයේ සෝපාවට ගොස් වැතිර සිටියා. එවිටම වගේ හසන්ත අජේගේ කාමරයේ සිට පැමිණෙනවා රන්දිමා දුටුවා. එතැන් පටන් රන්දිමා හසන්ත සමග කතා නොකල අතරම අජේ ද ඔවුන්ගේ නිවසින් පිට විය.
මෙලෙස ටික දිනක් ගත විය. අවසානයේදි රන්දිමා තමාට නැවත ලංකාවට යාමට අවශ්ය බව පැවසිය. ඒ අනුව හසන්ත ඇයට එම කටයුතු සූදානම් කර දීමට නිවසින් පිට විය. මේ අතරදි රන්දිමා ඇගේ පත්තරේ මිතුරියක් අමතා තමාගේ සියලු විස්තර කියන ලදී. එවිට ඇය පැවසුයේ ඒවා අමතරක කර දමා හසන්ත සමග සමගි වන ලෙසයි. එලෙසම ඇය පැවසුයේ සෙනාල මිය ගිය බවත් ඇය සමග සිටි මවගේ මිතුරිය ආගිය අතක් නැති බවත්ය. මේ ගැන ඇසු රන්දිමාට සියල්ල එපා විය.
මේ ගැන ඇසූ ඇයට නැවත ලංකාවට යෑම එපා විය. ඇය හසන්තට ලිපියක් තබා ඇදුම් සියල්ලද රැගෙන පිටත් විය. ඇය ඕස්ට්රේලියාවේදි ඇයට ලැබුණු මිතුරියක වන අප්සරා සොයා ගියේ කිසිදු අරමුණක්න් තොරවය.

Monday, December 10, 2012
දුක්බර ජීවිතයක්....
කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ලියන්න යන්නේ කවුරුත් අහන්න කැමති නැති කියවන්න කැමති නැති දුක්බර කතාවක්. මේක කියවලා සමහර විට කාටවත්ම දුක හිතෙන්නේ නැති වේවි. කියවලා අන්තිමට පිස්සු කියලා කියන අයත් ඉදිවි. ඒත් අපේ ජිවිතේ දුක දරාගන්න අමාරු ලොකු දුකක් වෙන්නේ අපිටමයි.... කර කියාගන්න කියා ගන්න කෙනෙක් නැතිම නිසා මම මෙතන ලියනවා.
මම පුංචිම පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 2 මාස 11 වෙනකම් ගොඩක් ආදරේ ලැබුවා. මම ඉපදෙන්න ඉද්දි අම්මායි අප්පච්චියි අක්කායි තුන් දෙනා ඉදලා තියෙන්නේ පොඩි කුලි ගෙදරක. ඒ ගෙදර පොඩි වුනත් සතුට ගොඩක් තිබිලා තියෙනවා. අපේ අම්මායි අප්පච්චි හරි ගොඩක් සමඟියි. අපේ ගෙදර ගොඩක් වැඩ කෙරුණේ අප්පච්චිගේ අතින් හේතුව වුනේ මම ඉපදෙන්න ඉද්දි අම්මාව මහන්සි කරන්න අකමැති නිසා, මා ඉපදුනාට පස්සේ අම්මා මගේ වැඩ කරන නිසා.
මම ඉපදෙද්දි අපේ අක්කාට අවුරුදු 8යි. මම ඉපදුනේ තනියෙන් නෙවේ. මාත් එක්කම අයියා කෙනෙක් හිටියා මට වඩා එයා විනාඩි ගාණක් වැඩිමල්. ඒත් එයා ඉපදිලා ටික වෙලාවකින් මට එයාව නැති වුනා. අදටත් මට හිතෙනවා අයියාවත් හිටියා නම් කියලා. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නැහැ. මම ඉපදුනාම අපේ ගෙදර සතුට තවත් වැඩි වෙලා තියෙනවා. අප්පච්චි අම්මා අක්කා මේ හැමදෙනාම මට ගොඩක් අදරෙයි. අපේ අප්පච්චිගේ පැත්තේ නෑදෑයෝ මට අදරේ වුනාට අපේ අම්මාගේ අක්කායි එක මල්ලි කෙනෙකුයි හැරුනාම මම වෙන සහෝදරයෝ අම්මාට ඉන්නවා කියලා දැනගත්තේ ලගදි
මාව නෑව්වේ කැව්වේ හැමදේම කලේ අප්පච්චි. අප්පච්චි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් මාව හෝදලා ලස්සන ඇදුමක් අන්දලා වඩාගෙන තමා අනිත් හැම වැඩේම් කරන්නේ. අම්මා ඉස්කෝලේ ඇරිලා එන්න පරක්කු වෙනවා. ඒ ආවාම මට කිරි බොන්න විතරයි අප්පච්චි මාව අම්මා ලඟට දෙන්නේ. අප්පච්චි තරම් මට ආදරේ කල කවුරුත් නැහැ. මාව රෑට නිදි කරවන්නේත් අප්පච්චිම තමා. එහෙම නිදි කරවන්න කලින් හඳ තියෙන රෑක් නම් එලියේ සිමෙන්ති පඩියේ ඉදගෙන මාව ඔඩොක්කුවේ තියාගෙන කවි කියනවා. අම්මයි අක්කයි දෙන්නවත් ලගින් තියාගෙන. කවි කියලා මාව නැලෙවුවෙත් අප්පච්චි. මාව නලවන්න කිව කවි වලින් මම ගොඩාක්ම ආසා "හදපානේ වැලිතලා... සුරකුමරියෝ මල් සලා...." කවි වලට.
ඒ කාලේ ගොඩක් ලස්සනයි. මට අප්පච්චිගේ අම්මාගේ අක්කාගේ ආදරේ ගොඩක් ලැබුණා. ඒත් හරි අහම්බෙන් කාලය වෙනස් වුණා. මට අවුරුදු 2 මාස 10 අක්කාට අවුරුදු 9 මාස 11. අක්කාට අවුරුදු 10 ලබන්න දවස් ගානක් තිබුණේ. අපේ අප්පච්චි හදිස්සියේම අසනීප වුනා. ගැස්ට්රයිටිස් නිසා අමාශය තුවාල වෙලා. මාසයක් ඉස්පිරිතාලේ හිටියා. එක දවසක් මාව එක්ක ගියා බලන්න. අප්පච්චි කිවා "බඩ රිදෙනවා මගෙ පුතේ" කියලා. මම කිවා "අප්පච්චි කොට්ටේ බඩට තියලා තද කරගන්න" කියලා. කොහොමහරි අප්පච්චි හොද වුනා. අගෝස්තු 27 අප්පච්චි ගෙදර එන්න හිටියේ සනීප වෙලා.
ඒත් අවාසනාවකට වගේ අපේ අප්පච්චි එදා පාන්දර අපිව දාලා ගියා. අයේ කවදාවත්ම අපි ලගට එන්නේම නැති වෙන්න අපිව දාලා ගියා. අපේ අප්පච්චිව ගමේ අරන් ගියා. මම හිතුවේ අප්පච්චි නිදි කියලා. මම ලගට ගිහින් කතා කලා අප්පච්චිට නැගිටින්න කියලා. අම්මාට කිවා අප්පච්චිව ඇහැරවන්න කියලා. ඒත් මගේ අප්පච්චි නැගිට්ටේ නැහැ. මාත් එක්ක කවදාවත් තරහා වෙන්නේ නැති අප්පච්චි තරහා වෙලා නිදාන හිටියා. අප්පච්චිව සොහොනට ගෙනිහින් වල ඇතුලට දාලා පස් දාද්දි මම කෑගහලා ඇඩුවා අපේ අප්පච්චිව වහන්න එපා කියලා... ඒ වෙලාවේ තමා මට තේරුනේ අප්පච්චි අයෙමත් මාව වඩාගෙන ඉන්න එන්නේ නැහැ කියලා.
ඊට පස්සේ අපි ආයෙම ආවා අපේ කුලී ගෙදරට. අපිට ලොකු තනි කමක් දැණුනා. අපේ අම්මාට තනියෙන් ගෙදර වැඩ කරන්න පුරුද්දක් තිබුණේ නැහැ. කෑම හැදුවාට ඒවා රස නැහැ. ඊටත් වඩා අම්මා අසනීප වුනා. අම්මාට ඇඳුම හැදුනා. දුක දරාගන්න බැරි කමටම. වෙලාවකට අම්මා පරිප්පු හදනවා පොල් කිරි දාලා නැහැ. රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න මතක නැහැ. ඉස්කෝලේ ගිහින් එන එක මොනවා හරි රස නැතිව හරි අපිට උයලා දෙන එකයි විතරයි අම්මාට කරන්න පුලුවන් වුනේ. අම්මා බදින්න කලින් ගෙදර ගතකලේත් බැන්දට පස්සේ ගත කලේත් සැපවත් ජීවිතයක්. ගොඩක් සල්ලි නැති වුනත් අම්මාට කරදර තිබිලා නැහැ.
අප්පච්චි නැති එක අපිට දරාගන්න බැරි වුනා. ලොකු අම්මායි චුටි මාමායි දෙන්නා සතියකට වතාවක් ඇවිත් අපේ ගෙදර අස් කරලා රෙදි හෝදලා කෑම හදලා කවලා ගියා. හැමදාම අම්මා මට කෑම කවද්දි මම එපා කියනවා හේතුව අප්පච්චිගේ බත් ගුලි තරම් රස නැහැ ලොකු වැඩියි. ඒ නිසා මම අතින් කන්නම් කියල ටිකක් කනවා. අම්මාට නිදි කරවන්නත් එපා කියනවා අප්පච්ච්ට තරම් ලස්සනට අම්මාට කවි කියන්න බැරි නිසා. මම තනියෙන් ඔහේ හිත හිත නිදාගන්න පුරුදු වුනා. කාලයත් එක්ක මම තනි වුනා.
අම්මා වුනත් ගොඩක් කරදර වලට මුණ දුන්නා. අපිට දුක විතරක්ම නෙවේ සමාජයෙන් කරදර ආවා ආර්ථික අපහසුකම් වලට මුණ දෙන්න වුනා. අපි ගොඩක් දුක් වින්දා අපේ අප්පච්චි අපිව දාලා ගියාට පස්සේ. අම්මාට තිබුණ කරදරත් එක්ක අපිට ඉස්සර වගේ ආදරේ කරන්න වෙලාවක් අම්මාට තිබුණේ නැහැ. ඒත් කවදාවත් අපෙන් ඈත් වුනේ නැහැ. මම පොඩි කාලේම අම්මාට මාව තනියෙන් තියලා යන්න වුනාම දොර වහගෙන ඉන්න කියනවා අක්කා එනකම්. මම ඒ වෙලාවට කියනවා මට සමනලයෙක් වගේ ඔහේ යන්න හිතෙනවා පාර දිගේ කියලා. අම්මා ගොඩක් බයෙන් ඉදලා තියෙනවා මම එහෙම යයි කියලා.
කාලය ගෙවිලා ගියා අපි දුකසේ ටික ටික ලොකු වුනා. මම ඉස්කෝලේ ගියේ අම්මාගේ ඉස්කෝලේවත් අක්කා ගිය එකටවත් නෙවේ. මම ඉස්කෝලේ කැපිලා පෙනෙන කෙනෙක් වුනා මගේ වැඩ නිසා ඒ දග වැඩ නෙවේ. මම ඉගෙන ගත්තා කැපි පෙනෙන විදිහට. ඒ වගේමයි මම කැමති වුන නැහැ කවදාවත් මගේ අප්පච්චි නැති වෙලා කියන්න. ඒකට හේතු ගොඩක් තිබුණා. මම එක වසරේ ඉද්දි අපි පොඩි කුලී ගෙදරක හිටියා. අම්මාට අප්පච්චිගේ සල්ලි වගයක් හම්බ වුනා රුපියල් 17,000ක්. අපේ අම්මාගේ නංගිගේ මහත්තයා (අපේ බාප්පා) අම්මාගෙන් ඒ සල්ලි ඉල්ලා ගත්තා වගා කරන්න මෝටරයක් ගන්න කියලා. වගාව සරු වුනාම ගෙවන්නම් කියලා. පුංචි මම ඇඩුවා අපේ අප්පච්චිගේ සල්ලි දෙන්න එපා කියලා බිම පෙරලි පෙරලි ඇඩුවා. ඒත් අම්මා සල්ලි දුන්නා. නෑදෑකම නැති කරගන්න බැරි නිසා.
ඊට ටික කාලෙකට පස්සේ ඒ කුලීගෙදර අයිති අය ගෙදර ඉල්ලුවා. මාස 6ක අත්තිකාරම් මුදල් තියෙද්දි ඒවා ආපසු නොදීම. අපිට හදිස්සියට ගෙයක් හොයාගන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. එක දවසක් රෑ හදිස්සියේම අපිට යන්න කිවා. ගෙවල් දෙක වෙන් වෙලා තිබුණ දොර ගලවලා අයින් කලා. පිරිමි ඉන්න ගෙදරක් නිසා අම්මා අපි දෙන්නා දෙපැත්තෙන් නිදි කරවගෙන පහනක් පත්තු කරගෙන මුලු රෑම ඇහැරල අපිව ආරක්ෂා කලා.
පහුවදා ඉස්කෝලේ යන්න ඇදුම් අදින්නවත් විදිහක් නැහැ. මම එක වසරේ වුනාට කාමරෙන් පිට ඇදුම් මාරු කරන්න ලැජ්ජායි. ඒ ගෙදර කාමරෙයි සාලෙයි දෙකම එකයි ඉතින් දොර අයින් කලාම අපිට යන්න තැනක් තිබුනේ නැහැ වෙන........
අදට ගොඩක් දිග වැඩි වුනා. ඒත් මගේ හිතේ දුක මම වින්ද දුක මෙහෙම හරි ලියලා තියන්නම්. කවදා හරි ඔයාට කියවන්න. ඔයා අර ගෑණු ළමයා එක්ක කතා කරන්නේ මේ තරම් දුක් වින්ද කෙනෙක්ට තවත් දුක් දිලා කියලා ඔයා දැනගන්න ඔනේ නිසා.

Saturday, November 24, 2012
සිතිය හැකිනම් මොහොතක් මේ ගැනත්.....
ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න හිතුවා. හිතේ තියෙන හැගීම් හිර කරන් දුක් විදින්න බැරිම නිසා. මට ඔයාට කියන්න තියෙන දේවල් කියාගන්න බැහැ. හිතේ තියෙන දුක කියගන්න කෙනෙක් නැති නිසා මෙහෙම හරි ලියලා හිතේ දුක අඩු කරගන්න කියලා හිතුනා.
මතකද ඔයාට දැන් ටික කාලෙකට කලින් ඔයාට australia ඉදන් girl කෙනෙක් call කලා. මහ රෑ පැය දෙක තුනක් එක දිගට. මම ගොඩක් දුක් වුනා ඔයා මගෙන් ඈත් වෙද්දි. ඒ දුක දරාගන්න බැරි කමට මම පැය ගනන් ඔහේ ඇඩුවා. දවසම ඔහේ පැත්තකට වෙලා හිටියා කාත් එක්කවත් කතා කරන්නේ නැතිව. අන්තිමට හිතුවා ජීවිතේ නැති කරගන්න. ඒත් මාත් එක්ක කතා කරපු හැමදෙනාම මගේ හිත හැදුවා. ටික දවසක් ඉවසලා ඉද්දි ඔයා ඒ girl එක්ක කතා කරන එක නතර කලා. අයේමත් මාත් එක්ක ගොඩක් සතුටින් හිටියා.
ඒත් අපි දෙන්නාගේ සතුටට ආයෙමත් මොකක් වුනාද කියලා මට හිතා ගන්න බැහැ. කිසිම දුකක් කරදරයක් නැතිව ආයෙමත් ඔයා එක්ක සතුටින් ඉන්න හිතන් ඉද්දි ඔයාගේ අම්මා අපිව ඈත් කරන්න කතා කලා. ඔයායි මායි ගැලපෙන්නේ නැහැ කියලා. අපි රණ්ඩු වෙනවා සතුටින් ඉන්නේ නැහැ කියලා. මම වැරදි ගොඩක් කලා කියලා ඔයාට මගෙත් එක්ක කතා කරන්න එපා කිවලු ඔයාව සතුටින් තියන්න මට බැහැ කියනවා. ඒත් අපි කොයිතරම් සතුටින් ඉන්නවාද.. අපි අතරේ පොඩි පොඩි හිත් රිදවීම් වුනත් අපි අයෙමත් සමගි වෙලා සතුටින් ඉන්නවා. අපි ගොඩක් රණ්ඩු වුන ඒ පරණ සිදුවීමක් මතක තියාගෙන ඇයි ඇය එහෙම කියන්නේ...
මතකද ඔයාට අපි අතරට බලෙන් කෙනෙක් එන්න හැදුවා ගිය අවුරුද්දේ.. එයා නිසානේද මේ හැමදේම වුනේ.. එයා ඔයාට වඩා අවුරුදු 9ක් වැඩිමහල් එයා ඔයාව අයිති කරගන්න හැදුවා. ඒක මට දරාගන්න බැරි වුනේ ඔයා විතරමයි මගේ ලොකේ.. මට ඔයාව නැති වුනොත් මට ජීවත් වෙන්නවත් බැරි වේවි.
එයා මුලින් මුලින් කතා කරද්දි මම ඔයා ලග හිටියා මම ගනන් ගත්තේ නැහැ. පස්සේ එයා ඔයාට හැමවෙලේම කතා කරන්න පටන් ගත්තා. මුලින් එයාට කවුරුත් නැනේ කියලා පවු කියලා නිහඩව හිටියාට පස්සේ මටත් දුක හිතුනා එයා ඔයාව අයිති කරගන්න තරම් අපේ අතරට ඇවිත් අපි දෙන්නාට කතා කරන්න වෙලාවක් නැති තරමට එයා ඔයාට කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙවේ ඔයාට මතකද එය මට කොයි තරම් බැන්නාද... හදිස්සියේවත් ඔයා රෑට මාත් එක්ක කතා කලොත් එයා හැමදාම මට බැනලා message කලා. මම ඒ හැමදේම පුලුවන් උපරිමේට දරා ගත්තා.
ඒත් මටත් ඒ දේවල් දරාගන්න බැරි තැනටම ආව නිසයි ඔයා එක්ක රණ්ඩු වුනේ එයා එක්ක කතා කරන එක නතර කරන්න කියලා. මම ඔයාලාගේ ගෙදර අය ගොඩක් විශ්වාස කලා. ඒ නිසා මම ඔයා එයා එක්ක කතා කරද්දි ගෙදරට call කලා ඔයාට දැනගන්න එපා කතා කරන්න කියලා. මම ඔයාලාගේ අම්මා මගේ අම්මා වගේම කියලා හිතුන නිසා එයාට හැමදේම කිවා ඔයාට තේරුම් කරලා දේවි කියලා. ඒත් අන්තිමට වුන දේ මට හිතා ගන්නවත් බැහැ. මම දවසක් ඔයාලගේ ගෙදර අවේ හැමදෙයක්ම විසදගන්න. මට ඔයාගේ ගෙදර අලුත් තැනක් නෙවේ නිසා. මම පිළිගන්නවා මම කල ඒ දේවල් වැරදියි කියලා. මම එදා ඔයා එක්ක ගොඩක් රණ්ඩුවෙන්න හේතුව වුනේ ඔයාට ඒ අක්කා එවලා තිබුණ message එකක් කියවලා. මම ඔයාට ආදරේ කරන තරමට ඔයාගෙයි මගෙයි අතරේ තියෙන සම්බන්ධයේ තරමට එහෙම දෙයක් අහුවාම දුක හිතෙන්නේ තරහා යන්නේ නැති වුනොත් ඒ කෙනා මනුස්ස්යෙක් නෙවේ හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් නෙවේ. ඒ වෙලාවේ මම ඔයා එක්ක රණ්ඩු වුනාට මම ඔයාගෙන් අයින් වෙන්නම් කිවට ඔයාටවත් මටවත් බැහැ ඈත් වෙලා ඉන්න. අපි අයෙමත් ලංවුනා. පහුගිය වුන හැමදේම අමතක කරලා.
මම මගේ අතින් වුන වැරදි හැමදේම හදාගත්තා. ඔයා ඒ අක්කාගෙන් අයින් වුනා. අපි ආයේමත් සතුටින් හිටියා. ඒත් එක පාරටම කොහේදෝ ඉදන් අයෙමත් කෙනෙක් අපි අතරට එන්න හැදුවා. ඉස්සර වගේම ඔයා එයාට පවු කියලා එයා එක්ක කතා කලා. ඒත් දැන් අයෙමත් එයා එක්ක ඔයා කතා කරන්නේ නැහැ. ඒත් ඔයාලාගේ අම්මා මගේ අතින් වුන වැරදි පස්සේ තවමත් පන්නනවා. මම ඒ වැරදි හදාගෙන කියලා දැන දැනත් මට දැන් අකමැතියි කියනවා. මම දැන් ඒ වැරදි කරන්නේ නැහැ කියලා හොදටම දන්න ඔයාත් කියනවා අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා.
අපි මේ තරම් දුරක් ආවාට පස්සේ ඇයි ඔයාට හිතුනේ අපි ගැලපෙන්නේ නැහැ කියලා. අපි දෙන්නා මේතරම් ලංවෙන්න කලින් ඔයාටවත් හිතුනේ නැතිද. අපි ලංවෙලා හිටි විදිහට ඔයාට පුලුවන්ද හෘද සක්ෂියට එකගව මගෙන් අයින් වෙන්න.
ඔයාට මතකද ඔයා අර අක්කි එක්ක කතා කරද්දි මම ඔයා එක්ක් රණ්ඩුවෙද්දි ඔයා කියන කතාව. එයා එක්ක යළුවෙලා හිටිය කොල්ලා එයාව රවට්ටලා ගිහින්. ඊට පස්සේ එයා එක්ක යාළු වුන අයත් එයාව බැදලා නැහැ. එයා නොබැද ඉන්න හේතුව කොල්ලෝ එයාව රවට්ටපු නිසා. තනියෙන්ම කාත් කවූරුත් නැති නිසා ඔයා එයාට කතා කලේ. මටත් එයාට පවු හිතුනා. මම එයා මට කතා කරපු වෙලාවක කීවා අක්කේ ගෙදර අයට කියන්න ඔයාට කෙනෙක් හොයන්න කියලා ජොබ් එකත් තියෙනවා ඔයා ලස්සනයි එහෙම බදින්න කියලා. ඒත් එයා මාත් එක්ක රණ්ඩුවුනා ඔයා එයාගේ මට ඔයාගෙන් අයින් වෙන්න කියලා. මට ඔයාව එයාට දෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. මම රහත් වෙලා නැති නිසා.
දැන් මට හිතෙනවා එයා යාළුවෙලා හිටි කෙනා එයාව රැවැට්ටුවාම එයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද.. එදා ඒ අක්කි පවු කියලා මාත් එක්ක කිව ඔයාම දැන් කෙල්ලෙක්ව ඒ තත්වයට දාන්න හදන්නේ ඇයි. ඔයා හොදටම දන්නවා මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා. මට ඔයාව බදින්න බැරි වුනොත් වෙන කෙනෙක්ව බදින්නෙත් නැහැ මම ජීවත් වෙන්නෙත් නැහැ කියලා. ඒතරම් හොදින් මාව දන්න ඔයා ඇයි දැන් මාව අතාරින්න හදන්නේ... අර අක්කිට කෙනෙක් එහෙම කලා කියලා එයාට අනුකම්පා කල ඔයා ඇයි දැන් ඒ තත්වයට වැටෙන්නේ....
ඔයා ගොඩක් හොද කෙනෙක්... මාව තේරුම් ගන්න පුලුවන් ඔයාට විතරමයි. වැරැද්දක් කරන්න එපා ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන විදිහේ. අපි අපිව ගොඩක් හොදට තේරුම් අරන් තියෙනවා. ඔයාට ගොඩක් වෙලාවට මගේ උදවු ඔනේ වෙනවා මට ඔයාගේ උදවු ඔනේ වෙනවා. අපි අපෙන් ඈත් වුනොත් සදහටම අපේ ජීවිත වල ලොකු අඩුවක් තියෙවි... තේරුම්ගන්න හොදින් අපිට අපි නැතිව පැවැත්මක් නැහැ කියන එක......

Tuesday, September 11, 2012
මගේ හිතේ දුක......
මම.... ගොඩක් අයගේ හිතේ තියන දුක නැති වෙන්න SMS කරනවා චැට් කරනවා call කරනවා. එත් එ කවුරුවත්ම නොදකින මගේ ඇතුල් පැත්ත මහ දුක් ගොඩාක්. එයාලාට මම උදවු කරනවා තියා මට වත් මට උදවු කරගන්න බැහැ. ජීවිතේ අන්තෙටම කල කිරිලා ජිවීතේ නැති කරගන්න ක්රම හෙවුව කාලේ මගෙත් එක්ක චැට් කරලා ජීවත් වෙන්න හිත හැදුවා කවදාවත් නොදුටු යාලුවො... අමාරුවෙන් පන ගැට ගහගෙන විදව විදව අද වෙනකම්ම හිටියා...
මගේ ආදරේ පෙනි පෙනී මාව අත් ඇරලා ඈතට යද්දි අඩ අඩා එ දිහා බලාගෙන අම්මා හදලා දෙන්න හදන අලුත් ජීවිතේ ගැන උපේක්ෂාවෙන් බලාන හිටියත්... මගේ අතේ කිසිම වැරැද්දක් නැතිව මට චොදනා කරනවා මගේ වැරැද්ද නිසා මට අලුත් ජීවිතයක් හදා දෙන්න බැහැ කියලා.
යොජනා වලින් ගෙදරට එන අයත් එක්ක මම කතා කරද්දි මොකක් හරි වැරදි දෙයක් මගේ ආදරේ ගැන කියනවා ඇති කියලා අපේ අම්මා සැක කරනවා. එත් මම එහෙම කරන්නේ නැහැ. අපි සාමාන්ය මධ්යම පාන්තික පවුලක්. මහා ලොකු ඉඩමක් ගෙයක් නැහැ. ඒ දෙවල් වලට අකමැති අය කියන්නේ මම කෙට්ටු වැඩියි පොඩි වැඩියි වගේ දෙවල්. අම්මා හිතන්නේ මම කියන දෙවල් නිස කියලා.
එ තරම් ඉවසන මට අන්තිමේදි එකෙනුත් හිතට කරදරයක් දුකක් ඉතිරි වෙන්නෙ. අඩුම තරමේ එයාලා ඇත්තම කියනවා නම්....අපේ පවුලේ සමගියවත් තියෙයි...
ජිවිතේ අන්ත අසරණ තත්වයට වැටිලා මම දැන්නම්...
තවත් ටික දවසක් ඔහේ ජීවත් වෙනවා. එත් අයෙත්නම් මගේ ජීවිතේ ගැන තීරණය වෙනස් කරන්න ගොඩාක් අමාරුයි....
ඉන්න ටික දවසට හිත හදාගෙන ඉන්න බැරි වුනත් මගෙත් එක්ක ඉන්න අයගේ හිත හදලා ඊලග ආත්මේදිවත් මේ තරම් දුක් විදින්න වෙන්න එපා කියලා ප්රර්ථනා කරනවා.....

Subscribe to:
Posts (Atom)