Saturday, November 24, 2012

සිතිය හැකිනම් මොහොතක් මේ ගැනත්.....

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න හිතුවා. හිතේ තියෙන හැගීම් හිර කරන් දුක් විදින්න බැරිම නිසා. මට ඔයාට කියන්න තියෙන දේවල් කියාගන්න බැහැ. හිතේ තියෙන දුක කියගන්න කෙනෙක් නැති නිසා මෙහෙම හරි ලියලා හිතේ දුක අඩු කරගන්න කියලා හිතුනා.

මතකද ඔයාට දැන් ටික කාලෙකට කලින් ඔයාට australia ඉදන් girl කෙනෙක් call කලා. මහ රෑ පැය දෙක තුනක් එක දිගට. මම ගොඩක් දුක් වුනා ඔයා මගෙන් ඈත් වෙද්දි. ඒ දුක දරාගන්න බැරි කමට මම පැය ගනන් ඔහේ ඇඩුවා. දවසම ඔහේ පැත්තකට වෙලා හිටියා කාත් එක්කවත් කතා කරන්නේ නැතිව. අන්තිමට හිතුවා ජීවිතේ නැති කරගන්න. ඒත් මාත් එක්ක කතා කරපු හැමදෙනාම මගේ හිත හැදුවා. ටික දවසක් ඉවසලා ඉද්දි ඔයා ඒ girl එක්ක කතා කරන එක නතර කලා. අයේමත් මාත් එක්ක ගොඩක් සතුටින් හිටියා.

ඒත් අපි දෙන්නාගේ සතුටට ආයෙමත් මොකක් වුනාද කියලා මට හිතා ගන්න බැහැ. කිසිම දුකක් කරදරයක් නැතිව ආයෙමත් ඔයා එක්ක සතුටින් ඉන්න හිතන් ඉද්දි ඔයාගේ අම්මා අපිව ඈත් කරන්න කතා කලා. ඔයායි මායි ගැලපෙන්නේ නැහැ කියලා. අපි රණ්ඩු වෙනවා සතුටින් ඉන්නේ නැහැ කියලා. මම වැරදි ගොඩක් කලා කියලා ඔයාට මගෙත් එක්ක කතා කරන්න එපා කිවලු ඔයාව සතුටින් තියන්න මට බැහැ කියනවා. ඒත් අපි කොයිතරම් සතුටින් ඉන්නවාද.. අපි අතරේ පොඩි පොඩි හිත් රිදවීම් වුනත් අපි අයෙමත් සමගි වෙලා සතුටින් ඉන්නවා. අපි ගොඩක් රණ්ඩු වුන ඒ පරණ සිදුවීමක් මතක තියාගෙන ඇයි ඇය එහෙම කියන්නේ...

මතකද ඔයාට අපි අතරට බලෙන් කෙනෙක් එන්න හැදුවා ගිය අවුරුද්දේ.. එයා නිසානේද මේ හැමදේම වුනේ.. එයා ඔයාට වඩා අවුරුදු 9ක් වැඩිමහල් එයා ඔයාව අයිති කරගන්න හැදුවා. ඒක මට දරාගන්න බැරි වුනේ ඔයා විතරමයි මගේ ලොකේ.. මට ඔයාව නැති වුනොත් මට ජීවත් වෙන්නවත් බැරි වේවි.

එයා මුලින් මුලින් කතා කරද්දි මම ඔයා ලග හිටියා මම ගනන් ගත්තේ නැහැ. පස්සේ එයා ඔයාට හැමවෙලේම කතා කරන්න පටන් ගත්තා. මුලින් එයාට කවුරුත් නැනේ කියලා පවු කියලා නිහඩව හිටියාට පස්සේ මටත් දුක හිතුනා එයා ඔයාව අයිති කරගන්න තරම් අපේ අතරට ඇවිත් අපි දෙන්නාට කතා කරන්න වෙලාවක් නැති තරමට එයා ඔයාට කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙවේ ඔයාට මතකද එය මට කොයි තරම් බැන්නාද... හදිස්සියේවත් ඔයා රෑට මාත් එක්ක කතා කලොත් එයා හැමදාම මට බැනලා message කලා. මම ඒ හැමදේම පුලුවන් උපරිමේට දරා ගත්තා.

ඒත් මටත් ඒ දේවල් දරාගන්න බැරි තැනටම ආව නිසයි ඔයා එක්ක රණ්ඩු වුනේ එයා එක්ක කතා කරන එක නතර කරන්න කියලා. මම ඔයාලාගේ ගෙදර අය ගොඩක් විශ්වාස කලා. ඒ නිසා මම ඔයා එයා එක්ක කතා කරද්දි ගෙදරට call කලා ඔයාට දැනගන්න එපා කතා කරන්න කියලා. මම ඔයාලාගේ අම්මා මගේ අම්මා වගේම කියලා හිතුන නිසා එයාට හැමදේම කිවා ඔයාට තේරුම් කරලා දේවි කියලා. ඒත් අන්තිමට වුන දේ මට හිතා ගන්නවත් බැහැ. මම දවසක් ඔයාලගේ ගෙදර අවේ හැමදෙයක්ම විසදගන්න. මට ඔයාගේ ගෙදර අලුත් තැනක් නෙවේ නිසා.  මම පිළිගන්නවා මම කල ඒ දේවල් වැරදියි කියලා. මම එදා ඔයා එක්ක ගොඩක් රණ්ඩුවෙන්න හේතුව වුනේ ඔයාට ඒ අක්කා එවලා තිබුණ message එකක් කියවලා. මම ඔයාට ආදරේ කරන තරමට ඔයාගෙයි මගෙයි අතරේ තියෙන සම්බන්ධයේ තරමට එහෙම දෙයක් අහුවාම දුක හිතෙන්නේ තරහා යන්නේ නැති වුනොත් ඒ කෙනා මනුස්ස්යෙක් නෙවේ හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් නෙවේ. ඒ වෙලාවේ මම ඔයා එක්ක රණ්ඩු වුනාට මම ඔයාගෙන් අයින් වෙන්නම් කිවට ඔයාටවත් මටවත් බැහැ ඈත් වෙලා ඉන්න. අපි අයෙමත් ලංවුනා. පහුගිය වුන හැමදේම අමතක කරලා.

මම මගේ අතින් වුන වැරදි හැමදේම හදාගත්තා. ඔයා ඒ අක්කාගෙන් අයින් වුනා. අපි ආයේමත් සතුටින් හිටියා. ඒත් එක පාරටම කොහේදෝ ඉදන් අයෙමත් කෙනෙක් අපි අතරට එන්න හැදුවා. ඉස්සර වගේම ඔයා එයාට පවු කියලා එයා එක්ක කතා කලා. ඒත් දැන් අයෙමත් එයා එක්ක ඔයා කතා කරන්නේ නැහැ. ඒත් ඔයාලාගේ අම්මා මගේ අතින් වුන වැරදි පස්සේ තවමත් පන්නනවා. මම ඒ වැරදි හදාගෙන කියලා දැන දැනත් මට දැන් අකමැතියි කියනවා. මම දැන් ඒ වැරදි කරන්නේ නැහැ කියලා හොදටම දන්න ඔයාත් කියනවා අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා.

අපි මේ තරම් දුරක් ආවාට පස්සේ ඇයි ඔයාට හිතුනේ අපි ගැලපෙන්නේ නැහැ කියලා. අපි දෙන්නා මේතරම් ලංවෙන්න කලින් ඔයාටවත් හිතුනේ නැතිද. අපි ලංවෙලා හිටි විදිහට ඔයාට පුලුවන්ද හෘද සක්ෂියට එකගව මගෙන් අයින් වෙන්න.

ඔයාට මතකද ඔයා අර අක්කි එක්ක කතා කරද්දි මම ඔයා එක්ක් රණ්ඩුවෙද්දි ඔයා කියන කතාව. එයා එක්ක යළුවෙලා හිටිය කොල්ලා එයාව රවට්ටලා ගිහින්. ඊට පස්සේ එයා එක්ක යාළු වුන අයත් එයාව බැදලා නැහැ. එයා නොබැද ඉන්න හේතුව කොල්ලෝ එයාව රවට්ටපු නිසා. තනියෙන්ම කාත් කවූරුත් නැති නිසා ඔයා එයාට කතා කලේ. මටත් එයාට පවු හිතුනා. මම එයා මට කතා කරපු වෙලාවක කීවා අක්කේ ගෙදර අයට කියන්න ඔයාට කෙනෙක් හොයන්න කියලා ජොබ් එකත් තියෙනවා ඔයා ලස්සනයි එහෙම බදින්න කියලා. ඒත් එයා මාත් එක්ක රණ්ඩුවුනා ඔයා එයාගේ මට ඔයාගෙන් අයින් වෙන්න කියලා. මට ඔයාව එයාට දෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. මම රහත් වෙලා නැති නිසා.

දැන් මට හිතෙනවා එයා යාළුවෙලා හිටි කෙනා එයාව රැවැට්ටුවාම එයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද.. එදා ඒ අක්කි පවු කියලා මාත් එක්ක කිව ඔයාම දැන් කෙල්ලෙක්ව ඒ තත්වයට දාන්න හදන්නේ ඇයි. ඔයා හොදටම දන්නවා මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා. මට ඔයාව බදින්න බැරි වුනොත් වෙන කෙනෙක්ව බදින්නෙත් නැහැ මම ජීවත් වෙන්නෙත් නැහැ කියලා. ඒතරම් හොදින් මාව දන්න ඔයා ඇයි දැන් මාව අතාරින්න හදන්නේ... අර අක්කිට කෙනෙක් එහෙම කලා කියලා එයාට අනුකම්පා කල  ඔයා ඇයි දැන් ඒ තත්වයට වැටෙන්නේ....

ඔයා ගොඩක් හොද කෙනෙක්... මාව තේරුම් ගන්න පුලුවන් ඔයාට විතරමයි. වැරැද්දක් කරන්න එපා ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන විදිහේ. අපි අපිව ගොඩක් හොදට තේරුම් අරන් තියෙනවා. ඔයාට ගොඩක් වෙලාවට මගේ උදවු ඔනේ වෙනවා මට ඔයාගේ උදවු ඔනේ වෙනවා. අපි අපෙන් ඈත් වුනොත් සදහටම අපේ ජීවිත වල ලොකු අඩුවක්  තියෙවි... තේරුම්ගන්න හොදින් අපිට අපි නැතිව පැවැත්මක් නැහැ කියන එක......

Tuesday, September 11, 2012

මගේ හිතේ දුක......

මම.... ගොඩක් අයගේ හිතේ තියන දුක නැති වෙන්න SMS කරනවා චැට් කරනවා call කරනවා. එත් එ කවුරුවත්ම නොදකින මගේ ඇතුල් පැත්ත මහ දුක් ගොඩාක්. එයාලාට මම උදවු කරනවා තියා මට වත් මට උදවු කරගන්න බැහැ. ජීවිතේ අන්තෙටම කල කිරිලා ජිවීතේ නැති කරගන්න ක්‍රම හෙවුව කාලේ මගෙත් එක්ක චැට් කරලා ජීවත් වෙන්න හිත හැදුවා කවදාවත් නොදුටු යාලුවො... අමාරුවෙන් පන ගැට ගහගෙන විදව විදව අද වෙනකම්ම හිටියා...

මගේ ආදරේ පෙනි පෙනී මාව අත් ඇරලා ඈතට යද්දි අඩ අඩා එ දිහා බලාගෙන අම්මා හදලා දෙන්න හදන අලුත් ජීවිතේ ගැන උපේක්ෂාවෙන් බලාන හිටියත්... මගේ අතේ කිසිම වැරැද්දක් නැතිව මට චොදනා කරනවා මගේ වැරැද්ද නිසා මට අලුත් ජීවිතයක් හදා දෙන්න බැහැ කියලා.

යොජනා වලින් ගෙදරට එන අයත් එක්ක මම කතා කරද්දි මොකක් හරි වැරදි දෙයක් මගේ ආදරේ ගැන කියනවා ඇති කියලා අපේ අම්මා සැක කරනවා. එත් මම එහෙම කරන්නේ නැහැ. අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. මහා ලොකු ඉඩමක් ගෙයක් නැහැ. ඒ දෙවල් වලට අකමැති අය කියන්නේ මම කෙට්ටු වැඩියි පොඩි වැඩියි වගේ දෙවල්. අම්මා හිතන්නේ මම කියන දෙවල් නිස කියලා.

එ තරම් ඉවසන මට අන්තිමේදි එකෙනුත් හිතට කරදරයක් දුකක් ඉතිරි වෙන්නෙ. අඩුම තරමේ එයාලා ඇත්තම කියනවා නම්....අපේ පවුලේ සමගියවත් තියෙයි...
ජිවිතේ අන්ත අසරණ තත්වයට වැටිලා මම දැන්නම්...

තවත් ටික දවසක් ඔහේ ජීවත් වෙනවා. එත් අයෙත්නම් මගේ ජීවිතේ ගැන තීරණය වෙනස් කරන්න ගොඩාක් අමාරුයි....

ඉන්න ටික දවසට හිත හදාගෙන ඉන්න බැරි වුනත් මගෙත් එක්ක ඉන්න අයගේ හිත හදලා ඊලග ආත්මේදිවත් මේ තරම් දුක් විදින්න වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.....

Tuesday, August 21, 2012

සොදුරු පැතුමන් 01...... ඔයාව අයිති මටයි පැටියො

ට්‍රීං ට්‍රීං ....... ට්‍රීං ට්‍රීං....
කාවින්දිගේ ගෙදර ටෙලිෆොනය නොනවත්වා නාද වෙනවා ඉරිදා උදෙන්ම. කාවින්දි කාමරයට වෙලා කාමරය අස් කරමින් සිටියා නිවාඩු දවස නිසා. කාවින්දිගේ අම්මා දුව ගොස් ටෙලිෆොනය answer කලා.

" හෙලො"
"හෙලො කාවින්දිගේ අම්මාද කතා කරන්නේ"
"ඔව් කවුද මේ කතා කරන්නේ"
"මම නිසල්ගේ අම්මා "

කාවින්දිගේ අම්මා පුදුමයට පත් වුනා. පසුගිය කාලේ කාවින්දිගේත් නිසල්ගේත් සම්බන්ධය විවාහයෙන් කෙලවර කිරීමට ඇයට කතා කලත් ඇය ඒ පිලිබද අකමැත්ත කෙලින්ම කියන්නේ නැතිව නිසල්ගේ හිත තමා කෙරෙහි බිදවූ අයුරුත් අද ඇයම කතා කරන්නේ කුමකටද කියාත්...

"ඔව් කියන්න ඇයි හදිස්සියේ කතා කලේ"

"හදිස්සියක්මත් නෙවේ මම කතා කලේ නිසල්ගෙයි කාවින්දිගෙයි සම්බන්ධය ගැන කතා කරන්න"
"හ්ම්ම් කියන්නකො දැන් ඔයාලාගේ තීරණය මොකක්ද කියලා. පහුගිය වතාවේ නිසල් එක්ක මම කතා කලම එයා බැහැ කියලා කිවා. ඒ වගේම එයා කාවින්දි එක්කත් ගොඩක් රණ්ඩු වෙලා තිබුනා ඒ ගැන. ඉතින් මම කාවින්දිට කෙනෙක් හොයන්න පටන් ගත්තා පත්තරේට දැන්වීමක් දාලා"
"අක්කේ මම හිතන්නේ එහෙම ඔනේ වෙන එකක් නැහැ. දෙන්නාගේ කැමැත්ත තියෙනවානේ අපි ඒ දෙන්නාගේ කැමැත්තට ඉඩ දෙමු"

"මම මුල ඉදන්ම තීරණය කලේ මොනදේ වුනත් දරුවාගේ සතුටට ඉඩ දෙන්න. දැන්වත් ඔයාලා ඒ දේ තේරුම් ගත්තානෙ නංගි. එහෙනම් ඔයාලා පහසු දවසක අපේ ගෙදර එන්න අපි නිදහසේ මේ ගැන කතා කරමු. එන දවස පස්සේ කියන්නකො ගෙදර අයත් එක්ක කතා කරගෙන"
"හරි එහෙනම් මම තියන්නම්. මම එන දවසක් කියන්නම්. බුදුසරණයි"
"හොදයි එහෙම කරමු. බුදුසරණයි"

කාවින්දිගේ අම්මා ටෙලිෆොනය තබා කාවින්දිගේ අක්කා හොයාගෙන ගියා. සිදුවූ කතා බහ ඇයට පවසන් අතරේ කාවින්දිත් ඔවුන් ලගට ආවා.

"ඔන්න එහෙනම් අන්තිමට ඔයා දින්නා"
කාවින්දිගේ අක්කා එහෙම කිවා. මුලින් වුන කතාව නොදන්න නිසා කාවින්දිට හිතා ගන්න බැහැ මොකක්ද කියලා. ඊටත් වඩා පහු වුන දවස් වල අම්මා හොයන මනමාලයො ගෙදර ආව ගිය නිසා නිසල් එක්ක වුන හිත් අමනාපකම් නිසා ගොඩක් හිත රිදිලා හිටි නිසාත් කාවින්දිට අක්කා කියන්නේ මොකක්ද කියලා එක පාරටම හිතා ගන්න බැරි වුනා.

"මොකක්ද අක්කා.. මොකෙන්ද දිනලා තියෙන්නේ... මම ලගකදි මොකක්වත් තරගෙකට ගියෙ නැහැ නේ..."
කාවින්දි එහෙම කියද්දි එයාගේ අම්මාටයි අක්කාටයි දෙන්නාට හොදටම හිනා. කාවින්දි අන්ද මන්දව ඔවුන් දෙස බලා ඉද්දි අක්කාගේ කුඩා දියණිය ඇවිත් ඇයට කරදර කරන්න පටන් ගත්තා.
"අනේ කියන්නකො අක්කා"
"අන්න ඔයාගේ කුමාරයයි එයාගේ ගෙදර අයයි ඔයාලාගේ කසදේ කරන්න කැමති වෙලා එයාලා ලගදිම එනවාලු මෙහෙ"
"කවුද මගේ කුමාරයා කිවේ නිසල්ටද අනේ අම්මා විහිලු කරන්නේ නැතිව "
"ඔව් පොඩි දුව නිසල්ගේ අම්මා කතා කලේ එයාලා දැන් කැමතියි ලු ඔයාලාගේ සම්බන්ධයට. කසාදේ ගැන කතා කරගන්න ලගදි දවසක මෙහෙ එන්නම් කීවා. "

කාවින්දිට සතුට දරාගන්න බැරි වුනා. පහුගිය දවස් වල දන්නේ නැති අය ඉස්සරහාට ලස්සනට ඇදගෙන ඇවිත් හිනාවෙලා කතා කරලා එපා වෙලාහිටියෙ. දැන්නම් ආයෙමත් එහෙම රගපාන්න ඔනේ නැහැ. කාවින්දි එයාගේ කාමරේට දුවගෙන ගිහින් මොබිලෙ එකත් අරන් ඇදේ පෙරලුනේ ඉක්මනටම නිසල්ට කතා කරලා මේ ඇත්තම ඇත්තද කියලා අහන්න.

"හෙලො"
අනෙක් පසින් නිසල්ගේ කට හඩ ඇසුනාම කාවින්දිට කතා කරගන්න බැරිව ගියා සතුට වැඩි කමට.
"හෙලො කාවින්දි ඇහෙන්නේ නැහැ ඔයාව"
"නිසල් මට ඇහෙනවා ඔයාව"
"අයි බබා කතා කරන්නේ නැත්තේ call එක අරගෙන"
"අනේ නිසල් sorry මගේ පන මට සතුට වැඩි කමට කතා කරගන්න බැරි වුනේ"
"ඒ පාර මොකක්ද ඔයාට හදිස්සියේ දැනුණු ලොකු සතුට"
"අනේ නිසල් ඔයානම් හරිම නරකයි මට කිසිම දෙයක් කියන්න දෙන්නේ නැහැනේ"
"හරි බබා දැන් කියන්නකො ඔයාගේ සතුට මොකක්ද කියලා"
"නිසල් ඔයාගේ අම්මා අපේ අම්මාට කතා කරලා මේ දැන්. එයා කැමතිවෙලා අපේ කසාදේ කරන්න. ඔයාලා ලගදි දවසක අපේ ගෙදර එනවා කිවාලු. ඒක ඇත්තද වස්තු. ඒක ඇත්තක්ද? "
"ඔව් පැටියො ඒක ඇත්ත. මට ගොඩක් දුක හිතුනා ඔයා නිකම් විකුණන්න තියෙන දෙයක් වගේ ලස්සනට සරසලා හැම සති අන්තයකම එක එක්කෙනාට පෙන්නද්දි. මට අයිති ඔයාවනේ මම මෙහෙම දුකට පත් කරන්නේ කියලා හිතුනා. මම අපේ අම්මා එක්ක කතා කලා කාවින්දි. අපි එනවා ඔයාලාගේ ගෙදර අපේ කසාදේ ගැන කතා කරගන්න. ඒක ඇත්ත.... ඇත්තටම ඇත්ත...."

"නිසල් මගේ වස්තු මට ගොඩාක් සතුටුයි... කියගන්න බැරි තරම් ගොඩාක්.. මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පන ගොඩක් ආදරෙයි...."

"මමත් ඔයාට ගොඩාක් ආදරෙයි බබා... හැමදාටම. මම දැන් ගමනක් යන්න ලෑස්ති වෙන්න ඔනේ මම ඔයාට පස්සේ කතා කරන්නම් පැටියො"
"හා නිසල්.. බුදුසරණයි මගේ පන..."
"බුදුසරණයි"

කාලෙකට පස්සේ නිසල් බුදුසරණයි කියලා දුරකතනය විසන්දි කලා.

කාවින්දිට ගොඩාක් සතුටුයි. නිසල් අම්මා එක්ක තරහා වෙලා සම්බන්ධය නතර කරමු මට කවදාවත් ඔයාව බදින්න බැහැ කිවාට පස්සේ මේ තරම් සතුටින් හිටි දවසක් මතක නැහැ. පහුගිය දවස් වල දිගටම ඇඩුවා. ඇස් රතු වෙනකම්ම හුස්ම ගන්න බැරි වෙනකම්ම ඇඩුවා නිසල් මගෙන් ඈත් වෙන්න හැදනවා අම්මා වෙන කසාදයක් කරලා දෙන්න හදනවා. ඒ එන කාටවත්ම මම කැමති නැහැ. මට ඔනේ වුනේ නිසල් මගේ නිසල් විතරමයි. හැමදාම හවස පන්සල් ගිහින් මල් පූජා කරලා ප්‍රාර්ථනා කලේ මගේ නිසල්වම මට ලැබෙන්න කියලා. ගොඩක් වෙලාවට අම්මා කිවා වෙන්නේ නැති දේවල් ප්‍රාර්ථනා කරන්න එපා. හොදක් වෙන්න කියලා කියන්න කියලා.

මම අම්මා කිවදේ ඇහුවේ නැති නරක ලමයෙක් තමා. ඒත් මට ඔනේ කලේ ලොකු ලොකු දේවල් නෙවේ නිසල් එක්ක සතුටි ගත කරන පුන්චි පවුලක්. කොහොම හරි හිතුවක්කාර විදිහට හරි ප්‍රාර්ථනා කරලා මම මගේ පන හැමදාටම මගේ කර ගත්තා. පහුගිය දවස් වල හිතේ තිබුණ දුක කොහේ ගියාද නැහැ. මම ඒ දවස් ටික හරිම සතුටින් ගතකලා. මගේ නිසලුත් මමත් ආයෙමත් ගොඩක් ලන් වුනා.
ඒ අතරෙම ඒ සතියේ බ්‍රහස්පතින්දා නිසල්ගේ අම්මා කතා කරලා කිවා සෙනසුරාදා අපේ ගෙදර එයාලා එනවා කියලා.....

Wednesday, August 15, 2012

අයදිමි නුබේ පෙම....

කිසිදු අඩුපාඩුවක් නැති ප්‍රියමනාප පෙනුමක් ඇති
නුබට පෙම් බැන්දෙමි.....
සුරගනක් සේ මනබදනා රුවක් නොවුවද.....
යන්තමින් පෙනුමැතියි මම......
එනමුදු......
හැර යන්නට සැරසේ නුබ මා.....
අයිති වන්නට ඉඩ දී.......
මුදුවක් පලදින්නටවත් නොහැකි ඔහුට.....
අයදින්නට තවත් වරක්
නුබේ පෙම....
අමතන්න මා තවත් එකම් එක වතාවක්වත්....
නුබට පිදු ආදරේ නාමයෙන්

Tuesday, August 14, 2012

මට බයයි බදින්න මගේ කුමාර ජීවිතේ නැති වෙයි කියලා....

නිසල් පවුලේ වැඩිමලා. එයාට නංගි කෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා වුනත් එයා එකම පිරිමි දරුවා නිසා ගෙදරින් මාර සැලකිලි තියෙන්නේ එයාට. එයාලාගේ පුන්චි ඉන්නේ එයාලාගේ ගෙදර.
නිසල් පුන්චි කාලේ එයාව බලාගන්න තමා පුන්චි ඇවිත් තියෙන්නේ. හේතුව එයාලාගේ අම්මා වැඩට යනවානෙ. ඉතින් දැන් නිසල් ගොඩක් ලොකු කෙනෙක් වුනත් එයාගේ පුන්චිට එයා තවම පොඩි බබෙක්.
නිසල් උදේ නැගිට්ටාම එයාගේ පුන්චි එයාට තේ එකක් හදලා ලගටම ගෙනත් දෙනවා. ඉන් පස්සේ නිසල් උදේ එයාගේ වැඩ ටික කරනවා. එයා මුණ හොදලා උදේ ලෑස්තිවුනාම පුන්චි එයාට උදේ කෑම හදලා දෙනවා. එයා එකත් කාලා යනවා. කොහොම හරි නිසල් එයාගේ කිලිටි ඇදුම් කූඩේකට දාලා තියනවා. එයාගේ පුන්චි තමා එවා හොදන්නේ. පුන්චි නිසල්ගේ ඇදුම් හොදලා වෙලලා නවලා අල්මාරියටත් දානවා. නිසල්ට තියෙන්නේ කොහේ හරි යන්න ඔනේ වුනාම අල්මාරිය ඇරලා ඇදුමක් තොරගෙන ඒක ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.

නිසල් එයාගේ වැඩ වලට ගිහින් හවස තුන හතර විතර වෙද්දි ගෙදර එනවා. එයා දවල්ට කෑම අරගෙන යන්නේ නැහැ ඇවිත් තමා කන්නේ. නිසල් ගෙදර ඇවිත් පුන්චිට කියනවා
"පුන්චී බඩගිනියි කමුද" කියලා
එතකොට පුන්චිත් එයාට කැම බෙදලා දෙනවා. නිසල් ඇදුම් මාරු කරගෙන ඇවිත් කනවා. සමහර දවස් වලට නිසල්ට ගොඩක් මහන්සි දවස් වලට එයා පුන්චිට කියලා කවා ගන්නවා.

දවල්ට කෑවාට පස්සේ නිසල් mails බලාලා face book බලලා පත්තරේ එහෙම බලනවා. ඔහොම පැයක් විතර ඉදලා එයා හොදට හවසට නිදා ගන්නවා. හවස 5.30 විතර නිදා ගෙන රෑ 7.30ට විතර නැගිටිනවා. ඉන් පස්සේ මෙයා හිමින් පුන්චිට කිට්ටු කරලා තේ එකක් ඉල්ලනවා. පුන්චිත් එයාට තේ හදලා දෙනවා. නිසල් තේ එක බීලා එයාට miss වුන calls තියෙනවා නම් ඒවාට call back කරලා තියෙන වැඩ ටික කරනවා. ගොඩක් දවසට මෙයාට යාලුවො හම්බ වෙන්න තියෙනවා. ඉතින් අයෙමත් නිසල් ලෑස්ති වෙලා ඒ ගමන් ටික ගිහින් ගෙදර එද්දි රෑ 10 විතර වෙනවා.

ඔය අතරේ විශේෂ දෙයක් වෙනවා ඒ තමා නිසල් කොහේ හරි යනවා නම් ගෙදරින් එලියට බහිද්දි කදුලු සමනලීට call එකක් දෙන්න අමතක කරන්නේ නම් නැහැ. එයාට යන්න ඔනේ තැනට ගිහින් call එක cut කරනවා. ඒ වගේම තමා එයා ආපහු ගෙදර එද්දි තනියෙන් ඇවිදගෙන ආවොත් ගෙදරට එනකම් කදුලු සමනලී එක්ක කතා කරනවා. වෙන කෙනෙක් මුණ ගැහිලා එයා එක්ක කතා කර කර ආවොත් ගෙදරට ආව ගමන් call කරනවා.

ඉන්පස්සේ නිසල් රෑට කෑම කනවා කාලා ඉවර වෙලා අන්තර්ජාලයේ සැරි සරනවා. ගොඩක් වෙලාවට කරන්නේ gmail එකේ face book එකේ එහෙට මෙහෙට වෙවි ඉන්න එකයි බ්ලොග් කියවන එකයි. කොහොම හරි ඔය අතරෙම කාවින්දි එක්කත් කතා කරනවා. ඒ වගෙම තමා නිසල්ට හැමදාම රෑට තේ එකක් ඔනේ. ඒනිසා අම්මා එයාට තේ එකක් හදලා කාමරේටම ගෙනත් දෙනවා.

කොහොම කොහොම හරි 12 විතර වෙනකම් නිසල් කාවින්දි එක්ක කතා කර කර ඉන්නවා. ඉන් පස්සේ phone එක තියනවා. ඊට පස්සේ නිසල් වැරදි වැඩක් කරනවා. එයාගේ පරණ යෙහෙලියක් අයෙමත් face book එකෙන් මුණ ගැහිලා එයා හැමදාමත් පාන්දර 3 විතර වෙනකම් Australia වේ ඉදන් කතා කරනවා. මේ නිසා කාවින්දි නිදාගන්න ගියත් ආයෙමත් ඇහැරෙනවා නිසල්ගේ වැරදි වැඩේ නිසා. කොහොම හරි නිසල් නිදා ගනිද්දි පාන්දර 3 පහු වෙනවා.

 මේ ගැන නිසල්ගේ වචනයෙන් කියනවානම් එයාගේ කුමාර ජිවිතය.

කොහොම හරි අද නිසල් ගෙදර එද්දි එයාලාගේ අම්මා වැඩට ගිහින් තාත්තා ගමනක් ගිහින්. පුන්චි නංගිලාගේ ගෙදර ගිහින්. මට කියන්න අමතක වුනානේ නිසල්ගේ නංගි බැදලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. ඉතින් අද නිසල් ගෙදර එද්දි ගෙදර කවුරුත් ඉදලා නැහැ.

ඒ නිසා නිසල් ගෙදර ඇවිත් කෑම බෙදාගෙන කාලා පිගන් හැදි එහෙම හොදලා තනියෙන්ම. ඉන් පස්සේ එයා කොමඩු ගෙඩියකුත් කපාගෙන කාලා. කොහොම හරි නිසල් කොමඩු කන අතරේ කාවින්දි කතා කලා. ඒ වෙලාවේ නිසල් කිවා එයාට බයයිලු දැන්ම කාවින්දිව බදින්න. කාවින්දි ඇහුවා ඇයි කියලා එයාට බය හිතිලා එයාට එයා ගත කරන කුමාර ජීවිතේ අහිමි වෙයි කියලා. නිසල් බය වෙලා බැන්දාට පස්සේ එයාට බෙදාගෙන නෙවේ උයාගෙන කන්න වෙයි කියලා.

කාවින්දි ඒකට කිවේ ඔයා මාව බැන්දොත් ඔයාගේ කුමාර ජීවිතේ ටිකක් හරි ඉතිරි වෙවි. නැතිනම් ඔයාගේ නංගිට පැංචෙක් හම්බවුනාම ඔයාට ඔය තියන් ටික ඔක්කොම නැති වෙලා යාවි කියලා.
නිසල් ඔයා ඇත්තටම ඔහොම ඉස්සරහටත් කුමාරයා වගේ ඉන්න නම් ඔයාට බදින්න වෙනවා. ඔයා කාවින්දිව බැන්දොත් ඔයාට ඔය විදිහටම අතට පයට වැඩ කරලා දේවි. නැතිව ඔයාට මහ රෑ තිස්සේ කතා කරලා ඔයාගේ ජීවිතේට එන්න දගලන Australia වේ ඉන්න කෙනා බැන්දොත්නම් ඔයාට බය වෙන්නම වෙනවා ඔයාගේ කුමාර ජීවිතේ ගැන...




Tuesday, June 5, 2012

මට ඔයා ලග හැමදාම ඉන්න වෙන්නේ නැහැ කදුලු සමනලී......

අපි දෙන්නාගේ ආදරය සතුටින් ගලා ගෙන ගියා. කාලය ගෙවිලා යද්දි අනිත් හැමදේම ඔහේ තියෙද්දි අපි දෙන්නා ගොඩාක් සතුටින් හිටියා. ඒ දවස් වල අපිට lectures තිබුනත් නැතත් අපි ආයතනයට යන්න අමතක කලේ නැහැ. හැමදාම යන්න හේතුව වුනේ අපි දෙන්නාට හැමදාම මුණගැහෙන්න තිබුණ උවමනාව නිසයි.

අපි හැමදාමත් උදේ හවස එකට ආවා ගියා. ඒවගෙම සති දෙකකට සැරයක් park එකට ගිහින් ඔහේ කියව කියව ඉන්න අපි පුරුදු වුනා. ඔහොම ගිය හැමදාම සිහින සමනලයා කලේ කදුලු සමනලී හුළගේ ගහගෙන යයි වගේ ගොඩාක් තදින් ඇගට තුරුල් කරන් උන්නු එකයි. ඔහොම ඉන්දැද්දි කදුලු සමනලීගේ දෙතොල් සිප ගන්නත් අමතක කලේ නැහැ.

දෙදෙනාටම හොරෙන් කාලය ගෙවිලා යද්දි අපි දෙන්නාගේ ආදරයට මාස හයක් විතර වුනා. එ වෙද්දි අපි දෙන්නා අතර ගොඩාක් ලොකු බැදීමක් ඇති වෙලා තිබුනා. ඒත් නිසල්ගේ කලින් තිබුන සම්බන්ධය නවත්තන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඒකට හේතුව කියන්න මම දන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේදි එක දවසක් ඒ girl මට call කල. අන්තිමේදි නිසල්ට සිද්ද වුනා අපි දෙදෙනාගෙන් කෙනෙක් තොරගන්න.

එදා උදෙන්ම අපේ ගෙදරට ලැබුනේ අසුභ ආරන්චියක්. ඒ තමා අපේ අත්තම්මා නැති වුනා කියලා. අපේ අම්මලා උදෙන්ම යන්න ලැස්ති වුනත් මට අනිවාර්‍යයෙන්ම ආයතනයට යන්න ඔනේ වුනා. මට lectures යනවාට වඩා උවමනා වුනේ නිසල් මුණ ගැහිලා එයාගේ තීරණය මොකක්ද කියලා දැනගන්න.

කොහොම හරි එදා මම ගෙදරින් බැනුම් අහගෙනම station එකට අවා. මම එද්දි පරක්කු වුන නිසා නිසල් කලින් train එකෙක්න් බැහැලා මම එනකම් බලන් හිටියා. අපි දෙන්නත් එක්ක වෙන train එකක ගියා. ඒ යන අතරේදි නිසල් එයාගේ තීරණය කීවා. කාවින්දිට ඒ තීරණය දරාගන්න ගොඩාක් අමරු වුනත් එයාට කවදාහරි වෙන්නේ එ දේ තමා කියලා දැනගෙන හිටියා. නිසල් තීරණය කරලා තිබුනේ එයාගේ කලින් girl එක්ක අයෙම සම්බන්ධය තියාගන්නවා කාවින්දිට එයා කැමති වෙන කෙනෙක් ජීවිතේට ලැබෙයි කියලා.

නිසල් එයාගේ තීරණය කිවාම කාවින්දි ගොඩක් දුක් වුනා. එයා ඉන්නේ සෙනග ඉන්න තැනක කියන එකත් අමතක වෙලා ගිහින් ඇස් දෙකෙන් කදුලු වැල් බේරෙන්න ගත්තා. නිසල් ඇගේ ඉන වටේ අතදාලා එයාගේ ඇගට හේත්තු කරගෙන කදුලු සමනලීව සනසන්න හැදුවා.

“අනේ කවින්දි අඩන්න එපා මම ගොඩක් අසරණයි මට එයාව අතරින්න බැරි හේතුවක් තියෙනවා”

“මට දුකයි නිසල් ඒත් ඔයා එයාව අතරින්න එපා මම එහෙම කියන්නේ නැහැ”
“එහෙනම් හොද ළමයා වගේ දැන් අඩන්නේ නැතිව ඉන්න ඔයා අඩනවා බලන් ඉන්න බැහැ මට”
“මම අඩන්නේ නැහැ. ඒත් මට ගොඩාක් දුකයි නිසල් මම ඔයාට ගොඩාක් ආදරෙයි මට අමතක වුනා කවදාහරි ඔයාගෙන් වෙන් වෙන්න වෙනවා කියලා.”

“අනේ කදුලු සමනලී මමයි වැරැද්ද කලේ මට තිබුනා ඔයාට ලං වෙන්නේ නැතිව ඉන්න”
“නැහැ නිසල් ඔයා වැරදි නැහැ. මට හිත හදා ගන්න පුලුවන් කොහොම හරි. අද මම ගෙදර ගියාම අයෙමත් නැවිත් ඉන්නම්. එතකොට මේ හැමැදෙම විසදෙයි. අද දවස අපි දරාගමු. හෙටින් පස්සේ මම කොහොම හරි ජීවත් වෙන්නම්”
“කාවින්දි ඔය හිතනවද ඔයා ඔහොම දුකින් ඉද්දි මට සතුටින් ඉන්න පුලුවන් කියල. මට ඔයාව ඔනේ මගේ රත්තරන්. ඒත් මට කරන්න්න දෙයක් නැහැ”

නිසල් කාවින්දි තවත් තුරුල් කර ගනිමින් කිවා. කාවින්දි ගොඩාක් අමාරුවෙන් කදුලු නතර කරගත්තේ වට පිටේ මිනිස්සු අමුතුවට බලන්න පටන් ගත්ත නිසා. කොහොම හරි දෙන්නා කොටුව ස්ටටිඔන් එකටත් ඇවිත්. අපි දෙන්න එතනින් බැහැලා ආයතනයට යන්න බස් එකට නැග්ගා. බස් එකට නැගලා කෙලවරේ ශේට් එකක ඉදගත්ත කදුලු සමනලී බැග් එක උඩ හිස තියාන හොදටම අඩන්න ගත්තා. සිහින සමනලයාටත් කරන්න පුලුවන් වුන එකම දේ ඇගේ හිස අතගාන එක විතරයි. ඇය අඩනවා බලන් ඉන්න බැරි වුනත් අඩන්න එපා කියන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඇයට අඩලා හරි හිත සැහැල්ලු කරගන්න ඉඩ දීලා ඇගේ හිස අතගාමින් වුන්නා බහින තැන වෙනකම්ම.

එදා ආයතනයට ගිහින් වුනත් කාවින්දි වෙනදා වගේ හිනාවෙලා වුන්නේ නැහැ. නිසල් කාවින්දිට කන්න බල කලත් ඇය කැමත් ප්‍රතික්ශේප කලා. ඇගේ මිතුරියන්ද ඇයට කන්න බල කලත් ඇය කදුලු පුරවාගෙන බලන් හිටියා ඇර වෙන කිසිම වෙනසක් දැක්වුවේ නැහැ. නිසල්ට දරාගන්න බැරි තරම් දුකයි.

එදා කාවින්දි එයාගේ යාලුවන් එක්ක project එකට field study කරන්න යන්න දාගෙන තිබුන නිසා එයාල යන්න පිටත් වුනා. ඇය යන දිහා සිහින සමනලයා කදුලු පුරවාගෙන බලන් වුන්නා.

කදුලු සමනලීට යන ගමනේදි වුනත් මතක් වුනේම සිහින සමනලයාව. ඇය ඇගේ මිතුරියට වුන හැමදෙම කිවා. ඇය කාවින්දිව සනසන්න උත්සාහ කලත් ඇයටත් ඇගේ හිත හදන්න බැරි වුනා. කාවින්දි දක්ෂ වුනත් එදා ගිහින් ඇය හැසිරුනේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් ගානට. ඇගේ මිතුරියන්ටත් එය දරාගන්න බැරි දුකක් වුනා.

අවසානයේදි එදාට නියමිත meeting එක ඉවර වෙලා සියලුදෙනාම ආපසු යන්න ආවා. කදුලු සමනලී නුවර යන බස් නතර කරන තැන දැනගෙන හිටියේ නැහැ. සිහින සමනලයා මේ ගැන දැනගෙන වුන්නා. ඒ නිසා ඇගේ හොදම යෙහෙලියට ඇයව බස් එකට නග්ගන්න කියන්න නිසල් අමතක කලේ නැහැ.

එදා කදුලු සමනලී කදුලු පුරවාගෙන ගෙදර ගියා. කෙලින්ම යන්න වුනේ අත්තම්මාගේ ගෙදරට. ඇය එහි යද්දි අත්තම්මාගේ දේහය ගෙනවිත් තිබුනා. ඇයට ඒ ගැන එතරම් හැගීමක් තිබුනේ නැහැ. එයට හේතුව වුනේ මම අත්තම්මාව දැනගත්තේ මම පාසලේ 3 වසරටත් ආවාට පස්සේ නිසා. අන්තිමෙ එදා අම්මා එහේ නතර වුනා. අක්කලා එක්ක මම ගෙදර ආවා. මම ගෙදර ආවට පස්සේ නිසල් කතා කලා. එයා කතා කලේ ගොඩාක් දුකින්. එයා කතා කරන එක හිත රිදවනවා වුනත් කතා කරන්න එපා කියන්න පුලුවන් කමක් මට තිබුනේ නැහැ.

අපි අයෙමත් කොලඹ ආවේ අත්තම්මාගේ හත් දවසේ දානෙත් ඉවර වෙලා. ඒ හිටපු සතිය පුරාවටම නිසල් මට කතා කරන්න අමතක කලේ නැහැ. එයාට ආයෙමත් මාව ඔනේ වුනා. ඒත් මම මගේ හිතට සැලෙන්න දෙන්නේ නැතිව ඉන්න උත්සාහ කලා. කොහොම හරි අපි අයෙමත් ආවා. සුපුරුදු පරිදි මම ආයතනයට ගියා. නිසල්ව මග අරින්න උත්සාහ කලත් එයා ඒකට මට ඉඩ දුන්නේ නැහැ.

ආයෙමත් සිහින සමනලයා කදුලු සමනලීට ලන් වුනා. සිහින සමනලයා කදුලු සමනලීගෙන් ඇහුවා එයාව නැතිව ඉන්න පුලුවන්ද කියලා. කදුලු සමනලී ඇත්තම කිවා ඇය ඒ දේ කරන්න අමාරුයි කියලා. අන්තිමේදි අපි දෙන්නා වෙන දෙයක් වෙන්න කියලා ආයෙමත් ආදරෙන් වුන්නා. ඒත් කොයි තරම් කාලෙකටද කියල දෙන්නාම දැනගෙන උන්නේ නැහැ.

Wednesday, May 30, 2012

මම ඔයාට උම්මා එකක් දෙන්නද....

අද ඉදන් ඉදිරියට කියවන ඔයාලා සමහර විට මගේ කතාවට කැමති නැති වේ. එත් මේ කතාව කියන්න කෙනෙක් නැහැ මට ඒ නිසා මේ හැමදෙම ලියන්නේ... මා ගැන වැරදියට හිතන්නේ නැතිව මේක කියවන්න පුලුවන්නම් දිගටම කියවන්න....

එදාත් සුපුරුදු පරිදි මමත් නිසලුත් ලෙcටුරෙස් ගිය. එදා හවස අපේ ආයතනයේ ගුරුවරියක් අසනීප වෙලා හිටියා. ඇයට සෙත් පතන්න කියලා බොධිපූජවක් සුදානම් කරල තිබුනා. අපේ ආයතනය ලගම පන්සලක තමා තිබුනේ. නිසලුත් කාවින්දිත් දෙන්නා එක්ක එකට සහභාගි වුනා. මතක විදිහට පෙබරවාරි මාසේ.

එදා අපි දෙන්නත් පුලුවන් උපරිමයෙන් බොධිපුජාවට උදවු කරල හවස හිටියා. එදා බොධිපූජාව ඉවර වෙද්දි 6 විතර වුනා. ඒ ඉවර වෙලා නිසල් කාවින්දිවත් එක්කගෙන ගෙදර යන්න ලැස්තිවුනා වෙනදා වගේම train එකේ යන්න තමා දෙන්නා හිතන් හිටියේ.

“කාවින්දි ඔයාව එක්ක යන්න අම්මා කොහෙටද එනවා කිවේ”
“අම්මා කිවා train එකෙන් බැහැලා බස් එකට නැගලා එන බස් එක කියන්න එතනට එන්නම් කියලා.”
“ගෙදර ගාවට බස් එක තියෙන්නේ කියටද අන්තිම”
“ඒකනම් 6.45 මට එකට යන්න බැරි වෙයිනේ නිසල් මම වැව ගාවට යන්නම් අම්මා එයිනෙ”
“ම්ම්ම්ම් නැහැ කාවින්දි ඔයා අම්මට ගෙදර ලග බස් එක නතර කරන තැනට එන්න කියන්න.මම ඔයාව එතනට ඇරලන්නම් හොදේ.”

කදුලු සමනලීට අකමැති වෙන්න හේතුවක් තිබුනේ නැහැ. අවිනිෂ්චිත ආදරයක් වුනත් ඒ ගැන අම්මාට කියන්න කාවින්දි හිතුවා.හේතුව පුන්චි කාලේ ඉදන්ම මම හැදුනේ අම්මා අස්සේම නිසා එහෙම හොරයක් තියාගන්න හිත ඉඩ දුන්නේ නැහැ.

“හා”

අපි දෙන්නා මරදාන station එකට ඇවිත් train එකකට නැග්ගා. ඒ train එක දුර යන එකක් නිසා ගොඩාක් සෙනග හිටියා. අපිට ඇතුලට යන්න ඉඩක් තිබුනේ නැති නිසා දොර කිට්ටුවටම වෙන්න වගේ හිටියේ.

“කාවින්දි අම්මාට කතා කරලා කියන්න”

නිසල් එහෙම කිවාම මම අම්මාට call කරලා කිවා මම දැන් පිටත් වුනා කියලත් නිසල් මාව ඇරලනවා කිවා කියලාත්.
ඉන්පස්සේ නිසල් train එකේ පෙට්ටියට හේත්තු වෙලා මාවත් ලගට කරගත්තා සෙනගට මාව චප්පවෙයි කියලා. ටික දුරක් යද්දි නිසල් කාවින්දිගේ ඉන වටෙන් අත දාලා ටිකක් ලගට කරගත්තා. කාවින්දිටත් එකට විරුද්ධ වෙන්න උවමනාවක් තිබුනේ නැහැ ඔවුන් පෙම්වතුන් නිසා. මුලු ලොකෙටම පෙනුන අසම්මතයක් තිබුනා වුනත් එ දෙන්නා ගොඩක් ආදරේ කල නිසා එකේ වැරැද්දක් ඒ දෙන්නාට තිබුනේ නැහැ. ඔහොම ටික දුරක් එද්දි නිසල්ට වෙනසක් දැනුනා කාවින්දිට පිටි පස්සෙන් හිටපු කෙනාගේ.

“කාවින්දි පිටිපස්සේ ඉන්න කෙනා ඔයට කරදරයි වගේද ඔයාගේ ඇගට එනවාද”

“හ්ම්ම් ඔව් නිසල් ටිකක් ඇගට එනවා තමා”
“ඉන්න මම කියන්නම්”

එහෙම කියලා නිසල් ඒ පුද්ගලයාට බොහොම හොදින් කියලා ටිකක් එහාට වෙන්න කිවා. ඒ වුනත් මේ කෙනා හිටියේ හොදටම බීල. ඒ නිසා ඔහු නිසල් එක්ක වාදෙට පැටලුනා වගෙම වට පිටේ ඉන්න අයවත් කතාවට ඇදගත්තා. අන්තිමේදි වට පිටේ ඉන්න අයත් එකතු වෙලා අපි දෙන්නගේ වැරැද්දක් වගේ බනින්න ගත්තා. ඒවගේම අපිට කරදර කරලා වටේ පිටේ ඉන්න අයවත් එකතු කරගෙන බනිනවා මදිවට ලොකුකම පෙන්නන්න කඩ්ඩෙනුත් බනින්න ගත්තා. නිසල් පැත්තකට වෙලා කට පියාගෙන හිටියෙත් නැහැ.එයාට බොහොම හොදින් වැරැද්ද කිවා. ඒවගෙම කිවා හොදින් කියන්නේ නැතිව ගහලා ඉවර වෙලා කිවානම් හරි කියලා. කොහොම හරි ඒ මනුස්සයා ඉංග්‍රිසියෙන් කතා කරද්දි හිතුවේ අපිට තේරෙන්නේ නැති වෙයි කියලා කොහොම හරි නිසලුත් හොදට කතා කලාම එ මනුස්සයාගෙ සද්දේ නිකන්ම අඩු වුනා.

කොහොම හරි අපි බහින station එකට ආවා. නිසල් මාවත් අල්ලගෙන අමාරුවෙන් සෙනග අතරින් බැස්සා. මම හිතන් හිටියේ නිසල් මාව බස් එකෙන් එක්කගෙන ගිහින් එයා අයෙමත් බස් එකේ එයි කියලා. කාවින්දි නිසල්ගේ අත අල්ලාගෙනම train එකෙන් බැහැලා එලියට යන්න පඩිපෙල දිගේ උඩට නැග්ගා. ඒත් කාවින්දි එලියට යන පැත්තට හැරෙද්දි නිසල් අතින් ඇද්දා.
“කාවින්දි, අපි සෙනග ටිකක් අඩු වෙනකම් ඉදලා යමු. කමක් නැහැනේ”
කාවින්දි කරුවලට බය වුනත් රෑ වෙනවාට බය වුනත් නිසල්ට අකීකරු වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දිත් 7.15 විතරත් වෙලා නිසා කලුවරත් වෙලා. සෙනග ටිකක් අඩු වුනා.
“කාවින්දි, අපි රේල් පාර දිගේ ඇවිදන් යමුද බස් එකේ යන්නේ නැතිව” නිසල් හෙමින් කාවින්දිගේ කනට කරලා ඇහුවා.
කාවින්දිට බැහැ කියන්නත් බැහැ ඒත් බයත් එක්ක.
“නිසල්, දැන් රෑ නිසා කරුවලත් ඇතිනේ ගොඩක් මට බයයි.”
“පිස්සි මම ඉන්නවනේ ඉතින් මම ඔයාගේ අත තදින් අල්ලාගෙන යන්නම්”
ඉතින් දැන් කොහොමටවත් බැහැ කියන්න බැහැ නෙ. ඉන්පස්සේ අපි දෙන්නා අත් අල්ලාගෙන රේල් පාර දිගේ ගියා. ටික දුරක් යද්දි පිටිපස්සෙන් ආව අයට යන්න ඉඩ දීලා අපි හෙමින් ගියා.
“කාවින්දී, මම ඔයාට kiss එකක් දෙන්නද” සිහින සමනලයා කදුලු සමනලීගේ කනට ලන් වෙලා අහුවා.
කදුලු සමනලීට හොදටම බය හිතුනා.
“අනේ එපා නිසල්”
“චුටිම චුටි එකක්”
“අනෙ මට බයයි නිසල් එපා”
“ඔයා බයනම් ඇස් දෙක තදින් පියාගන්න කාවින්දි මම චුටි kiss එකක් දෙන්නම්”
“අනේ මට බයයි”

නිසල් කාවින්දි එහෙම කිවත් ගනන් ගන්නේ නැතිව රේල් පාර මැද නතර වෙලා කාවින්දිව තමන්ගේ දිහාට හරවා ගත්තා. ඉන්පස්සේ එක අතක් කාවින්දිගේ ඉන වටේ දාලා කාවින්දිව තුරුල් කරගෙන අනිත් අතින් බිමට බර වෙලා තිබුන කාවින්දිගේ මුණ උඩට හරවාගෙන සිතල ගැහෙමින් තිබුණු දෙතොල් මත දෙතොල් තියලා උණුසුම් හාදුවක් දුන්නා. කදුලු සමනලී ගොඩාක් බය වෙලා අත් දෙකින්ම සිහින සමනලයාව අල්ලාගෙන තදින් ඇස් පියාන හිටියා. ඒ තමා කදුලු සමනලීගේ කුලුදුල් හාද්ද.

විනාඩි දෙකක් විතරම එහෙම හිටපු නිසල් ලොබ කමකින් කාවින්දිගේ දෙතොලින් මැත් වුනා. කාවින්දිගේ මුණ ලජ්ජවෙන් බිමට බර වෙලා. නිසල් ඒ ඇස් දිහා බලන්න හැදුවත් ඒ ඇස් උඩට එසවුනේම නැහැ.

“ලැජ්ජා හිතුනාද බබා”
“හ්ම්ම් ඔව්”

එහෙම කියමින් කාවින්දී නිසල්ගේ පපුවේ මුණ හන්ග ගත්තා.

“අපි යමු පැටියො පරක්කු වෙනවානේ”

නිසල් කාවින්දිගෙ ඉන වටේ දාගෙන හිටපු අතින් එහෙන්මම ඇයව ඇගට තුරුල් කරන් ඉතිරි ටික ඇවිදන් ගියා. ඒ අතරේ නිසල්ගේ දගකාර අත කාවින්දිගේ චුටි T-shirt එක පොඩ්ඩක් උඩට කරලා පුන්චි බඩ ගෙඩිය හිමින් සීරුවේ කිචි කවමින් අත ගෑවා. ජීවිතේ ඉස් ඉසර වෙලාම පිරිම පහසක් ලබුණු කාවින්දී කිතිය නිසාත් ලැජ්ජාව නිසත් ඇඹරෙන්න පටන් ගත්තා.

“කාවින්දී, ඇයි බබො කිතිද”
“හ්ම්ම් ඔව්”
"මගේ වෙලා ඉන්නවානම් මෙහෙම තමා. මේ කිතිය මම නැති කරනවා කවදාහරි"
එහෙම කියමින් නිසල් කාවින්දිගේ නලල මුදුව සිප ගත්තා.

නිසල් ගොඩක් ආදරෙන් කාවින්දිව තුරුල් කරගත්තා. රේල් පාර ඉවර වුනාම ගෙවල් තියෙන නිසා නිසල් තුරුල් කරන් හිටිය කාවින්දීගේ අතින් අල්ලගත්තා. නිසල් කාවින්දිව එයාගේ අම්මා ලගටම ඇරලලා අම්මාගෙනුත් සමු අරන් ගෙදර ගියා. නිසල්ට ගෙදර යන්න තව පැය දෙකක් විතර ගියා. නිසල් ගෙදර ගිහින් කදුලු සමනලීට call කලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. සිහින සමනලයාට ගොඩාක් සතුටුයි. එයා කීව එකම දේ මගේ කදුලු සමනලී දැන් මගෙමයි මගේ විතරමයි කියලා.