Wednesday, May 30, 2012

මම ඔයාට උම්මා එකක් දෙන්නද....

අද ඉදන් ඉදිරියට කියවන ඔයාලා සමහර විට මගේ කතාවට කැමති නැති වේ. එත් මේ කතාව කියන්න කෙනෙක් නැහැ මට ඒ නිසා මේ හැමදෙම ලියන්නේ... මා ගැන වැරදියට හිතන්නේ නැතිව මේක කියවන්න පුලුවන්නම් දිගටම කියවන්න....

එදාත් සුපුරුදු පරිදි මමත් නිසලුත් ලෙcටුරෙස් ගිය. එදා හවස අපේ ආයතනයේ ගුරුවරියක් අසනීප වෙලා හිටියා. ඇයට සෙත් පතන්න කියලා බොධිපූජවක් සුදානම් කරල තිබුනා. අපේ ආයතනය ලගම පන්සලක තමා තිබුනේ. නිසලුත් කාවින්දිත් දෙන්නා එක්ක එකට සහභාගි වුනා. මතක විදිහට පෙබරවාරි මාසේ.

එදා අපි දෙන්නත් පුලුවන් උපරිමයෙන් බොධිපුජාවට උදවු කරල හවස හිටියා. එදා බොධිපූජාව ඉවර වෙද්දි 6 විතර වුනා. ඒ ඉවර වෙලා නිසල් කාවින්දිවත් එක්කගෙන ගෙදර යන්න ලැස්තිවුනා වෙනදා වගේම train එකේ යන්න තමා දෙන්නා හිතන් හිටියේ.

“කාවින්දි ඔයාව එක්ක යන්න අම්මා කොහෙටද එනවා කිවේ”
“අම්මා කිවා train එකෙන් බැහැලා බස් එකට නැගලා එන බස් එක කියන්න එතනට එන්නම් කියලා.”
“ගෙදර ගාවට බස් එක තියෙන්නේ කියටද අන්තිම”
“ඒකනම් 6.45 මට එකට යන්න බැරි වෙයිනේ නිසල් මම වැව ගාවට යන්නම් අම්මා එයිනෙ”
“ම්ම්ම්ම් නැහැ කාවින්දි ඔයා අම්මට ගෙදර ලග බස් එක නතර කරන තැනට එන්න කියන්න.මම ඔයාව එතනට ඇරලන්නම් හොදේ.”

කදුලු සමනලීට අකමැති වෙන්න හේතුවක් තිබුනේ නැහැ. අවිනිෂ්චිත ආදරයක් වුනත් ඒ ගැන අම්මාට කියන්න කාවින්දි හිතුවා.හේතුව පුන්චි කාලේ ඉදන්ම මම හැදුනේ අම්මා අස්සේම නිසා එහෙම හොරයක් තියාගන්න හිත ඉඩ දුන්නේ නැහැ.

“හා”

අපි දෙන්නා මරදාන station එකට ඇවිත් train එකකට නැග්ගා. ඒ train එක දුර යන එකක් නිසා ගොඩාක් සෙනග හිටියා. අපිට ඇතුලට යන්න ඉඩක් තිබුනේ නැති නිසා දොර කිට්ටුවටම වෙන්න වගේ හිටියේ.

“කාවින්දි අම්මාට කතා කරලා කියන්න”

නිසල් එහෙම කිවාම මම අම්මාට call කරලා කිවා මම දැන් පිටත් වුනා කියලත් නිසල් මාව ඇරලනවා කිවා කියලාත්.
ඉන්පස්සේ නිසල් train එකේ පෙට්ටියට හේත්තු වෙලා මාවත් ලගට කරගත්තා සෙනගට මාව චප්පවෙයි කියලා. ටික දුරක් යද්දි නිසල් කාවින්දිගේ ඉන වටෙන් අත දාලා ටිකක් ලගට කරගත්තා. කාවින්දිටත් එකට විරුද්ධ වෙන්න උවමනාවක් තිබුනේ නැහැ ඔවුන් පෙම්වතුන් නිසා. මුලු ලොකෙටම පෙනුන අසම්මතයක් තිබුනා වුනත් එ දෙන්නා ගොඩක් ආදරේ කල නිසා එකේ වැරැද්දක් ඒ දෙන්නාට තිබුනේ නැහැ. ඔහොම ටික දුරක් එද්දි නිසල්ට වෙනසක් දැනුනා කාවින්දිට පිටි පස්සෙන් හිටපු කෙනාගේ.

“කාවින්දි පිටිපස්සේ ඉන්න කෙනා ඔයට කරදරයි වගේද ඔයාගේ ඇගට එනවාද”

“හ්ම්ම් ඔව් නිසල් ටිකක් ඇගට එනවා තමා”
“ඉන්න මම කියන්නම්”

එහෙම කියලා නිසල් ඒ පුද්ගලයාට බොහොම හොදින් කියලා ටිකක් එහාට වෙන්න කිවා. ඒ වුනත් මේ කෙනා හිටියේ හොදටම බීල. ඒ නිසා ඔහු නිසල් එක්ක වාදෙට පැටලුනා වගෙම වට පිටේ ඉන්න අයවත් කතාවට ඇදගත්තා. අන්තිමේදි වට පිටේ ඉන්න අයත් එකතු වෙලා අපි දෙන්නගේ වැරැද්දක් වගේ බනින්න ගත්තා. ඒවගේම අපිට කරදර කරලා වටේ පිටේ ඉන්න අයවත් එකතු කරගෙන බනිනවා මදිවට ලොකුකම පෙන්නන්න කඩ්ඩෙනුත් බනින්න ගත්තා. නිසල් පැත්තකට වෙලා කට පියාගෙන හිටියෙත් නැහැ.එයාට බොහොම හොදින් වැරැද්ද කිවා. ඒවගෙම කිවා හොදින් කියන්නේ නැතිව ගහලා ඉවර වෙලා කිවානම් හරි කියලා. කොහොම හරි ඒ මනුස්සයා ඉංග්‍රිසියෙන් කතා කරද්දි හිතුවේ අපිට තේරෙන්නේ නැති වෙයි කියලා කොහොම හරි නිසලුත් හොදට කතා කලාම එ මනුස්සයාගෙ සද්දේ නිකන්ම අඩු වුනා.

කොහොම හරි අපි බහින station එකට ආවා. නිසල් මාවත් අල්ලගෙන අමාරුවෙන් සෙනග අතරින් බැස්සා. මම හිතන් හිටියේ නිසල් මාව බස් එකෙන් එක්කගෙන ගිහින් එයා අයෙමත් බස් එකේ එයි කියලා. කාවින්දි නිසල්ගේ අත අල්ලාගෙනම train එකෙන් බැහැලා එලියට යන්න පඩිපෙල දිගේ උඩට නැග්ගා. ඒත් කාවින්දි එලියට යන පැත්තට හැරෙද්දි නිසල් අතින් ඇද්දා.
“කාවින්දි, අපි සෙනග ටිකක් අඩු වෙනකම් ඉදලා යමු. කමක් නැහැනේ”
කාවින්දි කරුවලට බය වුනත් රෑ වෙනවාට බය වුනත් නිසල්ට අකීකරු වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දිත් 7.15 විතරත් වෙලා නිසා කලුවරත් වෙලා. සෙනග ටිකක් අඩු වුනා.
“කාවින්දි, අපි රේල් පාර දිගේ ඇවිදන් යමුද බස් එකේ යන්නේ නැතිව” නිසල් හෙමින් කාවින්දිගේ කනට කරලා ඇහුවා.
කාවින්දිට බැහැ කියන්නත් බැහැ ඒත් බයත් එක්ක.
“නිසල්, දැන් රෑ නිසා කරුවලත් ඇතිනේ ගොඩක් මට බයයි.”
“පිස්සි මම ඉන්නවනේ ඉතින් මම ඔයාගේ අත තදින් අල්ලාගෙන යන්නම්”
ඉතින් දැන් කොහොමටවත් බැහැ කියන්න බැහැ නෙ. ඉන්පස්සේ අපි දෙන්නා අත් අල්ලාගෙන රේල් පාර දිගේ ගියා. ටික දුරක් යද්දි පිටිපස්සෙන් ආව අයට යන්න ඉඩ දීලා අපි හෙමින් ගියා.
“කාවින්දී, මම ඔයාට kiss එකක් දෙන්නද” සිහින සමනලයා කදුලු සමනලීගේ කනට ලන් වෙලා අහුවා.
කදුලු සමනලීට හොදටම බය හිතුනා.
“අනේ එපා නිසල්”
“චුටිම චුටි එකක්”
“අනෙ මට බයයි නිසල් එපා”
“ඔයා බයනම් ඇස් දෙක තදින් පියාගන්න කාවින්දි මම චුටි kiss එකක් දෙන්නම්”
“අනේ මට බයයි”

නිසල් කාවින්දි එහෙම කිවත් ගනන් ගන්නේ නැතිව රේල් පාර මැද නතර වෙලා කාවින්දිව තමන්ගේ දිහාට හරවා ගත්තා. ඉන්පස්සේ එක අතක් කාවින්දිගේ ඉන වටේ දාලා කාවින්දිව තුරුල් කරගෙන අනිත් අතින් බිමට බර වෙලා තිබුන කාවින්දිගේ මුණ උඩට හරවාගෙන සිතල ගැහෙමින් තිබුණු දෙතොල් මත දෙතොල් තියලා උණුසුම් හාදුවක් දුන්නා. කදුලු සමනලී ගොඩාක් බය වෙලා අත් දෙකින්ම සිහින සමනලයාව අල්ලාගෙන තදින් ඇස් පියාන හිටියා. ඒ තමා කදුලු සමනලීගේ කුලුදුල් හාද්ද.

විනාඩි දෙකක් විතරම එහෙම හිටපු නිසල් ලොබ කමකින් කාවින්දිගේ දෙතොලින් මැත් වුනා. කාවින්දිගේ මුණ ලජ්ජවෙන් බිමට බර වෙලා. නිසල් ඒ ඇස් දිහා බලන්න හැදුවත් ඒ ඇස් උඩට එසවුනේම නැහැ.

“ලැජ්ජා හිතුනාද බබා”
“හ්ම්ම් ඔව්”

එහෙම කියමින් කාවින්දී නිසල්ගේ පපුවේ මුණ හන්ග ගත්තා.

“අපි යමු පැටියො පරක්කු වෙනවානේ”

නිසල් කාවින්දිගෙ ඉන වටේ දාගෙන හිටපු අතින් එහෙන්මම ඇයව ඇගට තුරුල් කරන් ඉතිරි ටික ඇවිදන් ගියා. ඒ අතරේ නිසල්ගේ දගකාර අත කාවින්දිගේ චුටි T-shirt එක පොඩ්ඩක් උඩට කරලා පුන්චි බඩ ගෙඩිය හිමින් සීරුවේ කිචි කවමින් අත ගෑවා. ජීවිතේ ඉස් ඉසර වෙලාම පිරිම පහසක් ලබුණු කාවින්දී කිතිය නිසාත් ලැජ්ජාව නිසත් ඇඹරෙන්න පටන් ගත්තා.

“කාවින්දී, ඇයි බබො කිතිද”
“හ්ම්ම් ඔව්”
"මගේ වෙලා ඉන්නවානම් මෙහෙම තමා. මේ කිතිය මම නැති කරනවා කවදාහරි"
එහෙම කියමින් නිසල් කාවින්දිගේ නලල මුදුව සිප ගත්තා.

නිසල් ගොඩක් ආදරෙන් කාවින්දිව තුරුල් කරගත්තා. රේල් පාර ඉවර වුනාම ගෙවල් තියෙන නිසා නිසල් තුරුල් කරන් හිටිය කාවින්දීගේ අතින් අල්ලගත්තා. නිසල් කාවින්දිව එයාගේ අම්මා ලගටම ඇරලලා අම්මාගෙනුත් සමු අරන් ගෙදර ගියා. නිසල්ට ගෙදර යන්න තව පැය දෙකක් විතර ගියා. නිසල් ගෙදර ගිහින් කදුලු සමනලීට call කලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. සිහින සමනලයාට ගොඩාක් සතුටුයි. එයා කීව එකම දේ මගේ කදුලු සමනලී දැන් මගෙමයි මගේ විතරමයි කියලා.




4 comments:

  1. ජීවිතේ පලවෙනි වතාවට ක්ලාස් එකක් කට් කරපු දවස මතක් උනා.. කාලෙකට පස්සෙ.. පලවෙනි හාද්ද කොහොම අමතක කරන්නද...

    ReplyDelete
  2. kavindi ?? hafoi

    ReplyDelete
  3. හාද්ද විතරක් නෙවේ ශීන මල්ලි, ජීවිතයේ සමහර තවත් පළවෙනි දේවල් අමතක කරන්න බැහැ....
    ස යන්න

    ReplyDelete
  4. සිහින.. මේ උයා අර සිහින සමනලයා නේද?

    ReplyDelete