Saturday, May 26, 2012

ඔයා මට ආදරේද.....

එදා කදුලු සමනලී සිහින සමනලායා එක්ක බම්බලපිටියේ ගිහින් ආවාට පස්සෙ කාලය ගෙවිලා ගියා. කදුලු සමනලිගේ ජීවිතේ වත් සිහින සමනල්යාගේ ජීවිතේ වත් විශේෂ සිදුවීමක් නැතිව දවස් ගෙවිලා ගියා වුනත් හැමදාමත් උදේට හවසට දෙන්නා ආවේ ගියේ එකට. ඔහොම මාසයක් විතරම ගෙවිලා ගියා. ඔය අතරේ දවසක කදුලු සමනලිත් සිහින සමනලයත් වෙනදා වගෙම practicals ඉවර වෙලා ගෙදර යන්න ආවා.

වෙනදාට train එකේ යන අපි දෙන්නා එදා බස් එකේ යන්න බස් එකකට නැග්ගා. ඇත්තම කියනවානම් ඒ බස් යන්නේ හරිම හෙමින් දුර පාරකින්. එදා මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ. සිහින සමනලයා කිවා අහවල් බස් එකේ යමු කියලා. මම ඇහුවා ඒකේ යන්න පුලුවන්ද කියලා. සිහින සමනලය කිවා යන්න බැරිනම් මම ඔයාව එක්කන් යනවාද කියලා. කොහොම හරි අපි දෙන්නා ඒ බස් එකට නැගලත් ගොඩක් වෙලා ඉදන් ඉන්න වුනා බස් එකට සෙනග පිරෙනකම්. ගොඩක් වෙලාවකට පස්සේ බස් එක යන්න පිටත් වුනා. ඒත යන්නේ පුදුම හෙමින්.

ඉතින් අපි දෙන්නත් සුපුරුදු පරිදි කියව කියවා ගියා. එක පාරටම සිහින සමනලයා ඉස්සරහා තිබුන sheat එකෙන් අල්ලගෙන මගෙ ඇස් දෙකට එබිල බලගෙන ඉන්නවා.

“ඇයි සිහින සමනලයො මොනද බලන් ඉන්නේ”

ඉස්සරහා sheat එකේ තිබුන අත අරන් මගේ අතින් තදින් අල්ලගෙන

“කදුලු සමනලී මම ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා මට ආදරේද”

කදුලු සමනලීට හිතාගන්න බැරි වුනා මොකද වුනේ කියලා. කදුලු සමනලී ඇස් දෙකත් ලොකු කරන් සිහින සමනලයා දිහා බලන් වුන්නා. එක පරටම මම අත ඇදලා ගන්න හැදුවා. ඒත් ගොඩක් තද කරන් අල්ලන් හිටපු අත ගන්න මට බැරි වුනා. ඒ ඇස් තාමත් මගේ ඇස් දිහා බලාන ඉන්නවා. මම අමාරුවෙන් වචන ගැට ගහගත්තා.

“මම දන්නේ නැහැ”

“කදුලු සමනලී මට ඇත්තටම කියන්න ඔව් නම් ඔව් නැහැ නම් නැහැ කියලා”

සිහින සමනලයා එ පාර කදුලු සමනලීට තර්ජනය කරනවා. කදුලු සමනලීට ඇඩෙන්නත් වගේ. කදුලු සමනලී ටිකක් නෙවේ ගොඩක් තටම තටම අඩන්න ඔන්න මෙන්න උත්තර දෙනවා.
“හ්ම්ම් ඔව්”

“එහෙනම් ඇයි කදුලු සමනලී දන්නෙ නැහැ කිවේ”

සිහින සමනලයා අයෙමත් මගේ ඇස් දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්තටම මට හරි අමුතුයි වෙන දෙවල්. ටික වෙලාවක් එහෙම හිටිය සිහින සමනලයා අයෙමත් කතා කරන්න පටන් ගත්තා.
“කදුලු සමනලී මට ආදරය කරන්න එපා. වැඩක් වෙන්නේ නැහැ.”

සිහින සමනලය එහෙම කියන ගමන් තදින් අල්ලාගෙන හිටි කදුලු සමනලීගේ අත සියුම්ව මිරිකා ගත්තා. කදුලු සමනලීට දැන්නම් මෙ මොකක්ද වෙන්න යන්නේ කියලා හිටහා ගන්නවත් බැහැ.
“ඇයි සිහින සමනලයො ඔයා එහෙම කියන්නේ ඔයාත් මට ආදරේ කිවේ දැන්? ඒ බොරුවටද කිවේ?”
“නැහැ කදුලු සමනලී මම ඇත්තටම ඔයාට ගොදාක් ආදරේ. ඒත් මගේ වෙන ගිර්ල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මට ඔයාලග මුලු ජීවිත කාලෙම ඉන්න බැරි වෙයි”

කදුලු සමනලීගේ ඇස් වලින් කදුලු ගලන්න ගත වුනේ බොහොම ටික වෙලවයි. ඇත්තටම සිහින සමනලයා ආදරේ කියද්දි කදුලු සමනලීටත් සිහින සමනලයා ගැන හිතක් පහල වෙලයි තිබුනේ. කදුලු සමනලීගේ හිතේ ඇතිවුන කුලුදුල් ආදරේ තව කෙනෙක්ට අයිති ඇති කියලා කදුලු සමනලීට නිකමටවත් හිතුනේ නැහැ. කදුලු සමනලීගේ දැස් බොද වෙලා යද්දි සිහින සමනලයා අල්ලගෙන උන්නු ඇගේ අත ඇදලා ගන්න ආයෙමත් නිරර්ථක උත්සාහයක් දැරුවා. සිහින සමනලයා ගල් පිලිමයක් වගේ කදුලු සමනලීගේ බොදවුනු දැස් දිහාම බලන් වුන්නා.

“කදුලු සමනලී තාමත් මට ආදරේද”

සිහින සමනලයා එහෙම අහුවාම කදුලු සමනලීට කියන්න දෙයක් හිතා ගන්නබැරි වුනා. ඒ වුනත් හිත තදකරගත්ත කදුලු සමනලී,

“නැහැ මම ආදරේ නැහැ.” කීවා.

සිහින සමනලයාට හොදටම දුකයි.

“එහෙනම් ඇයි කදුලු සමනලී ඔයා අඩන්නේ ඔයා බොරු කියන්නේ. ඒත් කමක් නැහැ. ඔයගේ ආදරේ මට ලබන්න බැහැ”

මෙහෙම දුකෙන් කියපු සිහින සමනලයා කදුලු සමනලීගේ අල්ලගෙන හිටිය අත හෙමින් අත ගාලා

“අදට අදට විතරක් මට මේ අත අල්ලගෙන යන්න දෙනවාද” කියලා අහුවා.

කදුලු සමනලීට ගොඩක් දුකයි. ජීවිතේ කුලුදුලේම හිතේ ඇතිවුන ආදරේ පිපෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි පරවෙලා ගියා. හිතේ තියන දුකට වෙන කෙනෙක්ගේ ආදරයක් අයිති කරගන්න තිබුන අකමැත්තට දෙවනි වතාවට ආදරේ නැහැ කිවාට කදුලු සමනලීගේ හිතේ සිහින සමනලයාට ඇති වුන ආදරය එහෙමමයි. ඒ නිසාම කදුලු සමනලී මුකුත්ම නොකියා හා කියලා හිස වැනුවේ. සිහින සමනලයාටත් ගොඩාක් දුකයි. සිහින සමනලයා කදුලු සමනලීගේ හිස හෙමින් තමන්ගේ උරහිසට වාරු කරගත්තේ කදුලු සමනලී ගෙඩක් දුකින් කියලා දැනුනු නිසාමයි. ඒවාගේම සිහින සමනලයාත් ගොඩාක් දුක් වුනා.

එදා සිහින සමනලයා කදුලු සමනලීව ගෙදර ලගටම ගිහින් ඇරලුවේ කදුලු සමනලී දෙලොවක් අතර අතරමන් වෙලා ඉන්නේ කියලා සිහින සමනලයාට දැනුන නිසා. සිහින සමනලයා ගෙදර ගිහින් රෑ වෙලා කදුලු සමනලීට කතා කලා. ඒ වෙනකොටත් කදුලු සමනලී ගොඩාක් දුකින් හිටියේ. වැඩි වෙලාවක් කතා නොකරම කදුලු සමනලී නිදාගන්නවා කිවා.

ඒත් කදුලු සමනලී නිදා ගත්තේ නැහැ. ගෙදර අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න කොට්ටේ මුණ ඔබාගෙන හොදටම ඇඩුවා. කදුලු සමනලීගේ හිතට ටිකක් හරි සහනයක් දැනුනේ පහුවදා නුවර ගෙදර යන නිසා සතියක නිවාඩුවට.


ප. ලි.
නම් දැම්මනම් හොදයි කිවාට නම් දාන්න බැරි නිසායි මෙහෙම දැම්මේ. පුලුවන් වුනොත් නම් දෙකක් හදලා ඊලග කොටසේ ඉදන් දාන්නම්.


3 comments:

  1. මමත් කියන්නමයි උන්නෙ. කඳුලු සමනලී / සිහින සමනලයා කියන නම් දෙක හැම තැනම යෙදෙනකොට කියවන කෙනාට යම් තරමක අපහසුවක් දැනෙනව. නම් දෙකක් දාගෙන ලියන්න. අවශ්‍ය තැන් වල ඔයා / එයා කියන වචනත් පාවිච්චි කරන්න. කතා කරන භාෂාවෙන් ලියන නිසා ඒකෙ වැරැද්දක් නැහැ.

    ReplyDelete
  2. හපොයි, ගොඩක් දුක හිතෙන කතාවක් :(

    ReplyDelete
  3. හැම ආදර කතාවකම අවසානය දුකක්ද මන්ද

    ReplyDelete