Tuesday, May 22, 2012

මගේ පුංචි කාලේ.......

මෙ තමා මම ලියන්න පටන් ගන්න මගේ ජීවිත කතාව. මම බ්ලොග් පොස්ට් කියවල ටියෙනවා. දුක හිතෙන ආදර කතා සතුටු හිතෙන ආදර කතා විහිලු කතා මඩ කතා මේ හැම දෙයක්ම මම කියවලා තියෙනවා. මම අද ලියන්න යන්නෙ දුක හිතෙන ආදර කතාවක් තමා. එත් මේක කතාවක්ම විතරක් නෙවෙ මේ ඇත්තටම මගේ අද හෙටම ඉවරවෙන ජීවිතයේ කතාව. ඔයාලා මේක කියවයිද නැතිවේද කියන්න දන්නේ නැහැ. එත් මේ කදුලු සමනලිගේ කතාවේ සමනලයාගේ ඇස ගැටෙවි කියලා හිතලයි ලියන්නේ. කොහෙන් පටන්ගන්නද කියලා හිතගන්න බෑ එත් කදුලු සමනලිගේ ජීවිතයෙ මුල ඉදන්ම කියන්නම් ඔයලා කියවනවා නම්.

කදුලු සමනලි උපන්නේ මතලේ පැත්තේ. කදුලු සමනලිගේ පවුලේ උන්නේ අප්පච්චි අම්මා අක්කා විතරයි. අපි ගොඩාක් සතුටින් හිටියා. කදුලු සමනලිලටම කියලා ගෙදරක් තිබුනෙ නැති වුනත් පුන්චි කුලි ගෙදරක වුනත් ගොඩක් සතුටක් තිබුනා. කදුලු සමනලිගේ අප්පච්චිටයි අම්මටයි ලැබුන මාරු වීමක් නිසා අපි නුවර පදින්චියට අවා. මේ කලෙදි කදුලු සමනලි හිටියේ හරිම සන්තොසෙන්. ඒ දවස් වල සමනලි තරම් සතුටක් ලැබු කෙනෙක් නැතිව ඇති කියලා කදුලු සමනලිට හිතුන වාර අනන්තයි.

කදුලු සමනලිගේ ගෙදරට කදුලු ගලන්න වැඩි කාලයක් ගියේ නැහැ. ‍යන්තම් කදුලු සමනලිට අවුරුදු දෙකයි මාස එකොලහක් වෙද්දි අපේ ගෙදරට අවේ සුලි කුණාටුවක්. අපේ අප්පච්චි අසනීප වුනා බඩේ ගෙඩියක් මාසෙකට වඩා පේරාදෙණිය හොස්පිටල් එකේ. අප්පච්චි හොද වුනා එත් කදුලු සමනලිට වාසනාව තිබුනේ නැහැ අප්පච්චිගෙ ලගට වෙලා අයෙමත් හුරතල් වෙන්න. කදුලු සමනලිගේ අප්පච්චි ගෙදර එන්න හිටිය දවසේ පාන්දර කදුලු සමනලිලාව සදහටම දාලා යන්න ගියා යන්නම යන්න ගියා.

ඉන්පස්සේ කදුලු සමනලීයි අම්මයි අක්කයි ජීවිතේ තනි වුනා. කදුලු සමනලිගේ අම්ම ජීවිතේ ගොඩනන්වන්න පටන්ගත්තා. කදුලු සමනලි අප්පච්චි නැතිව ගොඩාක් පාලුවෙන් උන්නා. කදුලු සමනලිව නැවුවේ කැවුවේ නිදිකෙරෙවුවේ අප්පච්චි. ඇප්පච්චි නැති වුනාම එ හැමදෙම කලේ කදුලු සමනලිගේ අම්මා. අම්මා වුනත් තරුණ වයසේ පුන්චි කෙල්ලො දෙන්නෙක් එක්ක තනි වෙලා එ තරම් හොද සිහි කල්පනවකින් නෙවේ උන්නේ. මේ හේතුව නිසා කදුලු සමනලි ගෙවුවේ ගොඩාක් දුකින් පිරුණු ගොඩාක් තනි වෙච්ච ජීවිතයක්.

කොහොමින් කොහොම හරි කදුලු සමනලියි එයාගෙ අක්කයි නුවර උසස් බාලිකා පසලකට ගිහින් හොදින් ඉගෙන ගත්තා. කදුලු සමනලි උසස් පෙල ජීව විද්‍යාවෙන් කලා. campus යන්න හිතන් වුන්නත් ලකුණු මදි වෙවි කියලා හිතුන නිසා ගුරුවරියක් වෙන්න හිතුවා. ඒත් එක හරි ගියෙත් නැති තැන කදුලු සමනලි කලේ කොලඹ ඇවිත් පරිඝණක පාඨමාලවක් හදාරන්න පටන් ගත්තා. මේ කලෙදි තමා කදුලු සමනලිගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තේ.

කදුලු සමනලී කොලඹ එන කාලේදි අක්කා විවාහ වෙලා එයාගේ සැමියයි පුන්චි දුවයි එක්ක කොලඹ පදින්චි වෙලා හිටියේ. කදුලු සමනලී නතර වුනේ එයාලාගේ ගෙදර. කදුලු සමනලි එයාගේ ආයතනය තුල බොහොම නිහඩව එයාගේ ඉගෙනීමෙ වැඩ කටයුතු කරගෙන ගියා. මට යාලුවොත් ගොඩක් හිටියා වුනත් බොහොම නිශ්ෂබ්ද කෙනෙක් මම.ඔය කලෙදි තමා කදුලු සමනලීට සිහින සමනලයා මුණ ගැහුනේ. සිහින සමනලයා හැම වෙලෙම හිනාවෙලා ඉන්න හැම වෙලෙම කතා කරන කෙනෙක්. කදුලු සමනලියි සිහින සමනලයායි ගොඩක් හොද යාලුවො වුනා. අපි දෙන්න ආවේ ගියේ එකටමයි. ඔය තරම් ලග මිතුරු කමක් කදුලු සමනලිට කවදවත්ම කොල්ලෙක් එක්කනම් තිබුනේ නැහැ. කදුලු සමනලිගේ සිහින සමනලයගේ යාලු කමට මාස තුනක් විතර කාලයක් යදිදි කදුලු සමනලිගේ ගල් හිත ටිකෙන් ටික සැලෙන්න ගත්තා.

කොහොමින් කොහොම හරි සිහින සමනලයත් ටිකෙන් ටික කදුලු සමනලිට ලන් වෙන්න පටන් අරන් තිබුනා. ඉතින් සිහින සමනලයාගෙයි කදුලු සමනලිගෙයි ආදර කතාව කියන්නම් ඔයාලා කියවනවා නේද.... 

3 comments:

  1. හ්ම්..... ලියමුකො බලන්න. එන්නම් කියවන්න. :)))

    මෙකේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නකෝ....

    ReplyDelete
  2. සුභ පතනවා දවස් 21ක් නෙමේ ගොඩ කාලයක් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා.. අපි එනවා...

    ReplyDelete