Thursday, May 24, 2012

රේල් පාර දිගේ.....

ඒ දවස් වල කදුලු සමනලීටයි සිහින සමනලයටයි හැමදමත් වගේ එයාලගේ පරිඝනක ආයතනයේ lectures හරි practicals හරි තිබුනා. එදත් එහෙම දවසක්. ඒ වෙනකොට කදුලු සමනලී සිහින සමනලයා අදුරගෙන මාස දෙකක් විතර වගේ. එදා සිහින සමනලයාට pen drive එකක් ගන්න ඔනේ වුනා. ඉතින් හැමදමත් එකටම යන නිසා සිහින සමනලයා කදුලු සමනලීටත් කතා කලා එයත් එක්ක යමු කියලා. ඉතින් කදුලු සමනලීටත් සිහින සමනලයා එක්ක ගෙදර යන ගමන් බම්බලපිටියට ගිහින් යන එක එ තරමට හිතන්න දෙයක් තිබුනේ නැහැ. හේතුව ඒ වෙද්දි දෙන්නාගේ අතරේ හොද මිතුදමක් වගේම හොද විශ්වාසයක් ගොඩනැගිලා තිබුන නිසා.

කොහොම හරි එදා සිහින සමනලයාටයි කදුලු සමනලිටයි practicals 2 වෙද්දි ඉවරයි. දෙන්නත් එක්ක වෙනදා යන යාලුවන්ගෙන් සමු අරන් බම්බලපිටිය පැත්තට යන බස් එකකට නැග්ගා. ඉන්පස්සේ දෙන්නත් එක්ක බම්බලපිටියේ unity plaza එකට ගියා pen drive එකක් බලන්න. එතන තියන barclays එකේ සිහින සමනලයාගේ යාලුවෙක් ඉන්නවා. එතනට ගිහින් දෙන්නත් එක්ක pen drives වල ගනන් අහල විස්තර අහලා බැලුවා. කදුලු සමනලී ඉතින් කටත් ඇරන් බලන් ඉදපු එක තමා කලේ. කොහොම හරි pen drive එක ගන්න සල්ලිත් අරන් ගියත් සිහින සමනලයා කලේ මුකුත්ම නොකියා යාලුවාට පස්සෙ දවසක එන්නම්කො කියලා කඩෙන් එලියට ආව එක.

එලියට ඇවිදින් කදුලු සමනලී මුහුණේ ප්‍රශ්නාර්ථ බැල්මක් තියාගෙන සිහින සමනලයා දිහා බැලුවා. සිහින සමනලයාත් හිනා වෙලා කිවා අද ගන්න බැහැ වෙන දවසක ඇවිත් ගමු කියලා. කදුලු සමනලි මොනා කියන්නද හිනා වෙලා නිකන් හිටියා මිසක්. ඉන්පස්සේ අපි දෙන්නත් එක්ක බම්බලපිටියේ station එකට ආවා. ඇවිත් tain එකක් බලද්දි ගොඩක් වෙලා තියෙනවා. ටිකක් වෙලා එතන ඉදන් හිටිය සිහින සමනලයා එකපරටම කදුලු සමනලීට කතා කරනවා.

“කදුලු සමනලී”

“හ්ම්ම් ඇයි සිහින සමනලයො”

“අපි රේල් පාර දිගේ කොල්ලුපිටියට ඇවිදන් යමුද”

“සිහින සමනලයො ගොඩාක් දුර අවිදන් යන්න තියනවාද”

“නැහැ කදුලු සමනලියේ අපි කතා කර කර අවිදන් යමු”
කදුලු සමනලී කොහොමත් මුහුදටත් අසා නිසා යන්න කමති වුනා.
“අපි යමු එහෙනම්”
සිහින සමනලයයි කදුලු සමනලී රේල් පාර දිගේ කියව කියවා ඇවිදන් ගියා. ඒ පැත්ත සිහින සමනලයා හොදට දන්න පැත්ත. හේතුව තමා සිහින සමනලයා ඉස්කොලේ ගියේ එ පැත්තේ නිසා. ඔහොම ටික දුරක් අවිදන් ගිහින් සිහින සමනලයා එකපාරටම කදුලු සමනලීගේ අතින් අල්ලගත්තා. කදුලු සමනලීට පුදුමයක් වුනත් මීට කලින් දවසකත් සිහින සමනලයා මේ විදිහටම නැත්ත අතින් අල්ලලා තිබුන නිසා ඒ ගැන ඒ තරම් හිතන්න උත්සාහ කලේ නැහැ. කදුලු සමනලී ඉස්සරහාට අවිදන් යද්දි සිහින සමනලයා එක පාරටම කදුලු සමනලීගේ අතින් ඇදලා නතර වුනා. කදුලු සමනලීට හිතා ගන්න බැහැ සිහින සමනලයා නතර වුනේ ඇයි කියලා. කදුලු සමනලී ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නා.

“කදුලු සමනලී අර එදා station එකේදි වගේ මට ඔයාව උස්සන්න හිතෙනවා”

“අනේ සිහින සමනලයො කරන්න බැරි දෙවල් කියන්න එපා”
කදුලු සමනලීට කියන්න අමතක වුනානේ. දවසක් සිහින සමනලයා කොටුව station එකේ පලම උඩ ඉදන් කීවා කදුලු සමනලී මට කිසිම අමාරුවක් නැතිව ඔයාව හරහාට වඩා ගන්න පුලුවන් කියලා. කදුලු සමනලී විශ්වාස කලේ නැහැ. අනේ බොරු කියන්න එපා සිහින සමනලයො ඔයට බෑ කදුලු සමනලි කීවා. ඔට්ටුද කදුලු සමනලී. හ්ම්ම් ඔව් මමත් කිවා. කදුලු සමනලී එහෙම කියලා හිතන්න ඉඩක් තියන්නේ නැතිව සිහින සමනලයා කදුලු සමනලීව හරහට වඩාගෙන. කදුලු සමනලීට පුදුම ලජ්ජවක් දැනුනේ එදානම්.

ඉතින් සිහින සමනලයා අර විදිහට කිවාම කදුලු සමනලි බෑ කියලා උත්තර දුන්නත් එදා වුන දේ මතක් වෙලා මූණ රතු වෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නැහැ. ඒත් එක්කම ඔන්න එහෙනම් කියමින් සිහින සමනලයා කදුලු සමනලීව හරහට වඩාගත්තා පුංචි දරුවෙක්ව වගේ. කදුලු සමනලීට හොදටම ලැජ්ජා හිතුනා. අනේ සිහින සමනලයො මාව බිමින් තියන්න මිනිස්සුත් බලයි මොකද කියලා අනේ මම වැටෙයි බිමින් තියන්න සිහින සමනලයො. කදුලු සමනලී කියන දෙවල් ගනන් ගන්නේ නැතිව සිහින සමනලයා එහෙම ටිකක් දුර ඉස්සරහාට ගියා. ඉන්පස්සේ අඩන්න ඔන්න මෙන්න තිබුන කදුලු සමනලීගේ මුණ දිහා බලලා හිනා වෙලා බිමින් තිබ්බා.

“කදුලු සමනලී අපි මෙතන ටිකක් ඉදලා යමු”

කදුලු සමනලීට ඇකමැති වෙන්න බැරි මොකක්දො හේතුවක් දැනුනා. සිහින සමනලයා කදුලු සමනලීත් එක්ක කොල්ලුපිටියයි බම්බලපිටියයි අතරේ රේල් පාර අයිනේ මුහුද ලග ගලක් උඩ වාඩි වුනා.
“කදුලු සමනලී ඔයා ලග කුඩයක් තියෙනවාද”

“ඔව් සිහින සමනලයො ඇයි”

“අවුව සැරයිනේ අරගෙන ඉහලන්න”
කදුලු සමනලී බෑග් එකෙන් කුඩේ අරන් අවුවට ඉහලා ගත්ත. සිහින සමනලයාට හිනා හොදටම.

“ඇයි සිහින සමනලයො ඔයා මට විහිලුවටද කිවේ කුඩේ දිගාරින්න කියලා”

“නැහැ කදුලු සමනලියේ ඔහොම කුඩේ ඉහලන් හිටියොත් අපි දෙන්න මෙහෙම හිටියා කියලා හෙට පත්තරෙත් වැටෙයි. කුඩේ ටිකක් පහත් කරන්න අපෙ මුණු පෙන්නේ නැති වෙන්න”

කදුලු සමනලී කවද කාපු ටින් කිරිද කිවලු. ජීවිතේ ඉස් ඉස්සර වෙලාම කොල්ලෙක් එක්ක මුහුදු වෙරලේ ගලක් උඩ කුඩයක් ඉහලන්. සිහින සමලයායි කදුලු සමනලී ගොඩක් වෙලා කතා කර කර හිටියා එක එක දෙවල් ගැන. එක පරටම සිහින සමනලයා නිහඩ කල්පනාවකට වැටුනා.

“කදුලු සමනලී අද මෙහ්ම ගමනක් මත් එක්ක ආවාට අයේ කවදාවත්ම වෙන කාත් එක්කවත් මෙහෙම යන්න එපා. අපි මේ ආව ගමන වැරදියි. තෙරුණාද කදුලු සමනලී”

“ඔව් සිහින සමනලයො, මම කවදාවත් මෙහෙම යන්නේ නැහැ කාත් එක්කවත්. ඔයාව විශ්වාස කරන නිසායි ඔයා එක්ක ආවෙ. මට හිතුනේ නැහැ මේක වැරදි ගමනක් කියලා. අනේ මට සමාවෙන්න..”

සිහින සමනලයා කදුලු සමනලීගේ අහිංසක මූණ දිහා මොහොතක් බලන් ඉදලා හිමින් සීරුවේ පුංචි කම්මුලක හාද්දක් තිබ්බා. කදුලු සමනලී හොදටම ගැස්සුණා බයවෙලා මූණ රතු කරගෙන සිහින සමනලයා දිහා බැලුවා. සිහින සමනලයා හිනා වෙලා අහක බලා ගත්තා.
“අපි දැන් යමු කදුලු සමනලී”
කියමින් ඔහු නැගිටලා කදුලු සමනලීට නැගිටින්නව අත දික් කලා. කදුලු සමනලීත් ඔහුගේ අත අල්ලගෙන නැගිටලා යන්න එක්වුනා. ඔහු ඇගේ අත අත් නොහැරම කොල්ලුපිටිය ස්ටටිඔන් එකට එනකන්ම ආවා.

ඒ කදුලු සමනලීගේඅ ආදරයේ ආරම්භය කියලා ඇයවත් ඔහුවත් දැන උන්නේ නැහැ. නමුත් දෙදෙනාගෙම සිත් වල පෙරලියක් අති වුනා. කදුලු සමනලී ගොඩක් හිතුවා එදා ඔහුගේ හැසිරිම එත් ඇයට තොරාගන්න බැරි වුනා.


ප.ලි.
ඔයාට මතකද ඒ දවස සිහින සමනලයො, කදුලු සමනලීටනම් එදා හොදට මතකයි අදත්.

7 comments:

  1. අදමයි ආවෙ. සමනලී මොකද කඳුලු ඉස්සරහට දාගෙන ?
    ලස්සන ආදර කතාවක් යයි වගේ. දිගටම ලියන්න.. සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ආ සිහින අයියා..කොහොමද..?

      මට මතකයිනේ සිහින අයියත් ඔය කුඩයක කතාවක් ලිව්වා කාලයක්.. මේ එකේ අනිත් පැත්තවද්ද..?:D:D:D

      Delete
    2. හලෝ මාර මල්ලි. ඒක තමයි බොල මාත් මේ පුදුම වෙලා මේක කියෝගෙන ගියේ. මම ලිව්ව එකේම ෆීමේල් වර්ශන් එක කියල මට දැනෙනව. අපි බලමු මම නවත්තපු තැන පහු කරන් යයිද කියල..

      Delete
    3. මේ හීන සමනලය උඹද මන්ද

      Delete
  2. ලස්සන ආදරකතාව..
    ඉතින් ඊට පස්සෙ මොකද වුනේ..

    ReplyDelete
  3. හැමොටම ස්තූති මේ පැත්තේ ආවාට.
    @සිහින
    පටන් ගනිද්දි හිනාවට වඩා මගේ ජීවිතේ තියෙන්නේ කදුලු නිසාද මන්දා...
    @මාරයා
    ස්තුතියි ආවාට. දිගටම කියවන්න හොදේ...
    @ලකී සිරි
    ස්තූතියි. ඉක්මනටම ඉතිරි ටිකත් දාන්නම්...

    ReplyDelete
  4. නම් දාල තිබුන නම් ලස්සනයි...නම් නැතුව එපා වෙනව අප්පා

    ReplyDelete