Monday, May 28, 2012

මොනවා වුනත් හැමදාටම මගේ ලගින් ඉන්නවාද....

හැමදෙනාම කිව නිසා මම කදුලු සමනලීටයි සිහින සමනලයාටයි නම් දෙකක් දැම්මා. මම කදුලු සමනලී කාවින්දි, සිහින සමනලයාගේ නම නිසල්......

කාවින්දි සතියක් ගෙදර ගිහින් ඉදලා හිත හදාගන්න හැදුවත් නිසල් එකට ඉඩ දුන්නේ නැහැ. එහෙම කියන්න හේතුව මම ගෙදර යද්දි මගේ phone එකේ credits නැතිව එන call එකක්වත් ආවේ නැහැ. නිසල් කවින්දිගේ phone එකට call කරන්න ගොඩාක් try කලා. ඒත් වැඩකරන්නේ නැති නිසා අන්තිමට කදුලු සමනලීගේ ගෙදරට call කලා. ඉන්පස්සේ කවින්දි එක්ක ගොඩාක් වෙලා කතා කලා. කාවින්දිට කරන්න දෙයක් තිබුනේ නැහැ. නිවාඩු දවස් ටිකේම නිසල් කාවින්දි එක්ක එයාලාගේ ගෙදර phone එකෙන් කදුලු සමනලීගේ ගෙදරටම call කරලා පැය ගානක් කතා කර කර හිටියා. කාවින්දි හිතේ තියෙන දුක හංගාගෙන කතා කලේ සිහින සමනලයාගේ සතුට ගැන හිතලා.ඊටත් වඩා කදුලු සමනලීගේ හිතට වුනත් එහෙම කතා කරන එක සැනසීමක් වුනා.

කොහොම හරි මම නිවාඩු දවස් ටික ඉවර වෙලා ආයෙමත් කොලඹ ආවා. එදා වෙනදා වගේම නිසල් එක්ක උදේ යන්නේ නැතිව තනියෙන් ගියා. එයාට මේ ගැන හොදටම දුක හිතිලා. නිසල් ආයතනයට ගිය ගමන්ම කලේ කාවින්දිව හොයන එක. එත් එයා ඇවිත් හිටියේ නැහැ. කොහොමහරි නිසල්ට කදුලු සමනලීව මුණ ගැහුනේ එදා විවේක කාලයේදි. ඒත් වැඩි වෙලාවකට නෙවේ. කාවින්දි පුලුවන් තරම් නිසල්ව මග ඇරලා ඉන්න උත්සාහ කලේ හිත රිදවාගන්න බැරි නිසාමයි.

එදා අපි දෙන්නාටම lectures නිසා වැඩි වෙලාවක් කතා කලේවත් නැහැ. කොහොම වුනත් අපි දෙන්නා හවස එකටම ආවා. වෙනදාට නිසල් යන train එකේම කාවින්දි ඇවිත් මගින් බැහැලා ඉතිරි ටික තනියෙන් යනවා. ඒවුනත් එදා නිසල්ට කදුලු සමනලී එක්ක තව ටිකක් කතා කරන්න ඔනේ වුන නිසා කාවින්දි බහින තැනින්ම බැහැලා එයාව එයාගේ ගෙදර ලගටම ඇරලන්න එන්න ඇහුවා. මට කරන්න දෙයක් තිබු“කාවින්දි ඔයාට පුලුවන්ද මාව අමතක කරන්න”
“කරන්න දෙයක් නැහැ එහෙම කරන්නම වෙනවානේ”
“එක නෙවේ කදුලු සමනලී ඔයාට පුලුවන්ද එහෙම කරන්න මට බැහැ ඔයව අමතක කරන්න මම ඔයාට ආදරේ, අනේ මට හැමදාටම ඔයාලගට එන්න පුලුවන්නම්”
“නිසල්, මට බැහැ ඔයාව අමතක කරලා දාන්න. ඒත් මට බැහැ වෙන කෙනෙක්ගේ ජීවිතයෙන් ආදරේ උදුරගන්න. අපි කොහොම වුනත් ඈත් වෙන්නම ඔනේ.”
නේත් නැහැ. ඒ නිසා මම නිහඩවම හිටියා. වෙන දවස් වලට මම train එකෙන් බැහැලා ඉතිරි ටික යන්නේ බස් එකේ එත් එදා එයා ඇවිදන් යමුද ඇහුවාම බැහැ කියන්නත් බැරි වුනා.

අපි දෙන්නත් එක්ක රේල් පාර දිගේ ඇවිදන් ගියා. ටික දුරක් ගිහින් නිසල් හෙමින් සැරේ කාවින්දිගේ අතින් අල්ලාගත්තා. මම අත අතැරගන්න try කලේ නැහැ තේරුමක් නැති නිසා. නිසල් මගේ අත් අල්ලාගෙන ඇවිදන් ගියා.

“කාවින්දි ඔය මට ආදරේද” සිහින සමනලයා හෙමින් ඇහුවා.

කාවින්දි තවමත් ගොඩාක් දුකින් ඉන්නේ.

“මම ආදරෙයි නිසල් එත් වැඩක් නැහැ. මම දැන් ඒ දේවල් අමතක කරන්න ට්‍රය් කරන්නේ ඔයා මට උදවු කරන්න හිත හදාගන්න. මම කොහොමත් මේ course එක ඉවර වුන ගමන් නුවර ගෙදර යනවා මේ හැමදෙයින්ම ඇත් වෙලා. අපි ආයෙමත් ඒ ගැන කතා නොකර ඉදිමු.”

“කාවින්දි මොනදේ වුනත් හැමදාටම මගේ ලගින් ඉන්න බැරිද කියන්න කාවින්දි ඔයට බැරිද ඔය ආදරේ මට දෙන්න හැමදාම”

“මම දන්නේ නැහැ නිසල්, මට තේරෙන්නේ නැහැ”

සිහින සමනලයා යන ගමන නතර කරලා එක තැන නතර වුනා. කාවින්දි ඉස්සරහාට යන්න වුනා. ඒත් එයා මගේ අතින් ඇදලා එයාගේ ඇගට ඇදගත්තා. මාව balance නැතිව ගිහින් නිසල්ගේ ඇගේ වදිලා නතර වුනේ. මම තරහින් එයා දිහා බැලුවා. ඒ ඇස් කදුලු සමනලී දිහා ආදරෙන් බලන් ඉන්නවා. ඒ බැල්ම දරාගන්න බැරි වුන මම හෙමින් බිම බලාගත්තා.

“කියන්න මගේ කදුලු සමනලී මොන දේ වුනත් හැමදාමත් මගෙත් එක්ක මගේ ලගින් ඉන්නවා නේද”

කාවින්දි ගොඩක් අසරණ වුනා ඒ ඉල්ලීමත් එක්ක. ගල් කරගෙන හිටිය හිත දිය වෙලා යන්න ගොඩක් වෙලා ගත වුනේ නැහැ. මම කදුලු පුරවාගෙන නිසල් දිහා බැලුවා. ඔහු තවමත් කලින් වගේම මගේ දිහා බලන් ඉන්නවා. බිම බලගත්ත මම බොහොම හිමින් උත්තර දුන්නා.

“මම ඉන්නම් ඔයා ලග මොනදෙ වුනත්”

“යේ මගෙ කදුලු සමනලී හැමදාටම මගේ ලග ඉන්නවා මොනදේ වුනත්. මම ඔයාට ගොඩාක් ආදරෙයි කදුලු සමනලී. කියන්න ඔයත් මට ආදරෙයි නේද”

“හ්ම්ම් ඔව් සිහින සමනලයො මම ඔයාට ගොඩාක් ආදරේ. දැන් අපි යමු”
“යමු”

නිසල් ගොඩාක් සතුටින්. කාවින්දි හිතා ගන්නවත් බැරි වුනා. මගේ හිතට සතුටක් වගේම දුකකුත් දැනුනා. හේතුව තමා අද දවසේ නිසල් තමන් එක්ක හිටියාට කවදා හරි එයාගේ ජීවිතේට ලංවෙලා ඉන්න ගෑණු ලමයා ලගට යන්න වෙයි එතකොට දුක දරගන්න පුලුවන් වේද කියලා. ඒත් මම හිත හදා ගත්තා අද මේ මොහොතේ සතුටින් ඉන්නවා මට ඒ දේවල් එහෙම වෙද්දි දරාගන්න බැරි වුනොත් මම ජීවිතෙන් පැනලා යනවා කියලා.

අපි දෙන්නා ගොඩක් සතුටින් ගියා. නිසල් මාව ගෙදරට හැරෙන පාර ලගට ඇරලුවා. ඉන්පස්සේ එයා ආපහු හැරිලා ගියා.
ඉන්පස්සේ කලය හරිම ඉක්මනට ගෙවිල ගියා. අපි දෙන්නා ගොඩක් ආදරෙන් සතුටින් හිටියා. ඒත් බොහොම ටික කාලයක්. 




No comments:

Post a Comment