පහුගිය දවස්වල මම ගොඩක් දුකින් ඉද්දි මගේ ලගින් ඉදන් මට ගොඩක්ම උපදෙස් දුන්නු මගේ හොඳම යාළුවා අද ගොඩක් දුකින්. එයා ගැන කියන්න බැහැ මට කා එක්කවත්. ඒත් මට දුක මට හිත හදාගන්න ගොඩක් උදව් කල මගේ යාළුවත් මා වගේම ගොඩක් දුක් විදිනවා....
අද එයාගේ පරණ ප්‍රේමය එයාට SMS එකක් එවලා එයා මලත් කමක් නැහැ කියලා. මට හිතාගන්න බැහැ අපි මේ තරම් පණ දීලා පෙම් කරන අය අපිට මෙහෙම කියන්නේ ඇයි කියලා. එයාලා හිතනවා ඇති අපිට පිස්සු කියලා අපි එයාලා කරන හැම වැරැද්දටම සමාව දීලා පණටත් වඩා ආදරේ කරද්දි.
මම දැක්කා හොඳින්ම මම වගේම මගේ යාළුවත් මහ මෝඩ විදිහට පණ දීගෙන ආදරේ කරනවා. ඒත් එයාට ලැබුණ දේ තමා රැවටීමයි විරහවයි. අපි ආදරේ කරන අයට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනේ මන්දා.
අද මා වගේම මගේ යළුවත් පිරිමියෙක් නිසා හොඳටම අඬනවා. එයාගේ හිත හදන්න කියන්න ඕනේ මොනවාද කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නවා මගේ ආදරේ වගේම එයාගේ ආදරෙත් කිසි වටිනාකමක් ඒ පුද්ගලයාට නැහැ කියලා. ඒ ඇත්ත මම තේරුම් ගත්තා කාලයත් එක්ක. ඒත් මගේ යාළුවාට තවමත් ඒ ඇත්ත තේරුම් අරන් හිත හදාගන්න පුළුවන් තැනට ඇවිත් නැහැ. වෙලාවකට මට හිතෙනවා එයාත් එක්ක මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න. ඒත් එහෙම කරන්නේ කොහොමද? මට බැහැ මගේ හොඳම යාළුවාව ගැටළුවකට මැදි කරන්න.
මගේ හයියට හිටි ඒ ඇස් දෙක අඬද්දි මට හිතාගන්න බැහැ. ඒ තරමකටම මගේ හිත රිදෙනවා. මට නැගිටින්න දිගු කරපු ඒ අත තදින් අල්ලගෙන එයා එක්ක අඬනවා හැර එයාට තරම් මගේ හිත හයිය නැහැ.
මට තේරෙනවා එයාට දැනෙන දුක තමන් ගොඩක් ආදරේ කරන කෙනා මට ඔයාව එපා කියලා ප්‍රතික්ෂේප කරද්දි දැනෙන දුක වේදනාව. ඒක දරාගන්න මහ හුඟක් අමාරු හැගීමක්. මට ඒ දුක දැනෙද්දි මම හිතුවේ හතුරෙක්ටවත් මේ තරම් දුකක් දැනෙන්න එපා කියලා. ඒත් මගේ හොඳම යාළුවා එහෙම අඬද්දි මම කොහොමද හිත හදාගන්නේ එයාගේ හිත හදන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ.
මට කරන්න පුළුවන් දේ මම වචනයෙන් කරනවා. ඒත් මම දන්නවා හොඳටම ඒ දුක අඩු කරන්න මට ගොඩක් අමාරුයි. ඒත් හිත හයිය කරන් හිත හදාගන්න උදව් කරන්න මට පුළුවන්. මා කඳුළු හංගගත්තා වගේම එයාටත් කඳුළු හංගගන්න උදව් කරනවා.
එකම තත්වේ ඉන්න අපි දෙන්නා ගොඩක් අසරණ වෙලාවකදි මේ වගේ තවත් අසරණ කරන්න තරම් අපි ආදරේ කළ දෙන්නාම නපුරු වුනා කියලා හිතන්නත් මට බැහැ. එයාලාට කවදාවත් දුකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න මට වගේම මගේ යාළුවාටත් පුළුවන්. ඒ අපි එයාලාට මුළු හදින්ම අවංකව ආදරය කල නිසයි. එයාලාට නොදැනුනත් අපි ආදරේ කලා.
මට හිතෙන්නේ තවත්නම් මා වගේ කෙල්ලෙක්ට මේ වගේ දුකක් වෙන්න එපා කියලා. මට දරාගන්න බැරි වුන මේ දුක මගේ යාළුවත් මටත් නොකියා ගොඩක් දවස් දරාගෙන ඉදලා තියෙනවා. ඒත් දරාගන්න බැරි වුන තැන එයා මට කීවා. අපිට දරාගන්න බැරිව අපි අඬනවා වගේම තව කීදෙනෙක් මෙහෙම අඬනවා ඇතිද....
ඔයාලත් තමන්ගේ කෙල්ල දැනුවත්ව හෝ නොදැනුවත්ව රිදවනවා නම් අදින් පසුවත් එහෙම කරන්න එප. කෙල්ලන්ට ඒ තරම් දුක් කන්දරාවක් දරාගන්න බැහැ. ඒ හිත් හරි අහිංසකයි. පිස්සුවෙන් වගේ ඔයාලාට අවංකව ආදරේ කරන හිත් තලලා පොඩි කරලා දාන්න එපා... ඒක හරි පව්.......
හිනා වෙලා සමනලියක් වගේ වෙන්න හිතන් ඉද්දි එක පාරටම කඩන් වැටුණු මහ වර්ෂාවකට තෙමිලා කදුලු සලන සමනලියෙකි මා......
Tuesday, August 5, 2014
Sunday, June 1, 2014
නුඹට .... සුභ උපන් දිනයක් වේවා .....
කඳුළු එක්ක පටන් ගත්ත මගේ බ්ලොග් එකට දන්නෙම නැතිව අවුරුදු දෙකක් වෙලා... අදට අවුරුදු දෙකයි දවස් දහයයි. දන්නෙම නැතිව මම අවුරුදු දෙකක්ම අඬලා..... දුක පිට කරගන්න විදිහක් නැතිව පටන් ගත්ත මේ බ්ලොග් එක නිසාම ගොඩක් දෙනෙක් අඳුරගත්තා. ඒ වගේම එයාලා මට හිතවත් විදිහට උපදෙස් දුන්නා. තවත් සමහර අය තැන තැන මාව විවේචනය කලා. ඒ හැම දේම මට ජීවිතේට අළුත් දෙයක් කියා දුන්නා.
ටික දවසකට විතරක් ලියලා නතර කරනවා කියලා හිතන් හිටි මගේ කඳුළු කතාව අවුරුදු දෙකක්ම ලිව්වා. ජීවිතේට දැන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් කඳුළු එක්ක තිබුන මගේ ආදරය නැතිම වෙලා ගියා. මගේ දුක බලන්න ටික දවසකට මගේ ලඟින් හිටි යාළුවාට ගොඩක් පින්. එයාට තවත් කරදර කරන්න බැහැ.
මට තවදුරටත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. පුළුවන් ඉක්මනට මැරෙන්න හේතු වෙන දේවල් එක්කම මේ ටික දවසත් කඳුළු එක්ක ජීවත් වෙනවා. හිත ආසයි හිනාවෙන්න. ඒත් හිනාවෙන්න හේතුවෙන කිසිම දෙයක් මගේ ජිවිතේට ලැබෙන්නේ නැහැ.
ජීවිතේ තිබුණ හීන හැම එකක්ම එයාගේ අම්මා නිසා නැතිවුනා. එයා යන්නම යන්න ගියා මගෙන්. ආයෙ කවදාවත් මගේ ජීවිතේට සතුට හීන අරන් කෙනෙක් එන්නේ නැහැ.
අවුරුදු දෙකක් මගේ කඳුළු දරන් හිටි මගේ බ්ලොග් එකට මමම සුභ උපන්දිනයක් කියාගන්නවා.
තව ටික දවසකින් හැමදේටම ආයුබෝවන් කියලා මම අයෙමත් නොඑන්නම යන ගමන යනවා. එතකම් පුළුවන් හැමදවසකම මගේ හීන ලියලා තියනවා කාටවත්ම කියන්න බැරිවුන.
ඔයාලත් කඳුළු සමනලීට සුභ උපන්දිනයක් කියන්න. දින දහයක් පරක්කු වුනාට කමක් නැහැ.
Saturday, May 17, 2014
හිත සහ මතකය ........
හිත : මතකය, ඇයි ඔයා හැමවෙලේම පරණ දේවල් මතක් කර කර මට දුක් දෙන්නේ ....
මතකය : හිත, එතකොට ඔයා මට කියන්නේ පරණ හැම දෙයක්ම අමතක කරන්න කියලාද?
හිත : අනේ ඔව්.... ඔය පරණ දේවල් මතක තියාගන්න එකෙන් ඔයාට වැඩක් නැහැනෙ. අනික ඔයා හැම වෙලේම ඒ දේවල් මතක් කර කර මාව රිදවන එකමනෙ කරන්නේ...
මතකය : මම කොහොමද එහෙම හැමදේම අමතක කරන්නෙ. එතකොට ඔයාටවත් මටවත් කිසි දෙයක් කරගන්න බැරි වේවි. අපිට අපි කවුද දන්නෙත් නැති වේවි....
හිත : මතකය, ඔයා හැමදේම අමතක නොකර මාව රිදවන මතකයන් විතරක්වත් අමතක කරන්න...
මතකය : හිත ඔයා ඔය අමතක කරන්න කියන්නේ එක්කෙනෙක් ගැන තියන මතකයන් නේ.... ඒත් ඒක කරන්නේ කොහොමද....
හිත : ඇයි මතකය ඔයා ඔය තරම් නපුරු.... ඇයි බැහැ කියන්නේ
මතකය : මම ඒ මතකයන් අමතක කලාම ජීවිතේ අවුරුදු ගානක්ම හිස් .... මොකද ඒ ගැන කියන්නේ ඔයා ....
හිත : මතකය, ඇයි ඔය තමට මාව රිදවන්නේ.... යන්න මගෙන් ඈතටම යන්න. එන්න එපා අයෙමත් මගේ ලඟකටවත් ඔයා හරිම නපුරුයි....
මතකය : හිත ඔයාට රිදුනත් මම කිවේ ඇත්ත... මට ඒ මතකයන් අමතක කරන්න බැහැ. ඔයාට රිදුනත් ඔයා ඉන්නෙත් ඒ මතකයන් නිසාමයි.... ඇත්ත තේරුම් ගන්න
හිත : මතකය මොකක්ද ඇත්ත.... ඔයා පරණ දේවල් මතක් කරන වෙලාවට මට මාව රිදවගන්න ඕනෙ කියන එකද
මතකය : හිත ඔයා තේරුම් ගන්න ඒ මතකයන් අමතක කරන්න මට බැහැ. ඒ දේවල් වලට ඔයා රිදෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න.
හිත : හැමදේටම වරදකාරි මමයි... මතකය ඔයා කියන්නෙත් රිදෙන එක මගේ වැරැද්ද කියලා.. ජීවිතය කියන්නෙත් එයාව අවුල් වුනේ මා නිසා කියලා ඇයි ඔයාලා මටම බනින්නේ .... මම යනවා යන්න කොහේ හරි ....
මතකය : හිත, ඔයා අඬන්න එපා. වැරැද්ද ඔයාගේ විතරක් නෙවේ. අපි හැමෝම එකතු වෙලායි කරන්නේ. යන්න එපා කොහෙවත් අපිව දාලා ........

Tuesday, May 6, 2014
පිස්සුද කියලත් හිතෙනවා .......
හිතට දුකයි දරාගන්න බැරි තරමට.. ඒත් මම තාමත් දුක දරන් ඉන්නවා කාටවත් නොපෙනෙන්න. අද කීප දෙනෙක්ම මට කීවා මම මේ දවස් වල හිනා වෙලාම ඉන්නවා කියලා මම ගොඩක් සතුටින් මේ දවස් වල ඉන්නවා කියලා. ඒත් ඒ කවුරුත් දන්නේ නැහැ මම ඒ තරම් හිනාවෙන්නේ මගේ දුක හංගගන්න කියලා. අඬන්න බරි කමට මම හිනා වෙනවා. හැමෝම ඉස්සරහා අඬලා අනිත් අයගෙ අනුකම්පාවට ලක්වෙන්න මම කැමති නැහැ. මම හිනා වෙලා ඉන්නවා කීවට ආයෙ කවදාවත්ම ඇත්තටම හදවතින්ම සතුටට හිනාවෙන්න ලැබෙන්නේ නැති වේවි. .
ගිය සති දෙකේ වැඩ ගොඩක් වැඩි නිසා මට නියපොතු කපන්න බැරි වුනා. මම අපේ ඔෆිස් එකේ දෙන්නෙක් එක්ක වීඩියෝ එකක් බලන්න ගියා. මමයි කොම්පියුටරේ වැඩ කලේ. ඒ වෙලාවේ එයාලා මගේ ගොඩක් වැවිලා තිබුණ නියපොතු දැකලා මගෙන් අහනවා වෙඩින් එක ලඟද කියලා. මට උඩ බිම බැලුනා. පණ වගේ හිටි කෙනා දාලා ගිය මම මගුලක් ගැන හිතන්නේ කා එක්කද කියලා. මම බය වෙලා මුණ දිහා බැලුවාම කියනවා නියපොතු වවලා තියෙන නිසා කියලා. ඔය වගේ දේවල් අහනවාට වඩා හොඳයි මගෙ ඔලුව පැලුවා නම්. ඒ හන්දාම මේ සතිය පටන් ගද්දිම නියපොතු ටික හොඳටම කපලා දැම්මා. ආයෙම නම් එක දවසක්වත් වැවෙන්නෙ තියන්නෙ නැහැ. ඉස්සර වගේ නියපොතු ටික කාලා හරි දානවා.
කෙනෙක් මට කීවා මම එයාට දෙයියො දීපු කෙනෙක් නෙවේලු. දෙයියන්ට අමතක වෙලා මාව මවලා තියෙන්නේ කවුරුවත් වෙනුවෙන් නෙවේලු. ඒ කියන්නේ මට කවදාවත් ජීවන සහකරුවෙක් ලැබෙන්නේ නැහැ. ඒකට මට දුක නැහැ. ඒත් මම දෙයියො එක්ක තරහයි. එයා මගේ සතුට ඉක්මනටම මගෙන් උදුරගෙන එයා ලගට ගත්තා. මම එයා ලගට එන්න ඕනේ කියද්දි මට එන්න දෙන්නෙත් නැහැ. ඒ හින්දා මම එයා එක්ක හොඳටම තරහයි තරහම තරහයි.
මට හම්බවුනා යාළුවෙක්. එයා මා එක්ක කතා කර කර ඉදලා එක පාරම කතාව නතර කලා. මට හිතාගන්න බැහැ ඇයි කියලා. මම මුලින් එයාගෙන් ඇහුවා එයාට ගෑණු ළමයෙක් ඉන්නවාද කියලා. හේතුව මම කැමති නැහැ එයා මා එක්ක කතා කරද්දි එයාගේ ගෑණු ළමයා එයාට කතා කලොත් කෝල් වේටින් දැකලා හිත රිදවගන්නවාට. මටත් එහෙම දෙයක් වෙලා මම අනන්තවත් ඇඬුවා. එයා කීවා එයාට කෙල්ලෙක් නැහැ කියලා. එයා මට කතා කරන එක අඩු වුනාට මම එයාට වෙනදා වගේම රින් කලා. කෝල් වේටින් පැයකට වඩා. මම පස්සේ දවසක ඇහුවා ඒ ගැන. දවස් කීපයකදි දීපු උත්තර එකිනෙකට වෙනස්. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ. ඇයි මට බොරු කිවේ කියලා.
කොහොම වුනත් හිතට හරි දුකයි හැමදේම නැති වෙන එක නිසා. මේ හැමදේම අතැරලා දාලා කොහේ හරි යන්න තියෙනවා නම් කියලා. සමහර දවස් වලට ගෙදරින් හොඳටම බැණුම් අහනවා කිසිම වැරැද්දක් කරන්නේ නැතිව. මම කරපු එකම වැරැද්ද එයාට ආදරේ කරපු එක. එයා මාව දාලා ගිය එක. ඒක තමා මම කරපු ලොකුම වැරැද්ද මට මේ තරම් දුක දැනෙන්න හැම මොහොතෙම.
මට කාලය දිගේ ආපස්ස්ට ගිහින් වෙනසක් කරලා එන්න අවස්ථාවක් දෙනවා නම් මම ඉස්සර හිතන් හිටියෙ දෙයියො මගෙන් උදුරගත්ත කෙනාව මගේ ලග තියාගන්න පුළුවන් විදිහට වෙනස් කරනවා කියලා. ඒත් දැන් මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කරන්නේ එයා මුණගැහුණ මුල්ම අවස්ථාව වෙනස් කරන එක. එතකොට මේ හැමදේම වෙනස් වෙනවනෙ. අද මට මේ තරම් දුකක් ඉතිරි වෙන්නේ නැහැනෙ එතකොට.
දැන් ඇති කියලා හිතෙනවා හිතේ දුකට පිස්සු විකාර ලීවා. සමහරවිට හෙට ඉදන් කට්ටිය මට මානසික වෛද්‍යවරු හොයලා දේවි මොලේ අමාරුවට බෙහෙත් ගන්න කියලා මේක කියවලා. මටත් වෙලාවකට එහෙම හිතෙනවා. එහෙමවත් දෙයක් වේවි නේ.

Tuesday, April 8, 2014
නුඹට ලියූ කවි ......
ලඟින් ඉන්න තරු කැටයක් ......
නොවුනට සඳේ මං ...... නුඹ හට ........
නුඹේ එළියෙන් සැනහෙන ......
පුංචි බිම්මලක් ...... මං .....
ලං වෙන්න වරම් නැති .....
නුඹට .......
සුළං පොදේ ...... සුළං පොදේ ......
රැගෙන යන්න .......
වළා පෙළ ...... නුඹත් එක්ක .....
එපා කියන් ..... සඟවා ගන්නට .....
මගෙ සඳ .........
(මගේ හිතේ පාළු මැකු නුඹට )
නොවුනට සඳේ මං ...... නුඹ හට ........
නුඹේ එළියෙන් සැනහෙන ......
පුංචි බිම්මලක් ...... මං .....
ලං වෙන්න වරම් නැති .....
නුඹට .......
සුළං පොදේ ...... සුළං පොදේ ......
රැගෙන යන්න .......
වළා පෙළ ...... නුඹත් එක්ක .....
එපා කියන් ..... සඟවා ගන්නට .....
මගෙ සඳ .........
(මගේ හිතේ පාළු මැකු නුඹට )
Monday, March 31, 2014
අසම්මත ප්‍රේමය .......
මා හද පිළිසිදගත් .......
ප්‍රේමයේ .... යුක්තානුව ......
නුඹ ...........
මුළු ලොවට මෙන්ම .....
ඔහුට ද ......
අසම්මතයකි ........
ඉදින් .... මා කුමක් කරම් ද .....
ප්‍රේමය .....
නුඹව ..... ගබ්සා කරනු මිස ......
නැත ......
තලා පෙලන්නේ ......
මා නුඹව .....
රැකගනිමි ..... මා
මුළු ලොවට හොර රහසේ .......
මා හද තුල සඟවාලා ........
ප්‍රේමය ......
නුඹ ..... දෙපයින් නැගී සිටින තුරු ......

Friday, March 28, 2014
ජිවිතය ......
ගොඩක් දවසකට පස්සේ ආයෙමත් මේ පැත්තේ ආවේ ඇයි කියන්න මම දන්නෙත් නැහැ. ආයෙමත් දුක එපා කියලා මේ මොහොතේ ජීවත් වුනා හීන මවන්නෙ නැතිව. ඒත් අනේ මන්දා....
මගේ වටේ ඉන්න හැමදෙනාම හැම වෙලේම කියන්නෙ මොන දේ වුනත් කලින් ආත්මෙක කරපු දෙයකට තමා එහෙම වෙන්නේ කියලා. මටත් එහෙම වෙන්න ඇති හැමදේකින්ම දුකක් විතරක් ඉතිරි වෙන්නේ. පහුගිය ආත්මෙක මමත් කාටහරි කෙනෙක්ට ලොකු දුකක් දෙන්න ඇති ගණන් ගන්නේ නැතිව ඉදලා. ඒ නිසාම මේ ආත්මෙදි අනිත් අය මාව ගණන් ගන්නේ නැතිව ඇති.
මට තේරෙන්නේ නැහැ. කොයිතරම් හිතුවත් හීන මවන්නේ නැහැ කියලා. පුංචි වෙලාවක් නිදහසේ ඉන්නවා වුනත් හිත දගලන්නේ හීන මවන්න. අගක් මුලක් නැති හීන. ඒ හීන වලට මම ආසයි. ඒත් ඒවා හැබෑවෙන්නේ නැහැ කියලා දැනුනාම හිතට මහ ගොඩක් දුකයි.
වෙලාවකට හිතෙනවා ප්‍රාතිහාර්යයක්වත් වෙලා මගේ එකම එක හීනයක් හරි හැබෑ වෙනවා නම් කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියන එක මම හොඳටම දන්නවානේ. එහෙම වෙනවානම් මම ප්‍රාර්ථනා කල තරමට එයා මගේ වෙලා. ප්‍රාර්ථනා ගැන මට තවත් බලාපොරොත්තු නැහැ.
ජිවිතේ වල පල්ලටම වැටිලා හිටි මාව ගොඩට ගන්න අත දීපු මගේ හොඳම යාළුවා ඔයාත් වෙලාවකට මාව ඒ වලට ආයෙමත් තල්ලු කරනවා වගේ හැගීමක් දැනෙනවා. මන්දා මම වැරදි ඇති ඔයාගේ ඒ යාළුකම හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවාට. ඒත් පාළු වුන මගේ හිතට දැනෙන තනිකම මහ ගොඩයි.
ලෝකයට බයේ හිතට දෙනෙන තීරණය නොගෙන ඉන්න එක මහ මෝඩ කමක් විදිහට දැනෙනවා. ඊටත් වඩා එහෙම ඉන්න බැරි වේවි කියලා මගේ හිතම මට කියනවා. ගෙදර අයගේ තීරණයට හිස නමලා ජීවිතයම දුක් විදින්න හිත හදාගන්නේ කොහොමද මම. එයාගේ ගෙදර අයගේ තීරණය නිසා මගේ ජීවිතය සුළි සුළඟට හසු වුනා. මට තීරණයක් ගන්න බැහැ මම මොකද කරන්නේ කියන එක.
අද මානසික පීඩනය ගැන කියෙව්ව ලිපියෙන් මම තහවුරු කරගත්තා ඇත්තටම මේ ප්‍රශ්ණ නිසා මාත් මානසික පීඩනයකින් නේද ඉන්නේ කියන එක. ඒත් ඒකට විසඳුමක් කොහෙන් හොයන්නද? විසඳුමක් නැති නිසාම මම අකමැතිම දේ මගෙ හොඳම යාළුවා ඔයා එපා කියපුම දේ මම කලා. දුක මෙහෙම ලියන්න මම ආවා මගේ බ්ලොග් එක පැත්තේ.
වෙලාවකට හිතෙනවා දැන් ඇඬුවා ඇති කියලා. අවුරුදු තුනක් විතරම දැන් මම ඇඬුවා. තවත් බැහැ. මට හරි වෙහෙසයි. අද උදේ මගේ යාළුවෙක් අහනවා ඇයි මූණත් එක්ක අමුතු වෙලා කියලා. මම කියන්නෙ කොහොමද ඇයි කියලා. මට දෙන්න උත්තර නැහැ. නිදාගන්න ඇඳට යද්දි හිතෙනවා හෙට උදේට මට ඇහැරෙන්නේ නැතිනම් කියලා. හෙට දවසට මම ඒ තරමට බයයි....
හීන මගේ පුංචි හිතේ තියන කප්පරක් හීන වලින් එකම එකක් හරි හැබෑ වෙනවා නම්..... හිනැහෙන්නම් මුළු ජිවීතය පුරාවට හැම දුකක්ම හිත දරා ....

Monday, February 24, 2014
පතන්නට නවමු පැතුමක් ......
නුඹේ සුරතේ වෙලී......
පියනගන්නට ........ ජීවන මගේ.......
සදාකාලයට ........ රැදී ඉන්නට නුඹේ උණුසුමේ .......
සැගව ගන්නට නුඹේ ....... පපුතුරේ ......
රැදී ඉන්නට ...... නුඹේ දෑස් මානයේ ........
ලබන්නට ..... නුඹෙ රැකවරණ ...... සදා කාලයට ....
හැකිවේ නම් ....
දැනේවි ..... ජීවත් වන වග .... මා ......

Sunday, February 23, 2014
හිනා බිඳක් මට ගෙනෙන්න .....
මේ දිවි මං තලාවේ
මඟ එළි නොමැති විරාමේ ....
ආදරයෙන් අත අල්ලන්
ජීවිතයට එළිය බිඳක් ......
හිත ඇතුලේ හංඟාගෙන .....
තරු එළියක් වී දිලෙන්න .......
නෙතඟ කඳුළු අතැගිල්ලෙන්
හීන් සීරුවේ පිසදා ......
හිනා බිඳක් මට ගෙනෙන්න ......
මඟ එළි නොමැති විරාමේ ....
ආදරයෙන් අත අල්ලන්
ජීවිතයට එළිය බිඳක් ......
හිත ඇතුලේ හංඟාගෙන .....
තරු එළියක් වී දිලෙන්න .......
නෙතඟ කඳුළු අතැගිල්ලෙන්
හීන් සීරුවේ පිසදා ......
හිනා බිඳක් මට ගෙනෙන්න ......
Friday, January 18, 2013
කතා පොතක් 2.........
මා අද ලිව කතා පොතක් පෝස්ට් එක ලිවේ මා කියවූ පොත. ඒ ගැන ලියන්න හේතුව මා වෙනම පෝස්ට් එකකින් ලියන්න හිතුවා.
කතා පොතක් නොකියවූ අය කියවලාම එන්න.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක කියවු විට මට දැනුනේ ඒ ඔබත් මමත් කියමයි. එයට හේතුව අපි දෙදෙනාගේ ජිවිත වල සිදුවන්න යන සිදුවීම එහි තිබුනා.
සෙනාල් රන්දිමාට හිතින් ආදරේ කරනවා. නමුත් අහම්බෙන් මුනගැහුණු සුභානි ජීවන සහකාරිය කරගන්නවා. රන්දිමාට ආදරේ නැති බවත් සිදුවිය යුතුදේ එය බවත් පවසමින්. ඔහුට ඔහුගේම අභ්‍යන්තර සිත තේරුම් ගැනීමටවත් නොහැක.
ඔබත් හරියටම සෙනාල් වගේමයි. ඔබේ සිතේ සෑබෑවටම තිබෙන ආදරය තේරුම් ගන්න නුඹට බැහැ. අහම්බෙන් මුණ ගැහුණු ඇය සමග අලුත් ජිවිතයක් ආරම්භ කිරිමට උත්සාහ දරන්නේ මාව ඔබෙන් ඈත්ම ඈත් කර දාලා. නමුත් ඔබේ සිතුවිලි වල ඉන්නේ මා බව ඔබ තේරුම් අරන් නැහැ.
මතකද මා දෙවතාවක්ම සතිය බැගින් රෝහල් ගතව සිටි කාලය. ඇත්තටම ඔබ ඒ වතාවන් දෙකේදිත් මා ඔබෙන් ඈත්කරන්න උත්සාහ දරමින් සිටියා. මා ඔබට ඒ අවස්ථා දෙකෙහිදිම කතා නොකර සිටින විට ඔබ මොනතරම් දුක් වුනාද..... ඔබට කොයි තරම් පාළුවක් දැනුනාද.....
මතකද ඔයාම මට කිවා ඔයා දුකින් හිටි වග පාළුව දැනුනු බව. මා නිවසට පැමිණ මුලින්ම ඔබට කතා කල දවසේ ඔබේ දෑසින් වැටුණු කදුළු...... ඒ පිළිබඳව සිහි කර බලන්න. ඔබ අදත් කරන්නේ හිතට එකග දේ නොවේ. මා ඔබ ලගින් හැමවිටම සිටින නිසා ඔබට මගේ අගයක් නැහැ. නමුත් දිනක නුඹට නැවත දිනක හැගේවි.... ඔබට මා නොමැති අඩුව දැනේවි....
නමුත් සෙනාල්ට මෙන් ඔබේ ජීවිතයෙනුත් වන්දි ගෙවන්න නම් සිද්ද වෙන්න එපා. අද ඔබට නොතේරේවි. නමුත් මතු දිනක ඒ ගැන වැටහේවි.
සෙනාල්ට තමන් රන්දිමාට ආදරය කරනවග ඇය නැතිව දැනෙන පාළුව වටහා ගත්තේ ඔහු රන්දිමාගෙන් වෙන්වී සුභානි සමග නීතියානුකූලව විවාහ වුනාටත් පසු. එයින් ඔහුගේ ජීවිතය විනාශය කරා ගියා. නමුත් ඔබ එවන් තීරණයක් ගනිද්දි තවදුරටත් හොදින් හිතා බලා කටයුතු කරන්න. ඔබේ ජීවිතය විනාශ වෙනවා මට දරාගන්න බැහැ.
රන්දිමාගේ චරිතය ගැන කියවූ විට හැගුනේ මා ගැන. ඇගේ චරිතයේ ඇතැම් දේවල් සමග මා වෙනස් වුවත් සමහර එක සමාන කම් තිබුණා. රන්දිමා ගොඩක් හිතන දුකක් දැනුනාම පැත්තකට වෙලා කල්පනා කරන චරිතයක්. ඇත්තෙන්ම මාත් ඒ හා සමානයි. හැමදෙයක් ගැනම ගොඩාක් හිතනවා. ඒ වගේම තමා දුකක් කරදරයක් දැනුනාම පැත්තකට වෙලා ඔහේ ඒ ගැන හිත හිත ඉන්න මා ගොඩක් කැමතියි.
රන්දිමාට ගොඩාක් යහලුවන් සිටියා ඇගේ දුකේදි ඔවුන් එක් වෙලා ඇගේ සිත වෙනස් කිරිමට වෙහෙසෙනවා. නමුත් මට ඒ තරම් මිතුරන් නැහැ කොටින්ම කිවොත් එක් කෙනෙක්වත් නැහැ. online මිතුරන් කිහිපදෙනෙක් සිටියත් ඔවුන් දුක අහලා අනික් පැත්තෙන් තවත් කෙනෙක් එක්ක විවේචනය කරන එකයි කරන්නෙ. ඒ අතින් නම් වෙනස්.
ඇය සෙනාල්ට බෙහෙවින් ආදරය කරනවා. සෙනාල් ඇයව හැරගිය පසුත්. මමත් ඔබට බෙහෙවින් ආදරෙයි. ඔයා තේරුම් නොගත්තා වුනත් මාව කෙතරම් මග අරින්න උත්සාහ කලත් මා තවමත් ඔබ අසලම දැවටෙන්නේ ඔබට තිබෙන ආදරය නිසාමයි. ඔයාට කෝල් කරන්නේ මට අල ගෙඩියක් හම්බ වෙනවාට නෙවේ මා ඔයාට ආදරේ නිසාත් මගේ එකම සතුට ඔය නිසාත්.
රන්දිමාට අජේ පිළිබදව ආදරයක් වැනි හැගිමක් ඇති වෙනවා. ඉන්පසු හසන්ත සමග විවාහ වෙන්න කැමති වෙනවා ඔහුගේන් ලැබෙන ආදරය නිසා. නමුත් මට කිසිවෙකු ගැන තවමත් ආදරයක් ඇතිවී නැහැ. එමෙන්ම කිසිවෙක් මා ආදරයෙන් අමතාවත් නැහැ. එවන් දෙයක් මට වුවමනා නැහැ. මට ඕනේ කරන්නේ ඔබේ ආදරය පමණයි ඔබේ ආදරණිය වදන් පමණි.
සෙනාල් ඔහු කල වරද තේරුම් ගත් පසු සුභානිගෙන් වෙන්වී රන්දිමා සමග විවාහ විමට කැමැත්තෙන් සිටියත් රන්දිමා එයට කැමැත්තක් දක්වන්නේ නැහැ. මාද එලෙසමයි ඔබ වෙන කෙනෙක් හා විවාහවී පසුව මගේ ආදරය වැටහී ඇය හැරදමා ම ලගට පැමිණෙන්න හැදුවාට මා එයට කැමති නැහැ. ඔයා තවමත් නීතියෙන් කෙනෙක් හා බැදිලා නැහැ. දැන්ම තේරුම් අරන් ඇගෙන් ඈත්වෙලා මා සමග පුරුදු ලෙස ආදරෙන් ජීවත් වෙන්නට පැමිණේ නම් මා ඔබව ආදරෙන් පිළිගන්නවා පෙරටත් වඩා.
මට නිවසින් ගෙනා මංගල් යෝජනා කිසිවකට මට කැමතිවන්නට නොසිතෙන්නේ මා ඔබට බෙහෙවින් ආදරය කරන නිසාමයි. නමුත් ඔබ මා සමග විවාහවිම ප්‍රතික්ෂේප කලවිට පැමිණෙන කෙනෙක් සමග විවාහවීමට තීරණය කලත් හැමදෙනාම දෑවැද්ද ගැන සොයන්න පටන් ගත්තා. කිසිවෙක් කැමති වුනේ නැහැ.
මා දැන් සියල්ල හිතින් බැහැර කර ඉවරයි. තවත් ටික දිනක් බලා සිටිනවා ඔබ දිනක් පොරොන්දු වුනා තීරණය වෙනස් වීමට ඉඩ ඇතැයි කියා. ඒ ටික දිනට පසු මා නැවත ඔබ මුණ නොගැසේවි. මගේ හීන බොදවෙලා යාවි. අපි ආයෙමත් ආත්මෙක මුණ ගැසුනොත් මෙවන් වෙන්වීමක් නොපතා ඉමු. කවදාවත් නොසිදෙන මගෙ ආදරේ අපි මැවූ හීන මගේ හිතේම ගුලි කරන් ඈත දුරකට යන්නම්.
රන්දිමා මෙන් තවකෙකුගේ ආදරයට ලොබ බැද අසරණ වන්නට හයියක් මගේ හිතට නැහැ.
ඔබේ සතුට ඇය නම් කැපකරන්නම් මගේ සතුට නුබ වෙනුවෙන්..... පුංචි පුංචි රණ්ඩු නිසා ජීවිතේම දුක් වෙන තීරණ නම් ගන්න එපා. ඔබ දුකට පත්වේවි....

Thursday, January 17, 2013
කතා පොතක්....
මේ මම පහුගිය දවසක කියවූ කතා පොතක්. ඒකේ නම "සඳ ඔබ මගේ" ධම්මිකා සුරංජි පතිරණ. මගේ හිතට ගොඩාක් දැණුනු කතාවක්. ඒ තරමටම මගේ කතාවට ටිකක් දුරට සමාන කමක් තිබුණා. මෙහෙම ඒ ගැන ලියන්න හිතුවේ ඇයි කියලා මට තේරෙන්නේත් නැහැ.
මේ කතාවේ කතා නායිකාව රන්දිමා. ඇය පත්‍ර කලාවේදිනියක්. ඇගේ කතාව මුල විතරයි මගේ කතාව වගේම. ඒත් මට බයක් දැනෙනවා අනාගතයේදී මටත් ඒ වගේ වේවිද කියලා.
කතාව ආරම්භ වෙන්නේ රන්දිමා මංගල උත්සවයකට සහභාගී වෙනවා. ඒ ඇය අවුරුදු පහක් ආදරය කල පෙම්වතාගේ. ඔහු ඇයව අතහැර වෙන කෙනෙක් හා විවාහ වෙනවා. ඇයට මංගල උත්සවයට ආරාධනා කරනවා. ඔහු පවසන්නේ ඇය මංගල උත්සවයට සහභාගී නොවුන හොත් ඇය ඔහුට වෛරකරනවා කියා සිතෙන බවයි.
මේ නිසා රන්දිමා සෙනාල්ගේ මංගල උත්සවයට සහභාගී වෙනවා. ඇය බොහොම හිත් වේදනාවෙන් කාලය ගතකරනවා. ඇගේ පත්තරේ මිතුරු කැල ඇයගේ සෙවනැල්ල මෙන් ඈ සමගම සිටිනවා. මෙලෙස කාලය ගෙවීයද්දී රන්දිමාට ආදරය රැකවරණය අවශ්‍ය වෙනවා. ඒ කාලයේදිම ඈ සමග ජීවත් වන මවගේ යෙහෙලියගේ සහෝදරයාගේ පුතා මිතුරෙක් සමග ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණෙනවා.
ඔහුගේ මිතුරා අජේ හමුවන ඇය ඔහු කෙරෙහි යම්තරමකින් පැහැදෙනවා. නමුත් ඔහු සමග වැඩි කාලයක් ඇයට ගත්කිරිමට අවස්ථාවක් නොලැබී යනවා. හේතුව ඔහු නැවත ලංකාවෙන් පිටව යනවා ඔහු ඉන්දියන් ජාතිකයෙක් නිසා. මේ අතරම ඈගේ මවගේ මිතුරිය ඇගේ සහෝදරයාගේ පුතා හසන්ත පිළිබදව යෝජනාවක් ඇය වෙත ගෙන එනවා.
මේ අතරම ඇගේ පරණ පෙම්වතා සෙනාල් ඇයට නිතර නිතර කෝල් කරනවා. ඇය ඔහුව මග හැරිමට හැකි තරම් උත්සාහ ගන්නවා. ඒ අතර එක් දවසක් සෙනාල් ඇයට කෝල් කරනවා ඇගේ නිවස ඉදිරිපිට සිට ඇයව දකින්න අවශ්‍ය බව පවසමින්. කෙසේ හෝ ඇය ඔහුව දකින්නට යනවා. සෙනාල් පවසනවා ඇය සමග කතා කරන්න ඔනේ කියලා. නමුත් රන්දිමා පවසන්නේ ඇයට ඔහු සමග තවත් කතා කරන්න දෙයක් නැහැ කියලා. මේ වන විට ඔහු හොදටම මත්වී තිබුණි. ඇය එසේ පවසනවා සමගම සෙනාල් වේගයෙන් වෑන් රථය පදවාගෙන යනවා. ඔහුට වැඩි දුරක් යාමට ඉඩ ලැබෙන්නේ නැහැ.
ඔහුගේ වෑන් රථය අනතුරට ලක් වෙලා ඔහු රෝහල් ගත කරනවා. මේ ඇසූ රන්දිමාද කලාන්ත විම නිසා රෝහල් ගත කරනවා. ඉන්පසු ඇය රෝහලින් පැමිණි පසු ඇය සෙනාල් බැලීමට යනවා. එහි සිටින සෙනාල්ගෙ බිරිද රන්දිමාට බැන වදිනවා. ඉන් අනතුරුව නිවසට පැමිණෙන ඇය හසන්තව විවාහ වීමට කැමති වෙනවා. සෙනාල් බැලීමට නැවත නොයන ඇය දිගටම පත්තරේ වැඩට යනවා. මේ අතර සුභානි සෙනාල්ගේ බිරිද රන්දිමා හමුවට පැමිණ ඇයට සෙනාල්ගෙන් ඈත් වෙන ලෙස තර්ජනය කරනවා. මෙයින් රන්දිමා තව දුරටත් කල කිරෙනවා.
මේ අතර ඇය හසන්ත සමග විවාහ වීමට කැමැත්ත දෙනවා. මීට හේතුව වන්නේ හසන්ත බොහොම ආදරයෙන් ඇය කරදරයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී ඈ අසලම සිටි නිසාත් ඔහු බෙහෙවින් ඇයට අවශ්‍යව තිබු ආදරය, කරුණාව රැකවරණය ලබාදුන් නිසාත්ය. මෙලෙස ඔවුන් විවාහ උත්සවයට සුදානම් වන කාලයේදී නැවත වරක් සෙනාල් ඇයට කරදර කිරිමට පටන් ගන්නවා.
මෙලෙස රන්දිමා පසුපස පැමිණෙන සෙනාල් පවසන්නේ ඔහුට ඇය අමතක කල නොහැකි බවයි. ඔහු සුභානිගෙන් දික්කසාද වී ඇය සමග විවාහ වීම්ට කැමති බව පවසනවා. මෙයට අකමැතිවන රන්දිමා දැඩිසේ ඔහුව මග හරිනවා. මේ අතරම සෙනාල් සියදිවි නසා ගැනීමටද උත්සාහ දරනවා. ඉන්පසු රන්දිමා හසන්ත සමග ඔවුන්ගේ මංගල ඇදුම් බැලීමට නුවර යනවා. මෙලෙස ගොස් නැවත පැමිණෙන ගමන රෑවෙන අතරම වර්ෂාව පවතිනවා. වර්ෂාවේ ගමන් කිරිම රන්දිමාගේ හිතට් අනියත් බියක් දැනෙන නිසා ඇය ඔහුට පවසනවා එදින නවාතැන් ගෙන පසුදින කොළඹ බලා පිටත් වෙමු කියා.
මෙලෙස නතර වන ඔවුන්ගේ ජීවිතවල තීරණාත්මක සිදුවීමක්. ඉන් පසු දින කිහිපය සාමාන්‍ය ආකාරයට ගතවන අතර එක් දිනක් රන්දිමා රැකියාව හමාරවී නිවසට පැමිණෙන අතරදී ඇය හමුවට සෙනාල් පැමිණෙනවා. සෙනාල් ඇය සමග කතා කිරිමට වුවමනා බව පැවසුවත් ඇය ඔහුව ගණන් නොගෙන සිටිනවා. ඒ දුටු සෙනාල් රන්දිමාට තර්ජණය කරනවා ඇය වාහනයට ගොඩනොවුනහොත් වාහනය වෙනත් වාහනයකට හප්පා ජීවිතය නැතිකර ගන්නා බවට.
මේ ගැන බියවූ රන්දිමා ඔහුගේ වෑන් රථයට ගොඩවුනා. කතා බහකින් තොරවම මද දුරක් ගමන් කලා. ඒ අතර පාර මරුවෙන පිරිසකට සෙනාල් වාහන්ය නතර කරන අතර රන්දිමා වාහනයේ දොර හැරගෙන බැස්සා. නමුත් ඇයට බහින්න ලැබුනේ නැහැ සෙනාල් වාහනය ඇද්දුවා. ඇය රෝහල් ගතකලා. ඇගේ පාදයක් බිදී තිබුනා. ඒ අතරම ඇගේ විවාහ උත්සවයට යොදාගෙන තිබුණු දිනය පහුවී ගියා. හසන්තට නැවත හදිසියේම ඕස්ට්‍රේලියාවට යන්න සිදුවෙනවා.
මේ නිසා හසන්ත රන්දිමාට යෝජනා කරනවා විවාහය චාම් ලෙස රෙජිස්ටර් කිරිමට. ඇය එයට එකග වන අතර ඔවුන් විවාහ වී හසන්ත පසුදිනම රට හැර යනවා. ඉන්පසු ටික දිනක් ගතවන අතර රන්දිමාද ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට් හසන්ත කටයුතු කරනවා.
රන්දිමා ඕස්ට්‍රේලියාවට යනවා. ඈ එහි යනවිට හසන්ත සමග ලංකාවට පැමිණි අජේ ද නවාතැන්ගෙන සිටින්නේ ඔවුන්ගේ නවාතැනේමයි. ඇය පැමිණි දිනයේම අජේ පිටත්ව ගියේ ඔවුන් දෙදෙනාට නිදහස ලබා දිමටයි. ඉන්පසු මාස කිහිපයක් සාමාන්‍ය පරිදි ගෙවි යන අතර අජේ ද හසන්ත හා රන්දිමා සමග එකම නිවසේ වාසය කරති. මෙ අතර දිනක් හසන්ත ඔහුගේ සියලු මිතුරන්ට සාදයක් නිවසේ සැලසුම් කරන ලදී. එදින සාදය හොදින් පැවතුණි. සාදය අවසන්ව නින්දට ගිය රන්දිමාට මැදියම් රැයේ ඇහැරී බලන විට අසල හිදි හසන්ත දක්නට නොමැති නිසා ඇය සාලයේ සෝපාවට ගොස් වැතිර සිටියා. එවිටම වගේ හසන්ත අජේගේ කාමරයේ සිට පැමිණෙනවා රන්දිමා දුටුවා. එතැන් පටන් රන්දිමා හසන්ත සමග කතා නොකල අතරම අජේ ද ඔවුන්ගේ නිවසින් පිට විය.
මෙලෙස ටික දිනක් ගත විය. අවසානයේදි රන්දිමා තමාට නැවත ලංකාවට යාමට අවශ්‍ය බව පැවසිය. ඒ අනුව හසන්ත ඇයට එම කටයුතු සූදානම් කර දීමට නිවසින් පිට විය. මේ අතරදි රන්දිමා ඇගේ පත්තරේ මිතුරියක් අමතා තමාගේ සියලු විස්තර කියන ලදී. එවිට ඇය පැවසුයේ ඒවා අමතරක කර දමා හසන්ත සමග සමගි වන ලෙසයි. එලෙසම ඇය පැවසුයේ සෙනාල මිය ගිය බවත් ඇය සමග සිටි මවගේ මිතුරිය ආගිය අතක් නැති බවත්ය. මේ ගැන ඇසු රන්දිමාට සියල්ල එපා විය.
මේ ගැන ඇසූ ඇයට නැවත ලංකාවට යෑම එපා විය. ඇය හසන්තට ලිපියක් තබා ඇදුම් සියල්ලද රැගෙන පිටත් විය. ඇය ඕස්ට්‍රේලියාවේදි ඇයට ලැබුණු මිතුරියක වන අප්සරා සොයා ගියේ කිසිදු අරමුණක්න් තොරවය.

Monday, December 10, 2012
දුක්බර ජීවිතයක්....
කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ලියන්න යන්නේ කවුරුත් අහන්න කැමති නැති කියවන්න කැමති නැති දුක්බර කතාවක්. මේක කියවලා සමහර විට කාටවත්ම දුක හිතෙන්නේ නැති වේවි. කියවලා අන්තිමට පිස්සු කියලා කියන අයත් ඉදිවි. ඒත් අපේ ජිවිතේ දුක දරාගන්න අමාරු ලොකු දුකක් වෙන්නේ අපිටමයි.... කර කියාගන්න කියා ගන්න කෙනෙක් නැතිම නිසා මම මෙතන ලියනවා.
මම පුංචිම පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 2 මාස 11 වෙනකම් ගොඩක් ආදරේ ලැබුවා. මම ඉපදෙන්න ඉද්දි අම්මායි අප්පච්චියි අක්කායි තුන් දෙනා ඉදලා තියෙන්නේ පොඩි කුලි ගෙදරක. ඒ ගෙදර පොඩි වුනත් සතුට ගොඩක් තිබිලා තියෙනවා. අපේ අම්මායි අප්පච්චි හරි ගොඩක් සමඟියි. අපේ ගෙදර ගොඩක් වැඩ කෙරුණේ අප්පච්චිගේ අතින් හේතුව වුනේ මම ඉපදෙන්න ඉද්දි අම්මාව මහන්සි කරන්න අකමැති නිසා, මා ඉපදුනාට පස්සේ අම්මා මගේ වැඩ කරන නිසා.
මම ඉපදෙද්දි අපේ අක්කාට අවුරුදු 8යි. මම ඉපදුනේ තනියෙන් නෙවේ. මාත් එක්කම අයියා කෙනෙක් හිටියා මට වඩා එයා විනාඩි ගාණක් වැඩිමල්. ඒත් එයා ඉපදිලා ටික වෙලාවකින් මට එයාව නැති වුනා. අදටත් මට හිතෙනවා අයියාවත් හිටියා නම් කියලා. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නැහැ. මම ඉපදුනාම අපේ ගෙදර සතුට තවත් වැඩි වෙලා තියෙනවා. අප්පච්චි අම්මා අක්කා මේ හැමදෙනාම මට ගොඩක් අදරෙයි. අපේ අප්පච්චිගේ පැත්තේ නෑදෑයෝ මට අදරේ වුනාට අපේ අම්මාගේ අක්කායි එක මල්ලි කෙනෙකුයි හැරුනාම මම වෙන සහෝදරයෝ අම්මාට ඉන්නවා කියලා දැනගත්තේ ලගදි
මාව නෑව්වේ කැව්වේ හැමදේම කලේ අප්පච්චි. අප්පච්චි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් මාව හෝදලා ලස්සන ඇදුමක් අන්දලා වඩාගෙන තමා අනිත් හැම වැඩේම් කරන්නේ. අම්මා ඉස්කෝලේ ඇරිලා එන්න පරක්කු වෙනවා. ඒ ආවාම මට කිරි බොන්න විතරයි අප්පච්චි මාව අම්මා ලඟට දෙන්නේ. අප්පච්චි තරම් මට ආදරේ කල කවුරුත් නැහැ. මාව රෑට නිදි කරවන්නේත් අප්පච්චිම තමා. එහෙම නිදි කරවන්න කලින් හඳ තියෙන රෑක් නම් එලියේ සිමෙන්ති පඩියේ ඉදගෙන මාව ඔඩොක්කුවේ තියාගෙන කවි කියනවා. අම්මයි අක්කයි දෙන්නවත් ලගින් තියාගෙන. කවි කියලා මාව නැලෙවුවෙත් අප්පච්චි. මාව නලවන්න කිව කවි වලින් මම ගොඩාක්ම ආසා "හදපානේ වැලිතලා... සුරකුමරියෝ මල් සලා...." කවි වලට.
ඒ කාලේ ගොඩක් ලස්සනයි. මට අප්පච්චිගේ අම්මාගේ අක්කාගේ ආදරේ ගොඩක් ලැබුණා. ඒත් හරි අහම්බෙන් කාලය වෙනස් වුණා. මට අවුරුදු 2 මාස 10 අක්කාට අවුරුදු 9 මාස 11. අක්කාට අවුරුදු 10 ලබන්න දවස් ගානක් තිබුණේ. අපේ අප්පච්චි හදිස්සියේම අසනීප වුනා. ගැස්ට්‍රයිටිස් නිසා අමාශය තුවාල වෙලා. මාසයක් ඉස්පිරිතාලේ හිටියා. එක දවසක් මාව එක්ක ගියා බලන්න. අප්පච්චි කිවා "බඩ රිදෙනවා මගෙ පුතේ" කියලා. මම කිවා "අප්පච්චි කොට්ටේ බඩට තියලා තද කරගන්න" කියලා. කොහොමහරි අප්පච්චි හොද වුනා. අගෝස්තු 27 අප්පච්චි ගෙදර එන්න හිටියේ සනීප වෙලා.
ඒත් අවාසනාවකට වගේ අපේ අප්පච්චි එදා පාන්දර අපිව දාලා ගියා. අයේ කවදාවත්ම අපි ලගට එන්නේම නැති වෙන්න අපිව දාලා ගියා. අපේ අප්පච්චිව ගමේ අරන් ගියා. මම හිතුවේ අප්පච්චි නිදි කියලා. මම ලගට ගිහින් කතා කලා අප්පච්චිට නැගිටින්න කියලා. අම්මාට කිවා අප්පච්චිව ඇහැරවන්න කියලා. ඒත් මගේ අප්පච්චි නැගිට්ටේ නැහැ. මාත් එක්ක කවදාවත් තරහා වෙන්නේ නැති අප්පච්චි තරහා වෙලා නිදාන හිටියා. අප්පච්චිව සොහොනට ගෙනිහින් වල ඇතුලට දාලා පස් දාද්දි මම කෑගහලා ඇඩුවා අපේ අප්පච්චිව වහන්න එපා කියලා... ඒ වෙලාවේ තමා මට තේරුනේ අප්පච්චි අයෙමත් මාව වඩාගෙන ඉන්න එන්නේ නැහැ කියලා.
ඊට පස්සේ අපි ආයෙම ආවා අපේ කුලී ගෙදරට. අපිට ලොකු තනි කමක් දැණුනා. අපේ අම්මාට තනියෙන් ගෙදර වැඩ කරන්න පුරුද්දක් තිබුණේ නැහැ. කෑම හැදුවාට ඒවා රස නැහැ. ඊටත් වඩා අම්මා අසනීප වුනා. අම්මාට ඇඳුම හැදුනා. දුක දරාගන්න බැරි කමටම. වෙලාවකට අම්මා පරිප්පු හදනවා පොල් කිරි දාලා නැහැ. රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න මතක නැහැ. ඉස්කෝලේ ගිහින් එන එක මොනවා හරි රස නැතිව හරි අපිට උයලා දෙන එකයි විතරයි අම්මාට කරන්න පුලුවන් වුනේ. අම්මා බදින්න කලින් ගෙදර ගතකලේත් බැන්දට පස්සේ ගත කලේත් සැපවත් ජීවිතයක්. ගොඩක් සල්ලි නැති වුනත් අම්මාට කරදර තිබිලා නැහැ.
අප්පච්චි නැති එක අපිට දරාගන්න බැරි වුනා. ලොකු අම්මායි චුටි මාමායි දෙන්නා සතියකට වතාවක් ඇවිත් අපේ ගෙදර අස් කරලා රෙදි හෝදලා කෑම හදලා කවලා ගියා. හැමදාම අම්මා මට කෑම කවද්දි මම එපා කියනවා හේතුව අප්පච්චිගේ බත් ගුලි තරම් රස නැහැ ලොකු වැඩියි. ඒ නිසා මම අතින් කන්නම් කියල ටිකක් කනවා. අම්මාට නිදි කරවන්නත් එපා කියනවා අප්පච්ච්ට තරම් ලස්සනට අම්මාට කවි කියන්න බැරි නිසා. මම තනියෙන් ඔහේ හිත හිත නිදාගන්න පුරුදු වුනා. කාලයත් එක්ක මම තනි වුනා.
අම්මා වුනත් ගොඩක් කරදර වලට මුණ දුන්නා. අපිට දුක විතරක්ම නෙවේ සමාජයෙන් කරදර ආවා ආර්ථික අපහසුකම් වලට මුණ දෙන්න වුනා. අපි ගොඩක් දුක් වින්දා අපේ අප්පච්චි අපිව දාලා ගියාට පස්සේ. අම්මාට තිබුණ කරදරත් එක්ක අපිට ඉස්සර වගේ ආදරේ කරන්න වෙලාවක් අම්මාට තිබුණේ නැහැ. ඒත් කවදාවත් අපෙන් ඈත් වුනේ නැහැ. මම පොඩි කාලේම අම්මාට මාව තනියෙන් තියලා යන්න වුනාම දොර වහගෙන ඉන්න කියනවා අක්කා එනකම්. මම ඒ වෙලාවට කියනවා මට සමනලයෙක් වගේ ඔහේ යන්න හිතෙනවා පාර දිගේ කියලා. අම්මා ගොඩක් බයෙන් ඉදලා තියෙනවා මම එහෙම යයි කියලා.
කාලය ගෙවිලා ගියා අපි දුකසේ ටික ටික ලොකු වුනා. මම ඉස්කෝලේ ගියේ අම්මාගේ ඉස්කෝලේවත් අක්කා ගිය එකටවත් නෙවේ. මම ඉස්කෝලේ කැපිලා පෙනෙන කෙනෙක් වුනා මගේ වැඩ නිසා ඒ දග වැඩ නෙවේ. මම ඉගෙන ගත්තා කැපි පෙනෙන විදිහට. ඒ වගේමයි මම කැමති වුන නැහැ කවදාවත් මගේ අප්පච්චි නැති වෙලා කියන්න. ඒකට හේතු ගොඩක් තිබුණා. මම එක වසරේ ඉද්දි අපි පොඩි කුලී ගෙදරක හිටියා. අම්මාට අප්පච්චිගේ සල්ලි වගයක් හම්බ වුනා රුපියල් 17,000ක්. අපේ අම්මාගේ නංගිගේ මහත්තයා (අපේ බාප්පා) අම්මාගෙන් ඒ සල්ලි ඉල්ලා ගත්තා වගා කරන්න මෝටරයක් ගන්න කියලා. වගාව සරු වුනාම ගෙවන්නම් කියලා. පුංචි මම ඇඩුවා අපේ අප්පච්චිගේ සල්ලි දෙන්න එපා කියලා බිම පෙරලි පෙරලි ඇඩුවා. ඒත් අම්මා සල්ලි දුන්නා. නෑදෑකම නැති කරගන්න බැරි නිසා.
ඊට ටික කාලෙකට පස්සේ ඒ කුලීගෙදර අයිති අය ගෙදර ඉල්ලුවා. මාස 6ක අත්තිකාරම් මුදල් තියෙද්දි ඒවා ආපසු නොදීම. අපිට හදිස්සියට ගෙයක් හොයාගන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. එක දවසක් රෑ හදිස්සියේම අපිට යන්න කිවා. ගෙවල් දෙක වෙන් වෙලා තිබුණ දොර ගලවලා අයින් කලා. පිරිමි ඉන්න ගෙදරක් නිසා අම්මා අපි දෙන්නා දෙපැත්තෙන් නිදි කරවගෙන පහනක් පත්තු කරගෙන මුලු රෑම ඇහැරල අපිව ආරක්ෂා කලා.
පහුවදා ඉස්කෝලේ යන්න ඇදුම් අදින්නවත් විදිහක් නැහැ. මම එක වසරේ වුනාට කාමරෙන් පිට ඇදුම් මාරු කරන්න ලැජ්ජායි. ඒ ගෙදර කාමරෙයි සාලෙයි දෙකම එකයි ඉතින් දොර අයින් කලාම අපිට යන්න තැනක් තිබුනේ නැහැ වෙන........
අදට ගොඩක් දිග වැඩි වුනා. ඒත් මගේ හිතේ දුක මම වින්ද දුක මෙහෙම හරි ලියලා තියන්නම්. කවදා හරි ඔයාට කියවන්න. ඔයා අර ගෑණු ළමයා එක්ක කතා කරන්නේ මේ තරම් දුක් වින්ද කෙනෙක්ට තවත් දුක් දිලා කියලා ඔයා දැනගන්න ඔනේ නිසා.

Saturday, November 24, 2012
සිතිය හැකිනම් මොහොතක් මේ ගැනත්.....
ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න හිතුවා. හිතේ තියෙන හැගීම් හිර කරන් දුක් විදින්න බැරිම නිසා. මට ඔයාට කියන්න තියෙන දේවල් කියාගන්න බැහැ. හිතේ තියෙන දුක කියගන්න කෙනෙක් නැති නිසා මෙහෙම හරි ලියලා හිතේ දුක අඩු කරගන්න කියලා හිතුනා.
මතකද ඔයාට දැන් ටික කාලෙකට කලින් ඔයාට australia ඉදන් girl කෙනෙක් call කලා. මහ රෑ පැය දෙක තුනක් එක දිගට. මම ගොඩක් දුක් වුනා ඔයා මගෙන් ඈත් වෙද්දි. ඒ දුක දරාගන්න බැරි කමට මම පැය ගනන් ඔහේ ඇඩුවා. දවසම ඔහේ පැත්තකට වෙලා හිටියා කාත් එක්කවත් කතා කරන්නේ නැතිව. අන්තිමට හිතුවා ජීවිතේ නැති කරගන්න. ඒත් මාත් එක්ක කතා කරපු හැමදෙනාම මගේ හිත හැදුවා. ටික දවසක් ඉවසලා ඉද්දි ඔයා ඒ girl එක්ක කතා කරන එක නතර කලා. අයේමත් මාත් එක්ක ගොඩක් සතුටින් හිටියා.
ඒත් අපි දෙන්නාගේ සතුටට ආයෙමත් මොකක් වුනාද කියලා මට හිතා ගන්න බැහැ. කිසිම දුකක් කරදරයක් නැතිව ආයෙමත් ඔයා එක්ක සතුටින් ඉන්න හිතන් ඉද්දි ඔයාගේ අම්මා අපිව ඈත් කරන්න කතා කලා. ඔයායි මායි ගැලපෙන්නේ නැහැ කියලා. අපි රණ්ඩු වෙනවා සතුටින් ඉන්නේ නැහැ කියලා. මම වැරදි ගොඩක් කලා කියලා ඔයාට මගෙත් එක්ක කතා කරන්න එපා කිවලු ඔයාව සතුටින් තියන්න මට බැහැ කියනවා. ඒත් අපි කොයිතරම් සතුටින් ඉන්නවාද.. අපි අතරේ පොඩි පොඩි හිත් රිදවීම් වුනත් අපි අයෙමත් සමගි වෙලා සතුටින් ඉන්නවා. අපි ගොඩක් රණ්ඩු වුන ඒ පරණ සිදුවීමක් මතක තියාගෙන ඇයි ඇය එහෙම කියන්නේ...
මතකද ඔයාට අපි අතරට බලෙන් කෙනෙක් එන්න හැදුවා ගිය අවුරුද්දේ.. එයා නිසානේද මේ හැමදේම වුනේ.. එයා ඔයාට වඩා අවුරුදු 9ක් වැඩිමහල් එයා ඔයාව අයිති කරගන්න හැදුවා. ඒක මට දරාගන්න බැරි වුනේ ඔයා විතරමයි මගේ ලොකේ.. මට ඔයාව නැති වුනොත් මට ජීවත් වෙන්නවත් බැරි වේවි.
එයා මුලින් මුලින් කතා කරද්දි මම ඔයා ලග හිටියා මම ගනන් ගත්තේ නැහැ. පස්සේ එයා ඔයාට හැමවෙලේම කතා කරන්න පටන් ගත්තා. මුලින් එයාට කවුරුත් නැනේ කියලා පවු කියලා නිහඩව හිටියාට පස්සේ මටත් දුක හිතුනා එයා ඔයාව අයිති කරගන්න තරම් අපේ අතරට ඇවිත් අපි දෙන්නාට කතා කරන්න වෙලාවක් නැති තරමට එයා ඔයාට කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙවේ ඔයාට මතකද එය මට කොයි තරම් බැන්නාද... හදිස්සියේවත් ඔයා රෑට මාත් එක්ක කතා කලොත් එයා හැමදාම මට බැනලා message කලා. මම ඒ හැමදේම පුලුවන් උපරිමේට දරා ගත්තා.
ඒත් මටත් ඒ දේවල් දරාගන්න බැරි තැනටම ආව නිසයි ඔයා එක්ක රණ්ඩු වුනේ එයා එක්ක කතා කරන එක නතර කරන්න කියලා. මම ඔයාලාගේ ගෙදර අය ගොඩක් විශ්වාස කලා. ඒ නිසා මම ඔයා එයා එක්ක කතා කරද්දි ගෙදරට call කලා ඔයාට දැනගන්න එපා කතා කරන්න කියලා. මම ඔයාලාගේ අම්මා මගේ අම්මා වගේම කියලා හිතුන නිසා එයාට හැමදේම කිවා ඔයාට තේරුම් කරලා දේවි කියලා. ඒත් අන්තිමට වුන දේ මට හිතා ගන්නවත් බැහැ. මම දවසක් ඔයාලගේ ගෙදර අවේ හැමදෙයක්ම විසදගන්න. මට ඔයාගේ ගෙදර අලුත් තැනක් නෙවේ නිසා. මම පිළිගන්නවා මම කල ඒ දේවල් වැරදියි කියලා. මම එදා ඔයා එක්ක ගොඩක් රණ්ඩුවෙන්න හේතුව වුනේ ඔයාට ඒ අක්කා එවලා තිබුණ message එකක් කියවලා. මම ඔයාට ආදරේ කරන තරමට ඔයාගෙයි මගෙයි අතරේ තියෙන සම්බන්ධයේ තරමට එහෙම දෙයක් අහුවාම දුක හිතෙන්නේ තරහා යන්නේ නැති වුනොත් ඒ කෙනා මනුස්ස්යෙක් නෙවේ හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් නෙවේ. ඒ වෙලාවේ මම ඔයා එක්ක රණ්ඩු වුනාට මම ඔයාගෙන් අයින් වෙන්නම් කිවට ඔයාටවත් මටවත් බැහැ ඈත් වෙලා ඉන්න. අපි අයෙමත් ලංවුනා. පහුගිය වුන හැමදේම අමතක කරලා.
මම මගේ අතින් වුන වැරදි හැමදේම හදාගත්තා. ඔයා ඒ අක්කාගෙන් අයින් වුනා. අපි ආයේමත් සතුටින් හිටියා. ඒත් එක පාරටම කොහේදෝ ඉදන් අයෙමත් කෙනෙක් අපි අතරට එන්න හැදුවා. ඉස්සර වගේම ඔයා එයාට පවු කියලා එයා එක්ක කතා කලා. ඒත් දැන් අයෙමත් එයා එක්ක ඔයා කතා කරන්නේ නැහැ. ඒත් ඔයාලාගේ අම්මා මගේ අතින් වුන වැරදි පස්සේ තවමත් පන්නනවා. මම ඒ වැරදි හදාගෙන කියලා දැන දැනත් මට දැන් අකමැතියි කියනවා. මම දැන් ඒ වැරදි කරන්නේ නැහැ කියලා හොදටම දන්න ඔයාත් කියනවා අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා.
අපි මේ තරම් දුරක් ආවාට පස්සේ ඇයි ඔයාට හිතුනේ අපි ගැලපෙන්නේ නැහැ කියලා. අපි දෙන්නා මේතරම් ලංවෙන්න කලින් ඔයාටවත් හිතුනේ නැතිද. අපි ලංවෙලා හිටි විදිහට ඔයාට පුලුවන්ද හෘද සක්ෂියට එකගව මගෙන් අයින් වෙන්න.
ඔයාට මතකද ඔයා අර අක්කි එක්ක කතා කරද්දි මම ඔයා එක්ක් රණ්ඩුවෙද්දි ඔයා කියන කතාව. එයා එක්ක යළුවෙලා හිටිය කොල්ලා එයාව රවට්ටලා ගිහින්. ඊට පස්සේ එයා එක්ක යාළු වුන අයත් එයාව බැදලා නැහැ. එයා නොබැද ඉන්න හේතුව කොල්ලෝ එයාව රවට්ටපු නිසා. තනියෙන්ම කාත් කවූරුත් නැති නිසා ඔයා එයාට කතා කලේ. මටත් එයාට පවු හිතුනා. මම එයා මට කතා කරපු වෙලාවක කීවා අක්කේ ගෙදර අයට කියන්න ඔයාට කෙනෙක් හොයන්න කියලා ජොබ් එකත් තියෙනවා ඔයා ලස්සනයි එහෙම බදින්න කියලා. ඒත් එයා මාත් එක්ක රණ්ඩුවුනා ඔයා එයාගේ මට ඔයාගෙන් අයින් වෙන්න කියලා. මට ඔයාව එයාට දෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. මම රහත් වෙලා නැති නිසා.
දැන් මට හිතෙනවා එයා යාළුවෙලා හිටි කෙනා එයාව රැවැට්ටුවාම එයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද.. එදා ඒ අක්කි පවු කියලා මාත් එක්ක කිව ඔයාම දැන් කෙල්ලෙක්ව ඒ තත්වයට දාන්න හදන්නේ ඇයි. ඔයා හොදටම දන්නවා මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා. මට ඔයාව බදින්න බැරි වුනොත් වෙන කෙනෙක්ව බදින්නෙත් නැහැ මම ජීවත් වෙන්නෙත් නැහැ කියලා. ඒතරම් හොදින් මාව දන්න ඔයා ඇයි දැන් මාව අතාරින්න හදන්නේ... අර අක්කිට කෙනෙක් එහෙම කලා කියලා එයාට අනුකම්පා කල ඔයා ඇයි දැන් ඒ තත්වයට වැටෙන්නේ....
ඔයා ගොඩක් හොද කෙනෙක්... මාව තේරුම් ගන්න පුලුවන් ඔයාට විතරමයි. වැරැද්දක් කරන්න එපා ජීවිත කාලෙම පසුතැවෙන්න වෙන විදිහේ. අපි අපිව ගොඩක් හොදට තේරුම් අරන් තියෙනවා. ඔයාට ගොඩක් වෙලාවට මගේ උදවු ඔනේ වෙනවා මට ඔයාගේ උදවු ඔනේ වෙනවා. අපි අපෙන් ඈත් වුනොත් සදහටම අපේ ජීවිත වල ලොකු අඩුවක් තියෙවි... තේරුම්ගන්න හොදින් අපිට අපි නැතිව පැවැත්මක් නැහැ කියන එක......

Tuesday, September 11, 2012
මගේ හිතේ දුක......
මම.... ගොඩක් අයගේ හිතේ තියන දුක නැති වෙන්න SMS කරනවා චැට් කරනවා call කරනවා. එත් එ කවුරුවත්ම නොදකින මගේ ඇතුල් පැත්ත මහ දුක් ගොඩාක්. එයාලාට මම උදවු කරනවා තියා මට වත් මට උදවු කරගන්න බැහැ. ජීවිතේ අන්තෙටම කල කිරිලා ජිවීතේ නැති කරගන්න ක්‍රම හෙවුව කාලේ මගෙත් එක්ක චැට් කරලා ජීවත් වෙන්න හිත හැදුවා කවදාවත් නොදුටු යාලුවො... අමාරුවෙන් පන ගැට ගහගෙන විදව විදව අද වෙනකම්ම හිටියා...
මගේ ආදරේ පෙනි පෙනී මාව අත් ඇරලා ඈතට යද්දි අඩ අඩා එ දිහා බලාගෙන අම්මා හදලා දෙන්න හදන අලුත් ජීවිතේ ගැන උපේක්ෂාවෙන් බලාන හිටියත්... මගේ අතේ කිසිම වැරැද්දක් නැතිව මට චොදනා කරනවා මගේ වැරැද්ද නිසා මට අලුත් ජීවිතයක් හදා දෙන්න බැහැ කියලා.
යොජනා වලින් ගෙදරට එන අයත් එක්ක මම කතා කරද්දි මොකක් හරි වැරදි දෙයක් මගේ ආදරේ ගැන කියනවා ඇති කියලා අපේ අම්මා සැක කරනවා. එත් මම එහෙම කරන්නේ නැහැ. අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. මහා ලොකු ඉඩමක් ගෙයක් නැහැ. ඒ දෙවල් වලට අකමැති අය කියන්නේ මම කෙට්ටු වැඩියි පොඩි වැඩියි වගේ දෙවල්. අම්මා හිතන්නේ මම කියන දෙවල් නිස කියලා.
එ තරම් ඉවසන මට අන්තිමේදි එකෙනුත් හිතට කරදරයක් දුකක් ඉතිරි වෙන්නෙ. අඩුම තරමේ එයාලා ඇත්තම කියනවා නම්....අපේ පවුලේ සමගියවත් තියෙයි...
ජිවිතේ අන්ත අසරණ තත්වයට වැටිලා මම දැන්නම්...
තවත් ටික දවසක් ඔහේ ජීවත් වෙනවා. එත් අයෙත්නම් මගේ ජීවිතේ ගැන තීරණය වෙනස් කරන්න ගොඩාක් අමාරුයි....
ඉන්න ටික දවසට හිත හදාගෙන ඉන්න බැරි වුනත් මගෙත් එක්ක ඉන්න අයගේ හිත හදලා ඊලග ආත්මේදිවත් මේ තරම් දුක් විදින්න වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.....

Tuesday, August 21, 2012
සොදුරු පැතුමන් 01...... ඔයාව අයිති මටයි පැටියො
ට්‍රීං ට්‍රීං ....... ට්‍රීං ට්‍රීං....
කාවින්දිගේ ගෙදර ටෙලිෆොනය නොනවත්වා නාද වෙනවා ඉරිදා උදෙන්ම. කාවින්දි කාමරයට වෙලා කාමරය අස් කරමින් සිටියා නිවාඩු දවස නිසා. කාවින්දිගේ අම්මා දුව ගොස් ටෙලිෆොනය answer කලා.
" හෙලො"
"හෙලො කාවින්දිගේ අම්මාද කතා කරන්නේ"
"ඔව් කවුද මේ කතා කරන්නේ"
"මම නිසල්ගේ අම්මා "
කාවින්දිගේ අම්මා පුදුමයට පත් වුනා. පසුගිය කාලේ කාවින්දිගේත් නිසල්ගේත් සම්බන්ධය විවාහයෙන් කෙලවර කිරීමට ඇයට කතා කලත් ඇය ඒ පිලිබද අකමැත්ත කෙලින්ම කියන්නේ නැතිව නිසල්ගේ හිත තමා කෙරෙහි බිදවූ අයුරුත් අද ඇයම කතා කරන්නේ කුමකටද කියාත්...
"ඔව් කියන්න ඇයි හදිස්සියේ කතා කලේ"
"හදිස්සියක්මත් නෙවේ මම කතා කලේ නිසල්ගෙයි කාවින්දිගෙයි සම්බන්ධය ගැන කතා කරන්න"
"හ්ම්ම් කියන්නකො දැන් ඔයාලාගේ තීරණය මොකක්ද කියලා. පහුගිය වතාවේ නිසල් එක්ක මම කතා කලම එයා බැහැ කියලා කිවා. ඒ වගේම එයා කාවින්දි එක්කත් ගොඩක් රණ්ඩු වෙලා තිබුනා ඒ ගැන. ඉතින් මම කාවින්දිට කෙනෙක් හොයන්න පටන් ගත්තා පත්තරේට දැන්වීමක් දාලා"
"අක්කේ මම හිතන්නේ එහෙම ඔනේ වෙන එකක් නැහැ. දෙන්නාගේ කැමැත්ත තියෙනවානේ අපි ඒ දෙන්නාගේ කැමැත්තට ඉඩ දෙමු"
"මම මුල ඉදන්ම තීරණය කලේ මොනදේ වුනත් දරුවාගේ සතුටට ඉඩ දෙන්න. දැන්වත් ඔයාලා ඒ දේ තේරුම් ගත්තානෙ නංගි. එහෙනම් ඔයාලා පහසු දවසක අපේ ගෙදර එන්න අපි නිදහසේ මේ ගැන කතා කරමු. එන දවස පස්සේ කියන්නකො ගෙදර අයත් එක්ක කතා කරගෙන"
"හරි එහෙනම් මම තියන්නම්. මම එන දවසක් කියන්නම්. බුදුසරණයි"
"හොදයි එහෙම කරමු. බුදුසරණයි"
කාවින්දිගේ අම්මා ටෙලිෆොනය තබා කාවින්දිගේ අක්කා හොයාගෙන ගියා. සිදුවූ කතා බහ ඇයට පවසන් අතරේ කාවින්දිත් ඔවුන් ලගට ආවා.
"ඔන්න එහෙනම් අන්තිමට ඔයා දින්නා"
කාවින්දිගේ අක්කා එහෙම කිවා. මුලින් වුන කතාව නොදන්න නිසා කාවින්දිට හිතා ගන්න බැහැ මොකක්ද කියලා. ඊටත් වඩා පහු වුන දවස් වල අම්මා හොයන මනමාලයො ගෙදර ආව ගිය නිසා නිසල් එක්ක වුන හිත් අමනාපකම් නිසා ගොඩක් හිත රිදිලා හිටි නිසාත් කාවින්දිට අක්කා කියන්නේ මොකක්ද කියලා එක පාරටම හිතා ගන්න බැරි වුනා.
"මොකක්ද අක්කා.. මොකෙන්ද දිනලා තියෙන්නේ... මම ලගකදි මොකක්වත් තරගෙකට ගියෙ නැහැ නේ..."
කාවින්දි එහෙම කියද්දි එයාගේ අම්මාටයි අක්කාටයි දෙන්නාට හොදටම හිනා. කාවින්දි අන්ද මන්දව ඔවුන් දෙස බලා ඉද්දි අක්කාගේ කුඩා දියණිය ඇවිත් ඇයට කරදර කරන්න පටන් ගත්තා.
"අනේ කියන්නකො අක්කා"
"අන්න ඔයාගේ කුමාරයයි එයාගේ ගෙදර අයයි ඔයාලාගේ කසදේ කරන්න කැමති වෙලා එයාලා ලගදිම එනවාලු මෙහෙ"
"කවුද මගේ කුමාරයා කිවේ නිසල්ටද අනේ අම්මා විහිලු කරන්නේ නැතිව "
"ඔව් පොඩි දුව නිසල්ගේ අම්මා කතා කලේ එයාලා දැන් කැමතියි ලු ඔයාලාගේ සම්බන්ධයට. කසාදේ ගැන කතා කරගන්න ලගදි දවසක මෙහෙ එන්නම් කීවා. "
කාවින්දිට සතුට දරාගන්න බැරි වුනා. පහුගිය දවස් වල දන්නේ නැති අය ඉස්සරහාට ලස්සනට ඇදගෙන ඇවිත් හිනාවෙලා කතා කරලා එපා වෙලාහිටියෙ. දැන්නම් ආයෙමත් එහෙම රගපාන්න ඔනේ නැහැ. කාවින්දි එයාගේ කාමරේට දුවගෙන ගිහින් මොබිලෙ එකත් අරන් ඇදේ පෙරලුනේ ඉක්මනටම නිසල්ට කතා කරලා මේ ඇත්තම ඇත්තද කියලා අහන්න.
"හෙලො"
අනෙක් පසින් නිසල්ගේ කට හඩ ඇසුනාම කාවින්දිට කතා කරගන්න බැරිව ගියා සතුට වැඩි කමට.
"හෙලො කාවින්දි ඇහෙන්නේ නැහැ ඔයාව"
"නිසල් මට ඇහෙනවා ඔයාව"
"අයි බබා කතා කරන්නේ නැත්තේ call එක අරගෙන"
"අනේ නිසල් sorry මගේ පන මට සතුට වැඩි කමට කතා කරගන්න බැරි වුනේ"
"ඒ පාර මොකක්ද ඔයාට හදිස්සියේ දැනුණු ලොකු සතුට"
"අනේ නිසල් ඔයානම් හරිම නරකයි මට කිසිම දෙයක් කියන්න දෙන්නේ නැහැනේ"
"හරි බබා දැන් කියන්නකො ඔයාගේ සතුට මොකක්ද කියලා"
"නිසල් ඔයාගේ අම්මා අපේ අම්මාට කතා කරලා මේ දැන්. එයා කැමතිවෙලා අපේ කසාදේ කරන්න. ඔයාලා ලගදි දවසක අපේ ගෙදර එනවා කිවාලු. ඒක ඇත්තද වස්තු. ඒක ඇත්තක්ද? "
"ඔව් පැටියො ඒක ඇත්ත. මට ගොඩක් දුක හිතුනා ඔයා නිකම් විකුණන්න තියෙන දෙයක් වගේ ලස්සනට සරසලා හැම සති අන්තයකම එක එක්කෙනාට පෙන්නද්දි. මට අයිති ඔයාවනේ මම මෙහෙම දුකට පත් කරන්නේ කියලා හිතුනා. මම අපේ අම්මා එක්ක කතා කලා කාවින්දි. අපි එනවා ඔයාලාගේ ගෙදර අපේ කසාදේ ගැන කතා කරගන්න. ඒක ඇත්ත.... ඇත්තටම ඇත්ත...."
"නිසල් මගේ වස්තු මට ගොඩාක් සතුටුයි... කියගන්න බැරි තරම් ගොඩාක්.. මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පන ගොඩක් ආදරෙයි...."
"මමත් ඔයාට ගොඩාක් ආදරෙයි බබා... හැමදාටම. මම දැන් ගමනක් යන්න ලෑස්ති වෙන්න ඔනේ මම ඔයාට පස්සේ කතා කරන්නම් පැටියො"
"හා නිසල්.. බුදුසරණයි මගේ පන..."
"බුදුසරණයි"
කාලෙකට පස්සේ නිසල් බුදුසරණයි කියලා දුරකතනය විසන්දි කලා.
කාවින්දිට ගොඩාක් සතුටුයි. නිසල් අම්මා එක්ක තරහා වෙලා සම්බන්ධය නතර කරමු මට කවදාවත් ඔයාව බදින්න බැහැ කිවාට පස්සේ මේ තරම් සතුටින් හිටි දවසක් මතක නැහැ. පහුගිය දවස් වල දිගටම ඇඩුවා. ඇස් රතු වෙනකම්ම හුස්ම ගන්න බැරි වෙනකම්ම ඇඩුවා නිසල් මගෙන් ඈත් වෙන්න හැදනවා අම්මා වෙන කසාදයක් කරලා දෙන්න හදනවා. ඒ එන කාටවත්ම මම කැමති නැහැ. මට ඔනේ වුනේ නිසල් මගේ නිසල් විතරමයි. හැමදාම හවස පන්සල් ගිහින් මල් පූජා කරලා ප්‍රාර්ථනා කලේ මගේ නිසල්වම මට ලැබෙන්න කියලා. ගොඩක් වෙලාවට අම්මා කිවා වෙන්නේ නැති දේවල් ප්‍රාර්ථනා කරන්න එපා. හොදක් වෙන්න කියලා කියන්න කියලා.
මම අම්මා කිවදේ ඇහුවේ නැති නරක ලමයෙක් තමා. ඒත් මට ඔනේ කලේ ලොකු ලොකු දේවල් නෙවේ නිසල් එක්ක සතුටි ගත කරන පුන්චි පවුලක්. කොහොම හරි හිතුවක්කාර විදිහට හරි ප්‍රාර්ථනා කරලා මම මගේ පන හැමදාටම මගේ කර ගත්තා. පහුගිය දවස් වල හිතේ තිබුණ දුක කොහේ ගියාද නැහැ. මම ඒ දවස් ටික හරිම සතුටින් ගතකලා. මගේ නිසලුත් මමත් ආයෙමත් ගොඩක් ලන් වුනා.
ඒ අතරෙම ඒ සතියේ බ්‍රහස්පතින්දා නිසල්ගේ අම්මා කතා කරලා කිවා සෙනසුරාදා අපේ ගෙදර එයාලා එනවා කියලා.....

Wednesday, August 15, 2012
අයදිමි නුබේ පෙම....
කිසිදු අඩුපාඩුවක් නැති ප්‍රියමනාප පෙනුමක් ඇති
නුබට පෙම් බැන්දෙමි.....
සුරගනක් සේ මනබදනා රුවක් නොවුවද.....
යන්තමින් පෙනුමැතියි මම......
එනමුදු......
හැර යන්නට සැරසේ නුබ මා.....
අයිති වන්නට ඉඩ දී.......
මුදුවක් පලදින්නටවත් නොහැකි ඔහුට.....
අයදින්නට තවත් වරක්
නුබේ පෙම....
අමතන්න මා තවත් එකම් එක වතාවක්වත්....
නුබට පිදු ආදරේ නාමයෙන්
නුබට පෙම් බැන්දෙමි.....
සුරගනක් සේ මනබදනා රුවක් නොවුවද.....
යන්තමින් පෙනුමැතියි මම......
එනමුදු......
හැර යන්නට සැරසේ නුබ මා.....
අයිති වන්නට ඉඩ දී.......
මුදුවක් පලදින්නටවත් නොහැකි ඔහුට.....
අයදින්නට තවත් වරක්
නුබේ පෙම....
අමතන්න මා තවත් එකම් එක වතාවක්වත්....
නුබට පිදු ආදරේ නාමයෙන්
Tuesday, August 14, 2012
මට බයයි බදින්න මගේ කුමාර ජීවිතේ නැති වෙයි කියලා....
නිසල් පවුලේ වැඩිමලා. එයාට නංගි කෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා වුනත් එයා එකම පිරිමි දරුවා නිසා ගෙදරින් මාර සැලකිලි තියෙන්නේ එයාට. එයාලාගේ පුන්චි ඉන්නේ එයාලාගේ ගෙදර.
නිසල් පුන්චි කාලේ එයාව බලාගන්න තමා පුන්චි ඇවිත් තියෙන්නේ. හේතුව එයාලාගේ අම්මා වැඩට යනවානෙ. ඉතින් දැන් නිසල් ගොඩක් ලොකු කෙනෙක් වුනත් එයාගේ පුන්චිට එයා තවම පොඩි බබෙක්.
නිසල් උදේ නැගිට්ටාම එයාගේ පුන්චි එයාට තේ එකක් හදලා ලගටම ගෙනත් දෙනවා. ඉන් පස්සේ නිසල් උදේ එයාගේ වැඩ ටික කරනවා. එයා මුණ හොදලා උදේ ලෑස්තිවුනාම පුන්චි එයාට උදේ කෑම හදලා දෙනවා. එයා එකත් කාලා යනවා. කොහොම හරි නිසල් එයාගේ කිලිටි ඇදුම් කූඩේකට දාලා තියනවා. එයාගේ පුන්චි තමා එවා හොදන්නේ. පුන්චි නිසල්ගේ ඇදුම් හොදලා වෙලලා නවලා අල්මාරියටත් දානවා. නිසල්ට තියෙන්නේ කොහේ හරි යන්න ඔනේ වුනාම අල්මාරිය ඇරලා ඇදුමක් තොරගෙන ඒක ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.
නිසල් එයාගේ වැඩ වලට ගිහින් හවස තුන හතර විතර වෙද්දි ගෙදර එනවා. එයා දවල්ට කෑම අරගෙන යන්නේ නැහැ ඇවිත් තමා කන්නේ. නිසල් ගෙදර ඇවිත් පුන්චිට කියනවා
"පුන්චී බඩගිනියි කමුද" කියලා
එතකොට පුන්චිත් එයාට කැම බෙදලා දෙනවා. නිසල් ඇදුම් මාරු කරගෙන ඇවිත් කනවා. සමහර දවස් වලට නිසල්ට ගොඩක් මහන්සි දවස් වලට එයා පුන්චිට කියලා කවා ගන්නවා.
දවල්ට කෑවාට පස්සේ නිසල් mails බලාලා face book බලලා පත්තරේ එහෙම බලනවා. ඔහොම පැයක් විතර ඉදලා එයා හොදට හවසට නිදා ගන්නවා. හවස 5.30 විතර නිදා ගෙන රෑ 7.30ට විතර නැගිටිනවා. ඉන් පස්සේ මෙයා හිමින් පුන්චිට කිට්ටු කරලා තේ එකක් ඉල්ලනවා. පුන්චිත් එයාට තේ හදලා දෙනවා. නිසල් තේ එක බීලා එයාට miss වුන calls තියෙනවා නම් ඒවාට call back කරලා තියෙන වැඩ ටික කරනවා. ගොඩක් දවසට මෙයාට යාලුවො හම්බ වෙන්න තියෙනවා. ඉතින් අයෙමත් නිසල් ලෑස්ති වෙලා ඒ ගමන් ටික ගිහින් ගෙදර එද්දි රෑ 10 විතර වෙනවා.
ඔය අතරේ විශේෂ දෙයක් වෙනවා ඒ තමා නිසල් කොහේ හරි යනවා නම් ගෙදරින් එලියට බහිද්දි කදුලු සමනලීට call එකක් දෙන්න අමතක කරන්නේ නම් නැහැ. එයාට යන්න ඔනේ තැනට ගිහින් call එක cut කරනවා. ඒ වගේම තමා එයා ආපහු ගෙදර එද්දි තනියෙන් ඇවිදගෙන ආවොත් ගෙදරට එනකම් කදුලු සමනලී එක්ක කතා කරනවා. වෙන කෙනෙක් මුණ ගැහිලා එයා එක්ක කතා කර කර ආවොත් ගෙදරට ආව ගමන් call කරනවා.
ඉන්පස්සේ නිසල් රෑට කෑම කනවා කාලා ඉවර වෙලා අන්තර්ජාලයේ සැරි සරනවා. ගොඩක් වෙලාවට කරන්නේ gmail එකේ face book එකේ එහෙට මෙහෙට වෙවි ඉන්න එකයි බ්ලොග් කියවන එකයි. කොහොම හරි ඔය අතරෙම කාවින්දි එක්කත් කතා කරනවා. ඒ වගෙම තමා නිසල්ට හැමදාම රෑට තේ එකක් ඔනේ. ඒනිසා අම්මා එයාට තේ එකක් හදලා කාමරේටම ගෙනත් දෙනවා.
කොහොම කොහොම හරි 12 විතර වෙනකම් නිසල් කාවින්දි එක්ක කතා කර කර ඉන්නවා. ඉන් පස්සේ phone එක තියනවා. ඊට පස්සේ නිසල් වැරදි වැඩක් කරනවා. එයාගේ පරණ යෙහෙලියක් අයෙමත් face book එකෙන් මුණ ගැහිලා එයා හැමදාමත් පාන්දර 3 විතර වෙනකම් Australia වේ ඉදන් කතා කරනවා. මේ නිසා කාවින්දි නිදාගන්න ගියත් ආයෙමත් ඇහැරෙනවා නිසල්ගේ වැරදි වැඩේ නිසා. කොහොම හරි නිසල් නිදා ගනිද්දි පාන්දර 3 පහු වෙනවා.
මේ ගැන නිසල්ගේ වචනයෙන් කියනවානම් එයාගේ කුමාර ජිවිතය.
කොහොම හරි අද නිසල් ගෙදර එද්දි එයාලාගේ අම්මා වැඩට ගිහින් තාත්තා ගමනක් ගිහින්. පුන්චි නංගිලාගේ ගෙදර ගිහින්. මට කියන්න අමතක වුනානේ නිසල්ගේ නංගි බැදලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. ඉතින් අද නිසල් ගෙදර එද්දි ගෙදර කවුරුත් ඉදලා නැහැ.
ඒ නිසා නිසල් ගෙදර ඇවිත් කෑම බෙදාගෙන කාලා පිගන් හැදි එහෙම හොදලා තනියෙන්ම. ඉන් පස්සේ එයා කොමඩු ගෙඩියකුත් කපාගෙන කාලා. කොහොම හරි නිසල් කොමඩු කන අතරේ කාවින්දි කතා කලා. ඒ වෙලාවේ නිසල් කිවා එයාට බයයිලු දැන්ම කාවින්දිව බදින්න. කාවින්දි ඇහුවා ඇයි කියලා එයාට බය හිතිලා එයාට එයා ගත කරන කුමාර ජීවිතේ අහිමි වෙයි කියලා. නිසල් බය වෙලා බැන්දාට පස්සේ එයාට බෙදාගෙන නෙවේ උයාගෙන කන්න වෙයි කියලා.
කාවින්දි ඒකට කිවේ ඔයා මාව බැන්දොත් ඔයාගේ කුමාර ජීවිතේ ටිකක් හරි ඉතිරි වෙවි. නැතිනම් ඔයාගේ නංගිට පැංචෙක් හම්බවුනාම ඔයාට ඔය තියන් ටික ඔක්කොම නැති වෙලා යාවි කියලා.
නිසල් ඔයා ඇත්තටම ඔහොම ඉස්සරහටත් කුමාරයා වගේ ඉන්න නම් ඔයාට බදින්න වෙනවා. ඔයා කාවින්දිව බැන්දොත් ඔයාට ඔය විදිහටම අතට පයට වැඩ කරලා දේවි. නැතිව ඔයාට මහ රෑ තිස්සේ කතා කරලා ඔයාගේ ජීවිතේට එන්න දගලන Australia වේ ඉන්න කෙනා බැන්දොත්නම් ඔයාට බය වෙන්නම වෙනවා ඔයාගේ කුමාර ජීවිතේ ගැන...

Tuesday, June 5, 2012
මට ඔයා ලග හැමදාම ඉන්න වෙන්නේ නැහැ කදුලු සමනලී......
අපි දෙන්නාගේ ආදරය සතුටින් ගලා ගෙන ගියා. කාලය ගෙවිලා යද්දි අනිත් හැමදේම ඔහේ තියෙද්දි අපි දෙන්නා ගොඩාක් සතුටින් හිටියා. ඒ දවස් වල අපිට lectures තිබුනත් නැතත් අපි ආයතනයට යන්න අමතක කලේ නැහැ. හැමදාම යන්න හේතුව වුනේ අපි දෙන්නාට හැමදාම මුණගැහෙන්න තිබුණ උවමනාව නිසයි.
අපි හැමදාමත් උදේ හවස එකට ආවා ගියා. ඒවගෙම සති දෙකකට සැරයක් park එකට ගිහින් ඔහේ කියව කියව ඉන්න අපි පුරුදු වුනා. ඔහොම ගිය හැමදාම සිහින සමනලයා කලේ කදුලු සමනලී හුළගේ ගහගෙන යයි වගේ ගොඩාක් තදින් ඇගට තුරුල් කරන් උන්නු එකයි. ඔහොම ඉන්දැද්දි කදුලු සමනලීගේ දෙතොල් සිප ගන්නත් අමතක කලේ නැහැ.
දෙදෙනාටම හොරෙන් කාලය ගෙවිලා යද්දි අපි දෙන්නාගේ ආදරයට මාස හයක් විතර වුනා. එ වෙද්දි අපි දෙන්නා අතර ගොඩාක් ලොකු බැදීමක් ඇති වෙලා තිබුනා. ඒත් නිසල්ගේ කලින් තිබුන සම්බන්ධය නවත්තන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඒකට හේතුව කියන්න මම දන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේදි එක දවසක් ඒ girl මට call කල. අන්තිමේදි නිසල්ට සිද්ද වුනා අපි දෙදෙනාගෙන් කෙනෙක් තොරගන්න.
එදා උදෙන්ම අපේ ගෙදරට ලැබුනේ අසුභ ආරන්චියක්. ඒ තමා අපේ අත්තම්මා නැති වුනා කියලා. අපේ අම්මලා උදෙන්ම යන්න ලැස්ති වුනත් මට අනිවාර්‍යයෙන්ම ආයතනයට යන්න ඔනේ වුනා. මට lectures යනවාට වඩා උවමනා වුනේ නිසල් මුණ ගැහිලා එයාගේ තීරණය මොකක්ද කියලා දැනගන්න.
කොහොම හරි එදා මම ගෙදරින් බැනුම් අහගෙනම station එකට අවා. මම එද්දි පරක්කු වුන නිසා නිසල් කලින් train එකෙක්න් බැහැලා මම එනකම් බලන් හිටියා. අපි දෙන්නත් එක්ක වෙන train එකක ගියා. ඒ යන අතරේදි නිසල් එයාගේ තීරණය කීවා. කාවින්දිට ඒ තීරණය දරාගන්න ගොඩාක් අමරු වුනත් එයාට කවදාහරි වෙන්නේ එ දේ තමා කියලා දැනගෙන හිටියා. නිසල් තීරණය කරලා තිබුනේ එයාගේ කලින් girl එක්ක අයෙම සම්බන්ධය තියාගන්නවා කාවින්දිට එයා කැමති වෙන කෙනෙක් ජීවිතේට ලැබෙයි කියලා.
නිසල් එයාගේ තීරණය කිවාම කාවින්දි ගොඩක් දුක් වුනා. එයා ඉන්නේ සෙනග ඉන්න තැනක කියන එකත් අමතක වෙලා ගිහින් ඇස් දෙකෙන් කදුලු වැල් බේරෙන්න ගත්තා. නිසල් ඇගේ ඉන වටේ අතදාලා එයාගේ ඇගට හේත්තු කරගෙන කදුලු සමනලීව සනසන්න හැදුවා.
“අනේ කවින්දි අඩන්න එපා මම ගොඩක් අසරණයි මට එයාව අතරින්න බැරි හේතුවක් තියෙනවා”
“මට දුකයි නිසල් ඒත් ඔයා එයාව අතරින්න එපා මම එහෙම කියන්නේ නැහැ”
“එහෙනම් හොද ළමයා වගේ දැන් අඩන්නේ නැතිව ඉන්න ඔයා අඩනවා බලන් ඉන්න බැහැ මට”
“මම අඩන්නේ නැහැ. ඒත් මට ගොඩාක් දුකයි නිසල් මම ඔයාට ගොඩාක් ආදරෙයි මට අමතක වුනා කවදාහරි ඔයාගෙන් වෙන් වෙන්න වෙනවා කියලා.”
“අනේ කදුලු සමනලී මමයි වැරැද්ද කලේ මට තිබුනා ඔයාට ලං වෙන්නේ නැතිව ඉන්න”
“නැහැ නිසල් ඔයා වැරදි නැහැ. මට හිත හදා ගන්න පුලුවන් කොහොම හරි. අද මම ගෙදර ගියාම අයෙමත් නැවිත් ඉන්නම්. එතකොට මේ හැමැදෙම විසදෙයි. අද දවස අපි දරාගමු. හෙටින් පස්සේ මම කොහොම හරි ජීවත් වෙන්නම්”
“කාවින්දි ඔය හිතනවද ඔයා ඔහොම දුකින් ඉද්දි මට සතුටින් ඉන්න පුලුවන් කියල. මට ඔයාව ඔනේ මගේ රත්තරන්. ඒත් මට කරන්න්න දෙයක් නැහැ”
නිසල් කාවින්දි තවත් තුරුල් කර ගනිමින් කිවා. කාවින්දි ගොඩාක් අමාරුවෙන් කදුලු නතර කරගත්තේ වට පිටේ මිනිස්සු අමුතුවට බලන්න පටන් ගත්ත නිසා. කොහොම හරි දෙන්නා කොටුව ස්ටටිඔන් එකටත් ඇවිත්. අපි දෙන්න එතනින් බැහැලා ආයතනයට යන්න බස් එකට නැග්ගා. බස් එකට නැගලා කෙලවරේ ශේට් එකක ඉදගත්ත කදුලු සමනලී බැග් එක උඩ හිස තියාන හොදටම අඩන්න ගත්තා. සිහින සමනලයාටත් කරන්න පුලුවන් වුන එකම දේ ඇගේ හිස අතගාන එක විතරයි. ඇය අඩනවා බලන් ඉන්න බැරි වුනත් අඩන්න එපා කියන්න පුලුවන් කමක් ඔහුට තිබුනේ නැහැ. ඇයට අඩලා හරි හිත සැහැල්ලු කරගන්න ඉඩ දීලා ඇගේ හිස අතගාමින් වුන්නා බහින තැන වෙනකම්ම.
එදා ආයතනයට ගිහින් වුනත් කාවින්දි වෙනදා වගේ හිනාවෙලා වුන්නේ නැහැ. නිසල් කාවින්දිට කන්න බල කලත් ඇය කැමත් ප්‍රතික්ශේප කලා. ඇගේ මිතුරියන්ද ඇයට කන්න බල කලත් ඇය කදුලු පුරවාගෙන බලන් හිටියා ඇර වෙන කිසිම වෙනසක් දැක්වුවේ නැහැ. නිසල්ට දරාගන්න බැරි තරම් දුකයි.
එදා කාවින්දි එයාගේ යාලුවන් එක්ක project එකට field study කරන්න යන්න දාගෙන තිබුන නිසා එයාල යන්න පිටත් වුනා. ඇය යන දිහා සිහින සමනලයා කදුලු පුරවාගෙන බලන් වුන්නා.
කදුලු සමනලීට යන ගමනේදි වුනත් මතක් වුනේම සිහින සමනලයාව. ඇය ඇගේ මිතුරියට වුන හැමදෙම කිවා. ඇය කාවින්දිව සනසන්න උත්සාහ කලත් ඇයටත් ඇගේ හිත හදන්න බැරි වුනා. කාවින්දි දක්ෂ වුනත් එදා ගිහින් ඇය හැසිරුනේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් ගානට. ඇගේ මිතුරියන්ටත් එය දරාගන්න බැරි දුකක් වුනා.
අවසානයේදි එදාට නියමිත meeting එක ඉවර වෙලා සියලුදෙනාම ආපසු යන්න ආවා. කදුලු සමනලී නුවර යන බස් නතර කරන තැන දැනගෙන හිටියේ නැහැ. සිහින සමනලයා මේ ගැන දැනගෙන වුන්නා. ඒ නිසා ඇගේ හොදම යෙහෙලියට ඇයව බස් එකට නග්ගන්න කියන්න නිසල් අමතක කලේ නැහැ.
එදා කදුලු සමනලී කදුලු පුරවාගෙන ගෙදර ගියා. කෙලින්ම යන්න වුනේ අත්තම්මාගේ ගෙදරට. ඇය එහි යද්දි අත්තම්මාගේ දේහය ගෙනවිත් තිබුනා. ඇයට ඒ ගැන එතරම් හැගීමක් තිබුනේ නැහැ. එයට හේතුව වුනේ මම අත්තම්මාව දැනගත්තේ මම පාසලේ 3 වසරටත් ආවාට පස්සේ නිසා. අන්තිමෙ එදා අම්මා එහේ නතර වුනා. අක්කලා එක්ක මම ගෙදර ආවා. මම ගෙදර ආවට පස්සේ නිසල් කතා කලා. එයා කතා කලේ ගොඩාක් දුකින්. එයා කතා කරන එක හිත රිදවනවා වුනත් කතා කරන්න එපා කියන්න පුලුවන් කමක් මට තිබුනේ නැහැ.
අපි අයෙමත් කොලඹ ආවේ අත්තම්මාගේ හත් දවසේ දානෙත් ඉවර වෙලා. ඒ හිටපු සතිය පුරාවටම නිසල් මට කතා කරන්න අමතක කලේ නැහැ. එයාට ආයෙමත් මාව ඔනේ වුනා. ඒත් මම මගේ හිතට සැලෙන්න දෙන්නේ නැතිව ඉන්න උත්සාහ කලා. කොහොම හරි අපි අයෙමත් ආවා. සුපුරුදු පරිදි මම ආයතනයට ගියා. නිසල්ව මග අරින්න උත්සාහ කලත් එයා ඒකට මට ඉඩ දුන්නේ නැහැ.
ආයෙමත් සිහින සමනලයා කදුලු සමනලීට ලන් වුනා. සිහින සමනලයා කදුලු සමනලීගෙන් ඇහුවා එයාව නැතිව ඉන්න පුලුවන්ද කියලා. කදුලු සමනලී ඇත්තම කිවා ඇය ඒ දේ කරන්න අමාරුයි කියලා. අන්තිමේදි අපි දෙන්නා වෙන දෙයක් වෙන්න කියලා ආයෙමත් ආදරෙන් වුන්නා. ඒත් කොයි තරම් කාලෙකටද කියල දෙන්නාම දැනගෙන උන්නේ නැහැ.

Wednesday, May 30, 2012
මම ඔයාට උම්මා එකක් දෙන්නද....
අද ඉදන් ඉදිරියට කියවන ඔයාලා සමහර විට මගේ කතාවට කැමති නැති වේ. එත් මේ කතාව කියන්න කෙනෙක් නැහැ මට ඒ නිසා මේ හැමදෙම ලියන්නේ... මා ගැන වැරදියට හිතන්නේ නැතිව මේක කියවන්න පුලුවන්නම් දිගටම කියවන්න....
එදාත් සුපුරුදු පරිදි මමත් නිසලුත් ලෙcටුරෙස් ගිය. එදා හවස අපේ ආයතනයේ ගුරුවරියක් අසනීප වෙලා හිටියා. ඇයට සෙත් පතන්න කියලා බොධිපූජවක් සුදානම් කරල තිබුනා. අපේ ආයතනය ලගම පන්සලක තමා තිබුනේ. නිසලුත් කාවින්දිත් දෙන්නා එක්ක එකට සහභාගි වුනා. මතක විදිහට පෙබරවාරි මාසේ.
එදා අපි දෙන්නත් පුලුවන් උපරිමයෙන් බොධිපුජාවට උදවු කරල හවස හිටියා. එදා බොධිපූජාව ඉවර වෙද්දි 6 විතර වුනා. ඒ ඉවර වෙලා නිසල් කාවින්දිවත් එක්කගෙන ගෙදර යන්න ලැස්තිවුනා වෙනදා වගේම train එකේ යන්න තමා දෙන්නා හිතන් හිටියේ.
“කාවින්දි ඔයාව එක්ක යන්න අම්මා කොහෙටද එනවා කිවේ”
“අම්මා කිවා train එකෙන් බැහැලා බස් එකට නැගලා එන බස් එක කියන්න එතනට එන්නම් කියලා.”
“ගෙදර ගාවට බස් එක තියෙන්නේ කියටද අන්තිම”
“ඒකනම් 6.45 මට එකට යන්න බැරි වෙයිනේ නිසල් මම වැව ගාවට යන්නම් අම්මා එයිනෙ”
“ම්ම්ම්ම් නැහැ කාවින්දි ඔයා අම්මට ගෙදර ලග බස් එක නතර කරන තැනට එන්න කියන්න.මම ඔයාව එතනට ඇරලන්නම් හොදේ.”
කදුලු සමනලීට අකමැති වෙන්න හේතුවක් තිබුනේ නැහැ. අවිනිෂ්චිත ආදරයක් වුනත් ඒ ගැන අම්මාට කියන්න කාවින්දි හිතුවා.හේතුව පුන්චි කාලේ ඉදන්ම මම හැදුනේ අම්මා අස්සේම නිසා එහෙම හොරයක් තියාගන්න හිත ඉඩ දුන්නේ නැහැ.
“හා”
අපි දෙන්නා මරදාන station එකට ඇවිත් train එකකට නැග්ගා. ඒ train එක දුර යන එකක් නිසා ගොඩාක් සෙනග හිටියා. අපිට ඇතුලට යන්න ඉඩක් තිබුනේ නැති නිසා දොර කිට්ටුවටම වෙන්න වගේ හිටියේ.
“කාවින්දි අම්මාට කතා කරලා කියන්න”
නිසල් එහෙම කිවාම මම අම්මාට call කරලා කිවා මම දැන් පිටත් වුනා කියලත් නිසල් මාව ඇරලනවා කිවා කියලාත්.
ඉන්පස්සේ නිසල් train එකේ පෙට්ටියට හේත්තු වෙලා මාවත් ලගට කරගත්තා සෙනගට මාව චප්පවෙයි කියලා. ටික දුරක් යද්දි නිසල් කාවින්දිගේ ඉන වටෙන් අත දාලා ටිකක් ලගට කරගත්තා. කාවින්දිටත් එකට විරුද්ධ වෙන්න උවමනාවක් තිබුනේ නැහැ ඔවුන් පෙම්වතුන් නිසා. මුලු ලොකෙටම පෙනුන අසම්මතයක් තිබුනා වුනත් එ දෙන්නා ගොඩක් ආදරේ කල නිසා එකේ වැරැද්දක් ඒ දෙන්නාට තිබුනේ නැහැ. ඔහොම ටික දුරක් එද්දි නිසල්ට වෙනසක් දැනුනා කාවින්දිට පිටි පස්සෙන් හිටපු කෙනාගේ.
“කාවින්දි පිටිපස්සේ ඉන්න කෙනා ඔයට කරදරයි වගේද ඔයාගේ ඇගට එනවාද”
“හ්ම්ම් ඔව් නිසල් ටිකක් ඇගට එනවා තමා”
“ඉන්න මම කියන්නම්”
එහෙම කියලා නිසල් ඒ පුද්ගලයාට බොහොම හොදින් කියලා ටිකක් එහාට වෙන්න කිවා. ඒ වුනත් මේ කෙනා හිටියේ හොදටම බීල. ඒ නිසා ඔහු නිසල් එක්ක වාදෙට පැටලුනා වගෙම වට පිටේ ඉන්න අයවත් කතාවට ඇදගත්තා. අන්තිමේදි වට පිටේ ඉන්න අයත් එකතු වෙලා අපි දෙන්නගේ වැරැද්දක් වගේ බනින්න ගත්තා. ඒවගේම අපිට කරදර කරලා වටේ පිටේ ඉන්න අයවත් එකතු කරගෙන බනිනවා මදිවට ලොකුකම පෙන්නන්න කඩ්ඩෙනුත් බනින්න ගත්තා. නිසල් පැත්තකට වෙලා කට පියාගෙන හිටියෙත් නැහැ.එයාට බොහොම හොදින් වැරැද්ද කිවා. ඒවගෙම කිවා හොදින් කියන්නේ නැතිව ගහලා ඉවර වෙලා කිවානම් හරි කියලා. කොහොම හරි ඒ මනුස්සයා ඉංග්‍රිසියෙන් කතා කරද්දි හිතුවේ අපිට තේරෙන්නේ නැති වෙයි කියලා කොහොම හරි නිසලුත් හොදට කතා කලාම එ මනුස්සයාගෙ සද්දේ නිකන්ම අඩු වුනා.
කොහොම හරි අපි බහින station එකට ආවා. නිසල් මාවත් අල්ලගෙන අමාරුවෙන් සෙනග අතරින් බැස්සා. මම හිතන් හිටියේ නිසල් මාව බස් එකෙන් එක්කගෙන ගිහින් එයා අයෙමත් බස් එකේ එයි කියලා. කාවින්දි නිසල්ගේ අත අල්ලාගෙනම train එකෙන් බැහැලා එලියට යන්න පඩිපෙල දිගේ උඩට නැග්ගා. ඒත් කාවින්දි එලියට යන පැත්තට හැරෙද්දි නිසල් අතින් ඇද්දා.
“කාවින්දි, අපි සෙනග ටිකක් අඩු වෙනකම් ඉදලා යමු. කමක් නැහැනේ”
කාවින්දි කරුවලට බය වුනත් රෑ වෙනවාට බය වුනත් නිසල්ට අකීකරු වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දිත් 7.15 විතරත් වෙලා නිසා කලුවරත් වෙලා. සෙනග ටිකක් අඩු වුනා.
“කාවින්දි, අපි රේල් පාර දිගේ ඇවිදන් යමුද බස් එකේ යන්නේ නැතිව” නිසල් හෙමින් කාවින්දිගේ කනට කරලා ඇහුවා.
කාවින්දිට බැහැ කියන්නත් බැහැ ඒත් බයත් එක්ක.
“නිසල්, දැන් රෑ නිසා කරුවලත් ඇතිනේ ගොඩක් මට බයයි.”
“පිස්සි මම ඉන්නවනේ ඉතින් මම ඔයාගේ අත තදින් අල්ලාගෙන යන්නම්”
ඉතින් දැන් කොහොමටවත් බැහැ කියන්න බැහැ නෙ. ඉන්පස්සේ අපි දෙන්නා අත් අල්ලාගෙන රේල් පාර දිගේ ගියා. ටික දුරක් යද්දි පිටිපස්සෙන් ආව අයට යන්න ඉඩ දීලා අපි හෙමින් ගියා.
“කාවින්දී, මම ඔයාට kiss එකක් දෙන්නද” සිහින සමනලයා කදුලු සමනලීගේ කනට ලන් වෙලා අහුවා.
කදුලු සමනලීට හොදටම බය හිතුනා.
“අනේ එපා නිසල්”
“චුටිම චුටි එකක්”
“අනෙ මට බයයි නිසල් එපා”
“ඔයා බයනම් ඇස් දෙක තදින් පියාගන්න කාවින්දි මම චුටි kiss එකක් දෙන්නම්”
“අනේ මට බයයි”
නිසල් කාවින්දි එහෙම කිවත් ගනන් ගන්නේ නැතිව රේල් පාර මැද නතර වෙලා කාවින්දිව තමන්ගේ දිහාට හරවා ගත්තා. ඉන්පස්සේ එක අතක් කාවින්දිගේ ඉන වටේ දාලා කාවින්දිව තුරුල් කරගෙන අනිත් අතින් බිමට බර වෙලා තිබුන කාවින්දිගේ මුණ උඩට හරවාගෙන සිතල ගැහෙමින් තිබුණු දෙතොල් මත දෙතොල් තියලා උණුසුම් හාදුවක් දුන්නා. කදුලු සමනලී ගොඩාක් බය වෙලා අත් දෙකින්ම සිහින සමනලයාව අල්ලාගෙන තදින් ඇස් පියාන හිටියා. ඒ තමා කදුලු සමනලීගේ කුලුදුල් හාද්ද.
විනාඩි දෙකක් විතරම එහෙම හිටපු නිසල් ලොබ කමකින් කාවින්දිගේ දෙතොලින් මැත් වුනා. කාවින්දිගේ මුණ ලජ්ජවෙන් බිමට බර වෙලා. නිසල් ඒ ඇස් දිහා බලන්න හැදුවත් ඒ ඇස් උඩට එසවුනේම නැහැ.
“ලැජ්ජා හිතුනාද බබා”
“හ්ම්ම් ඔව්”
එහෙම කියමින් කාවින්දී නිසල්ගේ පපුවේ මුණ හන්ග ගත්තා.
“අපි යමු පැටියො පරක්කු වෙනවානේ”
නිසල් කාවින්දිගෙ ඉන වටේ දාගෙන හිටපු අතින් එහෙන්මම ඇයව ඇගට තුරුල් කරන් ඉතිරි ටික ඇවිදන් ගියා. ඒ අතරේ නිසල්ගේ දගකාර අත කාවින්දිගේ චුටි T-shirt එක පොඩ්ඩක් උඩට කරලා පුන්චි බඩ ගෙඩිය හිමින් සීරුවේ කිචි කවමින් අත ගෑවා. ජීවිතේ ඉස් ඉසර වෙලාම පිරිම පහසක් ලබුණු කාවින්දී කිතිය නිසාත් ලැජ්ජාව නිසත් ඇඹරෙන්න පටන් ගත්තා.
“කාවින්දී, ඇයි බබො කිතිද”
“හ්ම්ම් ඔව්”
"මගේ වෙලා ඉන්නවානම් මෙහෙම තමා. මේ කිතිය මම නැති කරනවා කවදාහරි"
එහෙම කියමින් නිසල් කාවින්දිගේ නලල මුදුව සිප ගත්තා.
නිසල් ගොඩක් ආදරෙන් කාවින්දිව තුරුල් කරගත්තා. රේල් පාර ඉවර වුනාම ගෙවල් තියෙන නිසා නිසල් තුරුල් කරන් හිටිය කාවින්දීගේ අතින් අල්ලගත්තා. නිසල් කාවින්දිව එයාගේ අම්මා ලගටම ඇරලලා අම්මාගෙනුත් සමු අරන් ගෙදර ගියා. නිසල්ට ගෙදර යන්න තව පැය දෙකක් විතර ගියා. නිසල් ගෙදර ගිහින් කදුලු සමනලීට call කලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. සිහින සමනලයාට ගොඩාක් සතුටුයි. එයා කීව එකම දේ මගේ කදුලු සමනලී දැන් මගෙමයි මගේ විතරමයි කියලා.

Monday, May 28, 2012
මොනවා වුනත් හැමදාටම මගේ ලගින් ඉන්නවාද....
හැමදෙනාම කිව නිසා මම කදුලු සමනලීටයි සිහින සමනලයාටයි නම් දෙකක් දැම්මා. මම කදුලු සමනලී කාවින්දි, සිහින සමනලයාගේ නම නිසල්......
කාවින්දි සතියක් ගෙදර ගිහින් ඉදලා හිත හදාගන්න හැදුවත් නිසල් එකට ඉඩ දුන්නේ නැහැ. එහෙම කියන්න හේතුව මම ගෙදර යද්දි මගේ phone එකේ credits නැතිව එන call එකක්වත් ආවේ නැහැ. නිසල් කවින්දිගේ phone එකට call කරන්න ගොඩාක් try කලා. ඒත් වැඩකරන්නේ නැති නිසා අන්තිමට කදුලු සමනලීගේ ගෙදරට call කලා. ඉන්පස්සේ කවින්දි එක්ක ගොඩාක් වෙලා කතා කලා. කාවින්දිට කරන්න දෙයක් තිබුනේ නැහැ. නිවාඩු දවස් ටිකේම නිසල් කාවින්දි එක්ක එයාලාගේ ගෙදර phone එකෙන් කදුලු සමනලීගේ ගෙදරටම call කරලා පැය ගානක් කතා කර කර හිටියා. කාවින්දි හිතේ තියෙන දුක හංගාගෙන කතා කලේ සිහින සමනලයාගේ සතුට ගැන හිතලා.ඊටත් වඩා කදුලු සමනලීගේ හිතට වුනත් එහෙම කතා කරන එක සැනසීමක් වුනා.
කොහොම හරි මම නිවාඩු දවස් ටික ඉවර වෙලා ආයෙමත් කොලඹ ආවා. එදා වෙනදා වගේම නිසල් එක්ක උදේ යන්නේ නැතිව තනියෙන් ගියා. එයාට මේ ගැන හොදටම දුක හිතිලා. නිසල් ආයතනයට ගිය ගමන්ම කලේ කාවින්දිව හොයන එක. එත් එයා ඇවිත් හිටියේ නැහැ. කොහොමහරි නිසල්ට කදුලු සමනලීව මුණ ගැහුනේ එදා විවේක කාලයේදි. ඒත් වැඩි වෙලාවකට නෙවේ. කාවින්දි පුලුවන් තරම් නිසල්ව මග ඇරලා ඉන්න උත්සාහ කලේ හිත රිදවාගන්න බැරි නිසාමයි.
එදා අපි දෙන්නාටම lectures නිසා වැඩි වෙලාවක් කතා කලේවත් නැහැ. කොහොම වුනත් අපි දෙන්නා හවස එකටම ආවා. වෙනදාට නිසල් යන train එකේම කාවින්දි ඇවිත් මගින් බැහැලා ඉතිරි ටික තනියෙන් යනවා. ඒවුනත් එදා නිසල්ට කදුලු සමනලී එක්ක තව ටිකක් කතා කරන්න ඔනේ වුන නිසා කාවින්දි බහින තැනින්ම බැහැලා එයාව එයාගේ ගෙදර ලගටම ඇරලන්න එන්න ඇහුවා. මට කරන්න දෙයක් තිබු“කාවින්දි ඔයාට පුලුවන්ද මාව අමතක කරන්න”
“කරන්න දෙයක් නැහැ එහෙම කරන්නම වෙනවානේ”
“එක නෙවේ කදුලු සමනලී ඔයාට පුලුවන්ද එහෙම කරන්න මට බැහැ ඔයව අමතක කරන්න මම ඔයාට ආදරේ, අනේ මට හැමදාටම ඔයාලගට එන්න පුලුවන්නම්”
“නිසල්, මට බැහැ ඔයාව අමතක කරලා දාන්න. ඒත් මට බැහැ වෙන කෙනෙක්ගේ ජීවිතයෙන් ආදරේ උදුරගන්න. අපි කොහොම වුනත් ඈත් වෙන්නම ඔනේ.”
නේත් නැහැ. ඒ නිසා මම නිහඩවම හිටියා. වෙන දවස් වලට මම train එකෙන් බැහැලා ඉතිරි ටික යන්නේ බස් එකේ එත් එදා එයා ඇවිදන් යමුද ඇහුවාම බැහැ කියන්නත් බැරි වුනා.
අපි දෙන්නත් එක්ක රේල් පාර දිගේ ඇවිදන් ගියා. ටික දුරක් ගිහින් නිසල් හෙමින් සැරේ කාවින්දිගේ අතින් අල්ලාගත්තා. මම අත අතැරගන්න try කලේ නැහැ තේරුමක් නැති නිසා. නිසල් මගේ අත් අල්ලාගෙන ඇවිදන් ගියා.
“කාවින්දි ඔය මට ආදරේද” සිහින සමනලයා හෙමින් ඇහුවා.
කාවින්දි තවමත් ගොඩාක් දුකින් ඉන්නේ.
“මම ආදරෙයි නිසල් එත් වැඩක් නැහැ. මම දැන් ඒ දේවල් අමතක කරන්න ට්‍රය් කරන්නේ ඔයා මට උදවු කරන්න හිත හදාගන්න. මම කොහොමත් මේ course එක ඉවර වුන ගමන් නුවර ගෙදර යනවා මේ හැමදෙයින්ම ඇත් වෙලා. අපි ආයෙමත් ඒ ගැන කතා නොකර ඉදිමු.”
“කාවින්දි මොනදේ වුනත් හැමදාටම මගේ ලගින් ඉන්න බැරිද කියන්න කාවින්දි ඔයට බැරිද ඔය ආදරේ මට දෙන්න හැමදාම”
“මම දන්නේ නැහැ නිසල්, මට තේරෙන්නේ නැහැ”
සිහින සමනලයා යන ගමන නතර කරලා එක තැන නතර වුනා. කාවින්දි ඉස්සරහාට යන්න වුනා. ඒත් එයා මගේ අතින් ඇදලා එයාගේ ඇගට ඇදගත්තා. මාව balance නැතිව ගිහින් නිසල්ගේ ඇගේ වදිලා නතර වුනේ. මම තරහින් එයා දිහා බැලුවා. ඒ ඇස් කදුලු සමනලී දිහා ආදරෙන් බලන් ඉන්නවා. ඒ බැල්ම දරාගන්න බැරි වුන මම හෙමින් බිම බලාගත්තා.
“කියන්න මගේ කදුලු සමනලී මොන දේ වුනත් හැමදාමත් මගෙත් එක්ක මගේ ලගින් ඉන්නවා නේද”
කාවින්දි ගොඩක් අසරණ වුනා ඒ ඉල්ලීමත් එක්ක. ගල් කරගෙන හිටිය හිත දිය වෙලා යන්න ගොඩක් වෙලා ගත වුනේ නැහැ. මම කදුලු පුරවාගෙන නිසල් දිහා බැලුවා. ඔහු තවමත් කලින් වගේම මගේ දිහා බලන් ඉන්නවා. බිම බලගත්ත මම බොහොම හිමින් උත්තර දුන්නා.
“මම ඉන්නම් ඔයා ලග මොනදෙ වුනත්”
“යේ මගෙ කදුලු සමනලී හැමදාටම මගේ ලග ඉන්නවා මොනදේ වුනත්. මම ඔයාට ගොඩාක් ආදරෙයි කදුලු සමනලී. කියන්න ඔයත් මට ආදරෙයි නේද”
“හ්ම්ම් ඔව් සිහින සමනලයො මම ඔයාට ගොඩාක් ආදරේ. දැන් අපි යමු”
“යමු”
නිසල් ගොඩාක් සතුටින්. කාවින්දි හිතා ගන්නවත් බැරි වුනා. මගේ හිතට සතුටක් වගේම දුකකුත් දැනුනා. හේතුව තමා අද දවසේ නිසල් තමන් එක්ක හිටියාට කවදා හරි එයාගේ ජීවිතේට ලංවෙලා ඉන්න ගෑණු ලමයා ලගට යන්න වෙයි එතකොට දුක දරගන්න පුලුවන් වේද කියලා. ඒත් මම හිත හදා ගත්තා අද මේ මොහොතේ සතුටින් ඉන්නවා මට ඒ දේවල් එහෙම වෙද්දි දරාගන්න බැරි වුනොත් මම ජීවිතෙන් පැනලා යනවා කියලා.
අපි දෙන්නා ගොඩක් සතුටින් ගියා. නිසල් මාව ගෙදරට හැරෙන පාර ලගට ඇරලුවා. ඉන්පස්සේ එයා ආපහු හැරිලා ගියා.
ඉන්පස්සේ කලය හරිම ඉක්මනට ගෙවිල ගියා. අපි දෙන්නා ගොඩක් ආදරෙන් සතුටින් හිටියා. ඒත් බොහොම ටික කාලයක්.

Subscribe to:
Posts (Atom)